සමස්ත ලංකා තරග ප්‍රථිපළ හා තොරතුරු ලබා දෙමින් අප හට නිරතුරුව සුභ පතන  ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහතාට අපගේ ස්තුතිය.
පාසල් අත්පන්දු මුල්පුටුව ගෝතමී විදුහල්පතිනියට
2016-04-08 18:07:37 | සජීක ජයසිංහ
ශ‍්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමයේ සභාපතිනිය ලෙස ගෝතමී බාලිකා විදුහලේ විදුහල්පතිනී සුභාෂිනී දෙමටගොඩ මෙනෙවිය පත්වුවාය. කොළඹ ඞී.එස්.සේනානායක විදුහලේ කපිල ප‍්‍රදීප් මහතා ලේකම්වරයා ලෙස පත්විය.
සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය (2016/17) පසුගියදා කොළඹ ආනන්ද විදුහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වසරේ සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගිවීමට අපේක්ෂා කරන පාසල් ලියාපදිංචි කිරීමට ද ශ‍්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමය කටයුතු යොදා තිබේ. ලේකම් කපිල ප‍්‍රදීප් මහතා පවසන්නේ අත්පන්දු ක‍්‍රීඩාවට යොමු වීමට කැමැත්තෙන් සිටින දිවයින පුරා පිහිටි පාසල් වලට මේ සඳහා අයැදුම් කළ හැකි බවයි.
පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතා (0773433870) ඇමතීමෙන් මේ පිළිබ වැඩි විස්තර ලබාගත හැකිය.

නව නිලධාරී මඩුල්ල:
සභාපති: සුභාෂිණී දෙමටගොඩ මෙනෙවිය, ලේකම්: කපිල ප‍්‍රදීප් මහතා, භාණ්ඩාගාරික: එන්. ජී. නාරංකොටුව මහතා, නියෝජ්‍ය සභාපති: සුසන්ත බොතේජු මහතා, උප සභාපතිවරු: අයි. එස්. කුලතුංග, රුචිරාණි විජේසුරිය, රොස්ලින් ප‍්‍රනාන්දු, චන්ද්‍රිකා සිල්වා, දර්ශනී කෑදරාගම යන මහත්ම මහත්මීහු, උප ලේකම්: ටී. සුසීමා මහත්මිය, උප භාණ්ඩාගාරික: නෙවිකා ජයසිංහ මහත්මිය, කාරක සභිකයින්: මහේෂ් චන්දන වීරකෝන්, රෝසිනී දිසානායක, කේ.ඞී.උදේනි, පද්මිණී කෑදරාගම මහත්මිය, චමිල අලගේවත්ත, එම්.එල්.සුසන්ත, පී.කේ.ඞී.තිලකරත්න සහ මානෙල් පීරිස් යන මහත්ම මහත්මීහු
- See more at: http://kelimandala.lankadeepa.lk/article/61177/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80-%E0%B6%9C%E0%B7%9D%E0%B6%AD%E0%B6%B8%E0%B7%93-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7#sthash.vfqog4T2.dpuf

2020/04/21





2018/10/18

අනුරාධපුරයේදී පැවැත්වෙන 47 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනයේදී නව තරග වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ටී.ඕ.වී. ආරියවංස බාලක වයස 15 න් පහළ මීටර 80 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් විය.

 රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ එස්. දහම්සා කහන්ගම බාලිකා වයස 15 න් පහළ මීටර 80 කඩුලු පැන දිවීමේ ඉසව්වේ පෙර තරග වාර්තාව සම කිරීමට සමත් වූවාය.


2018/09/19
ජෝන් ටාබට් තරග 
පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000 ක් පමණ සහභාගි වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද (19 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 88 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මේ මස 21 වැනිදා දක්වා දින තුනක් පුරා ‘රිට්ස්බරි’ අනුග්‍රහයෙන් පැවැත්වේ.
අද ඇරඹෙන ජ්‍යෙෂ්ඨ තරගාවලියේදී වයස් කාණඩ තුනකින් (වයස 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ) තරග පැවැත්වේ.
මෙවර තරගාවලියේදී වයස 16 න් පහළ, සහ 18 න් පහළ වයස් කාණ්ඩයන්හි දක්‍ෂතම ක්‍රීඩකයන් 6 දෙනාට ජාතික තලය දක්වා සිය දස්කම් ඔප්නංවා ගැනීමට මූල්‍ය ආධාර සැපයීමටද ‘රිට්ස්බරි’ නිෂ්පාදකයක් වන සිලෝන් බිස්කට්ස් සමාගම ඉදිරිපත් වී සිටී.
වයස 12 න් පහළ, 13න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ තරග ඉසව් සඳහා වන ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට 19 වැනිදා දක්වා අනුරාධපුරයේදී පැවැත්වේ. කනිෂ්ඨ තරගාවලිය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව විශාල වන බැවින් කනිෂ්ඨ තරගාවලිය අදියර තුනකින් පැවැත්වේ.

හංවැල්ල, බෝගම්බර සහ පොලොන්නරුව යන කලාපීය තරග වලින් සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පමණක් අනුරාධපුරයේදී පැවැත්වෙන කනිෂ්ඨ තරගාවලියේ අවසන් වටයට සහභාගි වෙති.

2018/09/16
නිවිතිගල කලාපයේ සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබූ දරු දැරියන් සදහා පුහුණු කදවුරක් 15/16  දින මුද්දුව ක්‍රීඩා පිටියේදී  නිවිතිගල කලාපයේ ක්‍රීඩා අධ්‍යක්ෂ සුමිතා දෙල්ගොඩ ආරචිචි මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත් විණි 

2018/09/15
ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා‍ ශූරතාවලිය
මෙරට ඉපැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් පසල් මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 19 වැනි දා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ ක්‍රීඩා උළලේ දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කරගැනීම සඳහා පාසල් මලල ක්‍රීඩා සංගමයේ අධීක්ෂණය යටතේ මසකට රු.5000ක් බැගින් වසරකට රුපියල් 60000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවයි.එය සංකේවත් කරමින් පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකුට මුදල් ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.
ඒ අනුව ඩී.එම්.එච්.එස්.කරුණාරත්න (වලල ඒ රත්නායක), එච්.එම්.බිමාෂි අස්මිකා (කුලියාපිටිය ම.ම.වි.), එච්.එස්.සඳිනි කවීෂා (දික්වැල්ල විජිත ම.ම.වි.), ඩිලාන් මධුසංක (කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ම.වි.), සඳමිණි බණ්ඩාර (කෑගල්ල සා.ජෝශප් බා.වි.) සහ ඩී.එම්.ඩී.එස්.රත්නසිරි (ඇඹිලිපිටිය මොරකැටිය ම.වි.) ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සුදුසුකම් ලබාසිටියහ.

ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ලෙසින් පැවැත්වෙන ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ ජ්‍යෙෂ්ඨ තරග අවුරුදු 16, 18 සහ 20න් පහළ ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4500කට ආසන්න පිරිසක් එක්වීමට නියමිතය.මේ අවස්ථාවට එක්වූ අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා පැවැසුවේ මෙරට පැරණිතම ක්‍රීඩා උළෙල වන මෙය මෙරට ඉතාමත් දක්ෂ ජාතික හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්‍රීඩිකාවන් බිහිකල තොතැන්න වන බවයි.
මීට සමගාමීව පැවැත්වෙන කනිෂ්ඨ ක්‍රීඩා උළෙල ලබන මස 17 දා සිට 19 වැනිදා දක්වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සමස්ත ලංකා  පාසල් මලල ක්‍රීඩා උළෙල 2018


ක්‍රීඩාව                                                                  

     පැවැත්වෙන දිනය                                                      
            පැවැත්වෙන ස්ථානය
මාර්ග ධාවන සැප්තැම්බර් 06,07 කුලියාපිටිය නගරය
ක්‍රිකට් (සැහැල්ලු පන්දු) සැප්තැම්බර් 08,09,10


1. සඳලංකාව ම.ම.වි.
2. ඇලබඩගම සිංහල ම.වි.
3.පන්නල ම.වි.             
4.බෝපිටිය ම.වි.
5.වික්‍රමශීලා ම.වි.


ක්‍රිකට් (ලෙදර් පන්දු) සැප්තැම්බර් 14,15,16
කුරුණෑගල
1. ශාන්ත ආනා විද්‍යාලය
2. මලියදේව විද්‍යාලය             
3. වෙලගෙදර ක්‍රීඩාංගනය
බාස්කට් බෝල්           සැප්තැම්බර් 08,09,10,11


1. රාජකීය විද්‍යාලය
2. ශාන්ත ජෝශප් වි., මරදාන
3. නාලන්දා විද්‍යාලය
4. සිරිමාවෝ බා.වි.
5. ශාන්ත ජෝශප් බා.වි.,නුගේගොඩ
බැඩ්මින්ටන්සැප්තැම්බර් 09,10,11

1. රාජකීය විද්‍යාලය, කොළඹ 07
2. ඩී.එස්.සේනානායක විදුහල,කොළඹ
ඇරොබික්ස්ජිම්නාස්ටික්      සැප්තැම්බර් 08,09,10

නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනය,         මහනුවර
රග්බි සැප්තැම්බර් 08,09,10

බෝගම්බර ක්‍රීඩා පිටිය, මහනුවර
කරාතේ සැප්තැම්බර් 08,09,10

දිගන නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනය, මහනුවර



කබඩි


සැප්තැම්බර් 08,09,10


අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර
වොලිබෝල්සැප්තැම්බර් 08,09,10,11 රුවන්වැල්ල ජාතික පාසල, රුවන්වැල්ල


ත්‍රෝ බෝල්


සැප්තැම්බර් 16,17,18


මහවැලි ක්‍රීඩාංගනය,ඇඹිලිපිටිය


නෙට්බෝල්


සැප්තැම්බර් 16,17,18


සුමංගල ජාතික පාසල, හික්කඩුව


චෙස්


සැප්තැම්බර් 16,17,18


ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ
පාපන්දු සැප්තැම්බර් 16,17,18,19
අනුරාධපුර
1. ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය
2. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
3. යුනයිටඩ් ක්‍රීඩාංගනය      අනුරාධපුරය
4. බන්ධනාගාර ක්‍රීඩාංගනය
5. මහජන ක්‍රීඩා පිටිය
6. නගරසභා ක්‍රීඩාංගනය
එල්ලේ සැප්තැම්බර් 16,17,18

අනුරාධපුර 1. සාලියපුර ගජබා යුද හමුදා ක්‍රීඩාංගනය
2. සමාධි ක්‍රිකට් ක්‍රීඩා පිටිය                                අනුරාධපුරය
3. දීපානි මහ විදුහල
4. හමුදා සංඥා බලකා මූලස්ථානය


ටේබල් ටෙනිස්


සැප්තැම්බර් 15,16,17


ශාන්ත තෝමස් ක්‍රීඩාගාරය , ගල්කිස්ස


කැරම්


සැප්තැම්බර් 16,17,18


රාජකීය විද්‍යාලය - කොළඹ 07
හොකී සැප්තැම්බර් 16,17,18
1 කෘතිම ක්‍රීඩාංගනය, කොළඹ 07
2 රාජකීය විද්‍යාලය, කොළඹ 07
3 ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ 04


පිහිණුම්


සැප්තැම්බර් 21,22,23


සුගතදාස පිහිණුම් තටාකය, කොළඹ


ජිම්නාස්ටික්


සැප්තැම්බර් 25,26,27


සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය, කොළඹ


ටෙනිස්


සැප්තැම්බර් 25,26


ටෙනිස් සංගම් මූලස්ථානය, කොළඹ



2018/09/11
පාසල් සිසු සිසුවියෝ 2400 කගේ සහභාගිත්වයෙන් කුලියාපිටිය නගරයේදී පැවැති ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මාර්ග ධාවන තරග මාලාවේ ශූරයා ලෙස අඹගස්දෝව ජනාධිපති විදුහලේ එරංග මධුශංක නයනජිත්ද, ශූරිය ලෙස කුලියාපිටිය මාධ්‍ය මහ විදුහලේ පාරමි වසන්ති මාරිස්ටෙලාත් ශූරතා දිනා ගත්හ.
එහිදී විශේෂත්වය වන්නේ එරංග මධුශංක මෙම මාර්ග ධාවන තරගය පිට පිටම ජයගත් තෙවැනි අවස්ථාව මෙය වීමයි. ඒ අතර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මීටර 2000 - බාධක දිවීම බාලිකා ඉසව්වෙන් අංක එකට පැමිණ සිටි කුලියාපිටිය මධ්‍ය මහ විදුහලේ පාරමී වසන්ති මාරිස්ටෙලා මෙම මාර්ග ධාවන තරග මාලාවේ බාලිකා ඉසව්වට තරග වදිමින් ජයග්‍රහණය ලැබුවාය.
මීටර 3000 බාධක දිවීමේ (කාන්තා) ඉසව්වෙන් පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ඇය දෙවැනි ස්ථානයත් ජාතික කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව වාර්තාවක් සමගින් එම ඉසව්වත් ජයගත් ක්‍රීඩිකාවකි. බැංකොක්හිදී පැවැති යොවුන් ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ඇය මීටර 2000 බාධක බාලිකා ඉසව්වත් ලෝක ශ්‍රේණිගත පළමු ස්ථානය ලැබුවත් (විනාඩි 6 තත්ත්පර 35.42) මේ වනවිට ඇය එහි පසුවන්නේ තෙවැනි ස්ථානයේය.
මෙම තරග මාලාවේදී අඹගස්දෝව ජනාධිපති විදුහලේ දස්කම් කැපී පෙණුනේ බාලක ඉසව් දෙකේම ජයග්‍රහණ ඔවුන් සතුකර ගැනීමට සමත් වීමෙනි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ශාරිරික අධ්‍යාපන හා ක්‍රීඩා) සුනිල් ජයවීර මහතා මහතා පැවැසුවේ මෙවර තරග මාලාවට සිසු සිසුවියන් 2400 දෙනෙකු සහභාගිවීම එම තරග මාලාවට එතෙක් සහභාගි වූ වැඩිම පිරිස බවයි.
මෙවර බාලිකා ඉසව්ව ජයගත් පාරමි වසන්ති මාරිස්ටෙලා ලබන ඔක්තෝබර් 6 වැනිදා ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදි ආරම්භ වන තෙවැනි යොවුන් ඔලිම්පික් උළෙලටත් සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවකි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. එම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස මෙවරත් තරග මාලාවට අනුග්‍රහය දැක්වූ නෙස්ලේ (නෙස්ටමෝල්ට්) ලංකා සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති බන්දුල එගොඩගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ශාරිරික අධ්‍යාපන හා බාහිර ක්‍රියාකාරකම්) කර්නල් මංජුල ප්‍රදීප් කාරියවසම් එහි විශේෂ උපදේශක සුනිල් ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

2018/08/28
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 200 කාන්තා ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අසමත් වූවාය. 
අද (28 වැනිදා) පැවැති අවසන් පූර්ව වටයේ පළමු තරගයට සහභාගි වූ රුමේෂිකා, තත්පර 24.05 ක කාලයක් වාර්තා කරමින් එහි 6 වැනි ස්ථානයට පත් වූවාය. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් 16 දෙනා අතරින් රුමේෂිකාට හිමි වූයේ 10 වැනි ස්ථානයයි. 
රුමේෂිකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී තත්පර 23.79 ක කලයක් වාර්තා කරමිනි. ඒ අනුව බලන කළ ඇගේ අවසන් පූර්ව වටයේ තරග නිමි කාලය, මූලික වටයේ තරග නිමි කාලයට වඩා තත්පර 0.26 කින් අඩු වී තිබේ.  
  2018/04/11        

 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ලබන ඔක්‌තෝබර් 01 වැනිදා සිට 05 වැනිදා දක්‌වා බදුල්ල වින්සන්ට්‌ ඩයස්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට යෝජනා වී තිබේ.

 සමස්‌ත දිවයිනම ආවරණය වන පරිදි පාසල් 10,000 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව ඇත. පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලවලින් පසුව කොට්‌ඨාස, කලාප සහ පළාත් තරගවලට සහභාගි වෙමින් ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගි වේ.
 මෙවර ක්‍රීඩා උළෙල අදියර 04 ක්‌ යටතේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අංශය පියවර ගෙන ඇත. එහිදී පළමු අදියර ජුනි මස 29, 30 සහ ජූලි 01 දිනවලදීත් දෙවැනි අදියර සැප්තැම්බර් මස 16, 17 සහ 18 දිනවලදීත් පැවැත්වෙන අතර ජවන හා පිටිය මලල ක්‍රීඩා සහ ශාරීරික යෝග්‍යතා තරග අවසන් අදියර වශයෙන් ක්‍රියාත්මක කෙරේ.
           සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට අයත් මලල ක්‍රීඩා තරග ඉසව් අවුරුදු 20 න් පහළ, 18 න් පහළ, 16 න් පහළ 14 න් පහළ සහ 12 න් පහළ යන වයස්‌ කාණ්‌ඩ යටතේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනූව පළමු අදියර යටතේ වෙරළ වොලිබෝල්, මල්ලවපොර, ජූඩෝ, ටයිකොන්ඩෝ, ඉර ඉසිලීම, ශාරීරික අභ්‍යාස, පාපැදි, ටෙනිස්‌ සහ බොක්‌සිං තරග පැවැත්වෙන අතර දෙවැනි අදියර යටතේ මාර්ග ධාවන තරග, හොකී, පැසිපන්දු, ක්‍රිකට්‌, කරාතේ, බැඩ්මින්ටන්, පිහිනුම්, ත්‍රොaබෝල්, ඇරොබික්‌ස්‌, රග්බි, පාපන්දු සහ වොලිබෝල් තරග පැවැත්වීමට නියමිතය. තෙවැනි අදියර යටතේ දැල්පන්දු, එල්ලේ, චෙස්‌, මේස පන්දු, කැරම් සහ ජිම්නාස්‌ටික්‌ ආදී තරග පැවැත්වීමට යෝජිතව ඇත.
 ඉකුත් වසරේ දියගමදී පැවැති සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලක ශූරතාව මීගමුව මාරිස්‌ටෙලා විදුහල විසින්ද එම බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක විදුහල විසින්ද දිනා ගන්නා ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර සහ අධ්‍යක්‍ෂ (පුහුණු හා සැලසුම්) මංජුල කාරියවසම් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක්‌ මගින් මෙවර තරග සැලසුම් කර තිබේ.

2018/08/09

සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ සුභපැතුම්

96 වැනි ජාතික මහා ක්‍රීඩා  උලෙල 2018,කඩුලු දිවීමේ ඉසව්වෙන් ,පළමු  ස්ථානයට පත් වු රත්නපුර ගොඩකවෙල රොශාන් දම්ම්ක ට සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ උණුසුම් සුභපැතුම්

2018/08/10
නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලැබූ අවුරුදු 12න් පහළ පළාත් පාපන්දු තරගාවලියේ බාලක ශූරතාව කින්නියා අල් අක්සා විදුහල් කණ්ඩායමටත්, බාලිකා ශූරතාව කුරුණෑගල කවිසිගමුව ගාමිණී විදුහල් කණ්ඩායමටත් හිමිකර දෙමින් පසුගියදා නිමාවට පත්විය.
බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියේදී පැවැති මෙම අවසන් තරග වටයේ බාලක අවසන් පූර්ව තරග සඳහා කින්නියා අල් අක්සා විදුහල, යාපනය ශා. ජෝන්, මලකළපුව ශදුලිය විදුහල හා යාපනය ශා. හෙන්රික්ස් යන විදුහල් කණ්ඩායම් සුදුසුකම් ලබා තිබූ අතර, බාලිකා අවසන් පූර්ව තරග සඳහා කුරුණෑගල කවිසිගමුව ගාමිණී, කෑගල්ල පල්ලලෙකනුගල විදුහල, මීගමුව විද්‍යාලංකාර හා පස්සර විදුහල් කණ්ඩායම් සුදුසුකම් ලබා තිබිණි.
අවසන් තරගවලදී යාපනය ශා. හෙන්රික්ස් විදුහල් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත්කළ කින්නියා අල් අක්සා විදුහල් කණ්ඩායමට බාලක ශූරතාවත්, මීගමුව විද්‍යාලංකාර විදුහල් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කළ කුරුණෑගල කවිසිගමුව ගාමිණී විදුහල් කණ්ඩායම බාලිකා ශූරතාවත් දිනාගනු ලැබීය.
බාලිකා ෙතවන ස්ථානය සබරගමුව පළාත 


2018/08/07
පාසල් පුහුණුකරුවන්ට සම්මන්ත්‍රණයක්
අධ්‍යාපන අම්‍යාතංශය සහ පාසල් ක්‍රිකට් සංගමය එක්ව පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් සංවිධානය කරන සම්මන්ත්‍රණයක් මේ මස 10 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අධ්‍යාපන අම්‍යාතංශ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. 
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ 2 වැනි පියවර ලෙස පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වන්නේ පුහුණුකරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීම සහ ඔවුන්ගේ දැනුම එකම මට්ටමකට ගැනීමයි. 
පුහුණුකරුවන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම සහ ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරු දේශන පැවැත්වීමට නියමිතය. 

2018/08/06

බාසිලෝනා යන්නත් සුදුස්සන් තෝරන 12න් පහළ ‘මයිලෝ’ පාපන්දු තරගාවලිය ලබන      8-   9 බදුල්ලේදී  

නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අවුරුදු 12න් පහළ පළාත් පාපන්දු තරගාවලියේ අවසන් තරග අගෝස්තු 8 හා 9 යන දෙදින බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.




2018/07/06
XXVIII වෙනි සබරගමුව පළාත් පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය - 2018
XXVIII වෙනි සබරගමුව පළාත් පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය සමාරම්භක උත්සවය පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.මෙම තරගාවලිය සඳහා රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ සියලු ම අධ්‍යාපන කලාප නියෝජනය කරමින් පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700ක් පමණ එක්ව සිටියහ.එහිදී කුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී ජයග්‍රහනය ලැබූ පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මූල්‍ය ප්‍රදානයන් ද සිදුකරනු ලැබීය.මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය, ආණ්ඩුකාර සහකාර ලේකම් ශමේධානි මාතරහේවගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රුවන් ප්‍රේමරත්න සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ උපසාර අලහකොන් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
2018/06/23

                   සමස්ත ලංකා පාසල්  සහාදිවීමේතරගාවලිය 

ධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය (Relay Carnival- 2018) හෙට (24) අනිද්දා (25) සහ ලබන 26 දිනවල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,000  කට ආසන්න සංඛ්‍යාවකගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත  අතර වයස අවුරුදු 12,14, 16, 18 සහ 20 න් පහළ  වයස් කාණ්ඩවලින් තරග ඉසව් 38 ක් යටතේ පැවැත්වේ.
 බාලක පාසල් 263 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4,200 ක් ද, බාලිකා පාසල්  225 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ  3,600 ක් ද මෙම තරගාවලිය සඳහා සහභාගිවිමට නියමිතය.

2018/05.09
 මලයාසියානු විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය 
මැයි මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා මලයාසියාවේ ක්වාලලාම්පූර්හි ජාතික ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත මලයාසියානු විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සිවු දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ. මේ සදහා සබරගමුව පළාත් පාසල් තරගාවලියේන් දස්කම් පෙන්වන ලද අනෙක් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ රුමේෂිකා රත්නායකයි. පසුගිය ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම දිනාගැනීමට සමත්ව සිටින ඇයගේ මීටර් 200 හා මීටර් 100 හොඳම කාලය බවට පත්ව ඇත්තේ තත්. 23.40ක් හා තත්. 11.51කි.

2018/04/04
නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශය තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ළමා මලල ක්‍රීඩා උළෙලේ 5 ශේ්‍රණියේ අවසන් තරග අප්‍රේල් 6 වැනිදා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.ඒ අනුව පසුගිය වසරේදී කොට්ඨාස, කලාප හා පළාත් මට්ටමින් තරග පවත්වා අවසන් වශයෙන් ජයග්‍රහණය කළ පිරිමි කණ්ඩායම් 57ක්, කාන්තා කණ්ඩායම් 59ක් හා මිශ්‍ර කණ්ඩායම් 50ක් මෙවර පැවැත්වෙන තරගාවලිය සඳහා මුහුණ දීමට නියමිතව ඇත.කෙසේ වෙතත් මෙම තරගාවලියේ 3 හා 4 ශේ්‍රණිවල අවසන් තරග පසුගිය මාර්තු 3 හා 4 වැනිදා යන දිනවලදී බෝගම්බරදී පැවැත්විණි.  

2017 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සමස්ත ප්‍රතිඵල මෙසේය.
ශූරතාව: බස්නාහිර පලාත (ලකුණු 1268)
අනුශූරතාව: මධ්‍යම (526)
3 වැනි ස්ථානය: වයඹ (438)
4 වැනි ස්ථානය: සබරගමුව (355)
5 වැනි ස්ථානය: දකුණ (347)
6 වැනි ස්ථානය: උතුර (158)
7 වැනි ස්ථානය: උතුරු මැද (57)
8 වැනි ස්ථානය: ඌව (52)
9 වැනි ස්ථානය: නැගෙනහිර (38)


2017/07/10
 22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය
ක්‍රීඩා අංශයේ සුභ පැතුම්  
දකුණු ආසියාවේ වේගවත්ම මීටර් 100 ධාවිකාව වන රුමේෂිකා මීටර් 200 ඉසව්ව තත්. 23.43 ක කාලයකින් නිමා කරමින් අදාළ රිදී පදක්‌කම දිනා ගත්තාය.අවසාන තරගය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් ඊයේ පෙරවරුවේ පැවැති මීටර් 200 තරගයේදී සිය හොඳම කාලය වාර්තාකර ගත් රුමේෂිකා එම ඉසව්ව තත්. 23.40 කින් තරගය නිමා කළාය.කෙසේ නමුත් මීටර් 100 ඉසව්වේ ආරම්භයේ ඇතිවූ දොaෂය හේතුවෙන් පළමු දිනයේදී රුමේෂිකාට එම ඉසව්වෙන් ඉවත් වීමට සිදුවූ නමුත් මෙවර මීටර් 100 ඉසව්වේ රන් පදක්‌කම දිනාගත් කසකස්‌ථානයේ වික්‌ටෝරියා සිබ්කිනාව පළමු මීටර් 200 සුදුසුකම් ලැබීමේ වටයෙන් දෙවැනි ස්‌ථානයට ඇද දැමීම විශේෂත්වයක්‌ බවට පත්විය.

2016/ 07 /08සිට පැවැත් වීමට තිබූ පළාත් පාසල් ක්‍රීඩා 22 වැනිදා සිට 26 දක්වා කල් දමන ලදී .

සබරගමුව පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත්
සහකාර ක්‍රිඩා අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන්ගේ තොරතුරු

සබරගමුව පළාතට අයත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු පහත සඳහන් ලේඛණයේ දක්වා ඇති බව කාරුණිකව දන්වමි.   


නම
තනතුර
රාජකාරි ලිපිනය
පෞද්ගලික ලිපිනය
දුරකථන අංකය
01
ඒ.එම්. උපසාර අලහකෝන් මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
පළාත් අ.කා. ගැටන්ගම ,රත්නපුර
අඹන්පිටිය , කෑගල්ල.
0714407757
02
පී.බී.ජී.ටී.බී. වෑගන්තලේ මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කළාප අධ්‍යාපන කා. කෑගල්ල
වෑගන්තලේ , මාවනැල්ල
0772943129
03
ඩී.ඒ.ඩී.එස්. දෙල්ගොඩආරච්චි මිය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කළාප අධ්‍යාපන කා. නිවිතිගල
තුත්තිරිපිටිය , නිවිතිගල
0718300708
04
ආර්.සි. රාජපක්ෂ මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කළාප අධ්‍යාපන කා. දෙහිඕවිට
තිවගිරිය , බුලත්කොහුපිටිය
0718725329
05
එස්.පී.  සමරසේකර මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කළාප අධ්‍යාපන කා. රත්නපුර
පියල් සෙවන ගොරොක්ගොඩ රත්නපුර
0718291507
06
නිමල් කරුණාතිලක මයා
ක්‍රිඩා සම්බන්ධිකරණ නිලධාරි
කළාප අධ්‍යාපන කා. ඇඹිලිපිටිය
42/1කෙලින්වීදිය , රක්වාන
0718291491
07
නලින් ගුණරත්න මයා
ක්‍රිඩා සම්බන්ධිකරණ නිලධාරි
කළාප අධ්‍යාපන කා. බලංගොඩ
120/8ඒ දෙනියකුඹුර බලංගොඩ
0714477450
08
පී.එම්.ඩී.නීල් පෙරේරා මයා
ක්‍රිඩා සම්බන්ධිකරණ නිලධාරි
කළාප අධ්‍යාපන කා. කෑගල්ල
නො. 232 පල්ලෙදෙනිය පාර කෑගල්ල
0718121880


                                                                                                             

                                      පාසල් මලල ක්‍රීඩාවට වයස වෙනස්‌වෙයි
මේ වන විට පාසල් මලල ක්‍රීඩා ක්‌ෂේත්‍රයේ තරග පැවැත්වෙන වයස්‌ කාණ්‌ඩයන් එළැඹෙන වසරේ සිට වෙනස්‌ කරන බවට ක්‍රීඩා අමාත්‍යාංශ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන්කර සිටියේය.
ඒ අනුව වයස අවු. 15 න් 17 න් හා 19 න්, 21 න් පහළ යන වයස්‌ කාණ්‌ඩයන් ඉදිරියේදී වයස අවු. 14 න් 16 න් 18 න් මෙන්ම 20 න් පහළ වශයෙන් වෙනස්‌කරන බවට ඒ මහතා පවසා සිටියේය.
'ඉදිරියේදී පැවැත්වෙන තරගයන්aහිදී අපි ජාත්‍යන්තර වයස්‌ කාණ්‌ඩයන්ට අනුව තරග පැවැත්වීමට කටයුතු කරගෙන යනවා. එහෙම කළාම අපිට ජාත්‍යන්තර තරග වලට අමුතුවෙන් පවත්වන්න ඕනේ වෙන්නේ නැහැ. මෙහෙම කළොත් ඒaක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලොකු පහසුවක්‌ කියලා අපි හිතනවා.' යනුවෙන් සුනිල් ජයවීර මහතා වැඩිදුරටත් පැවසීය.


තරග වැඩසටහන සංශෝධනය කිරීම
කැරම් තරග              (පෙර දිනය ) 2016 05/17       සංශෝදිත දිනය2016/ 06/04
ත්‍රෝබෝල්                (පෙර දිනය ) 2016/ 05/17     සංශෝදිත දිනය2016/ 06/04
ජිම්නාස්ටික් තරග       (පෙර දිනය ) 2016/05/17      සංශෝදිත දිනය2016/ 06/03
ශාරීරික අභ්‍යාස          (පෙර දිනය ) 2016/05/17      සංශෝදිත දිනය2016/ 06/03
කබඩි                      (පෙර දිනය ) 2016/05/15/16 සංශෝදිත දිනය2016/ 06/005/06   ර/ ඇබි/ජනාධිපති. වි







2016/05/16
ක්‍රීඩා අංශයේ සුභ පැතුම් 
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ ග්‍රේෂන් ධනංජය, රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ අකිල රවිසංඛ, මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසලේ තුම්පිම්ම ක්‍රීඩක චමල් කුමාරසිරි හා මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත චන්ද්‍රෙස්න, එළැඹෙන ජුලි මස 19 වැනිදා සිට 24 වැනිදා දක්වා පෝලන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය සංවිධාන කරන අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගනිති.
අකිල රවිසංඛ වයස 20න් පහළ මීටර් 110 කඩුලු පැන දිවීමේ තරගය තත්පර 14.19කින් නිමකළ අතර එම ඉසව්වේ 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පරිසාධන මට්ටම තත්පර 14.20කි. ඔහු ඉතා සියුම් කාල පරාසයකින් 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීම කැපී පෙනේ.
අකිල විසින් බිහිකළ නව කනිෂ්ඨ තරග වාර්තාව 2012දී සුපුන් විරාජ් රන්දෙනියගේ වාර්තාව මකා දැමීමකි.



2016/05/14
ක්‍රීඩා අංශයේ සුභ පැතුම්
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නව තරග වාර්තාවක්
වයස 20 න් පහළ පිරිම් ( මීටර් 110 කඩුලු පැන දිවීම )
 ඒ.වි.ජි. ඒ. රවිශංඛ ( රත්නපුර සීවලී තත්පර 14.19)
 වයස අවු. 16 න් පහළ දක්‌ෂතම ක්‍රීඩිකාවට හිමි සුසන්තිකා ජයසිංහ කුසලාන දිනාගැනීමට කෑගල්ල සා. ජෝසප් බාලිකා විද්‍යාලයේ පියුමිණි වීරසූරිය සමත්වූයේ මීටර් 100 බාලිකා ඉසව්වෙන් තත්. 12.63 ක දක්‌ෂතාවක්‌ දක්‌වමිනි.

2016/04/27
සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම් 

                                        
මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පැවැති අන්තර් නගර කබඩි කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව නි‍යෝජනය කරමින් එක්වූ කෑගල්ල දිස්ත්‍රික් කබඩි කණ්ඩායම සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් විය. එහි අනුශූරතාව බස්නාහිර පළාත් කණ්ඩායමත්, තෙවැනි ස්ථානය නැඟෙනහිර පළාත් කණ්ඩායමත් හිමිකර ගැනීම විශේෂත්වයක් විය.
සාගර වර්ණකුලසූරිය (පුහුණුකරු) එක්ව සිටි අතර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) උපසාර අලහකෝන්, කෑගල්ල කබඩි කළමනාකරු ගාමන් පතිරණ මහත්වරුද මේ සංචාරයට එක්වූහ.
ජයග්‍රාහී කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත්, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී.කුලරත්න යන මහත්වරු එක්ව සිටියහ.


2016/04/04
සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා 2016 තරග සංවිධාන කටයුතු පිළිබද පළමු රැස්වීම අද දින ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපසාර අලහකෝන් මහතාගේ ප්‍ර‍ධානත්වයෙන්  සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙිදී පෙ.ව.8.30 ආරම්භ වුණා.

2016/03/29
DSI සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහයෝගයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය හා එක්‌ව 16 වැනි වරටත් සංවිධානය කරනු ලබන DSI සුපර් ස්‌පෝර්ට්‌ස්‌ වොලිබෝල් තරගාවලිය සඳහා අයෑදුම්පත් කැදවීම මේ වන විට ආරම්භකර තිබේ.

ග්‍රාමීය මෙන්ම නාගරික පළාත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා සංවර්ධනය කරගැනීමට උපකාර කොට ඔවුන්ට ජාතික මට්‌ටමට හා ජාත්‍යන්තර මට්‌ටමට රැගෙනයාමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක මෙවර තරගාවලිය මැයි මස 07 දා සිට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට වොලිබෝල් ක්‍රීඩාව හදුන්වා දී වසර 100 ක්‌ සපිරෙන මේ වසරේදී 5500 කට අධික පාසල් කණ්‌aඩායම් සංඛ්‍යාවක්‌ මෙම තරගාවලියට එක්‌කර ගනිමින් ඒ හරහා මෙරට සෑම පාසලක්‌aම වොලිබෝල් ක්‍රීඩාවට යොමු කර ගැනීමට අනුග්‍රාහක DSI සමාගමේ ප්‍රධාන අපේක්‌ෂාව වී තිබේ.
ඒ අනුව මෙවර තරගාවලිය දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් හා ජාතික මට්‌ටමින් පැවැත්වෙන අතර දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ තරග මැයි මස 07 දා සිට ජුනි 06 දා දක්‌වාද, ඊට අදාළ ජාතික මට්‌ටමේ තරග ජුනි 20 වැනිදා සිට 26 වැනිදා දක්‌වාද පැවැත්වෙන අතර එහි අවසන් තරග ජූලි 15 හා 16 යන දිනයන්හිදී ද පැවැත්වීමට සංවිධායකයින් සැලසුම්කර ඇත.
වයස අවු. 14 න්, අවු. 16 න් හා අවු. 18 න් පහළ බාලක හා බාලිකා වශයෙන් වයස්‌ කාණ්‌ඩ තුනක්‌ යටතේ මෙවර තරගාවලිය ක්‍රියාත්මක වන අතර නියමිත අයදුම්පත් භාර ගැනීම හෙට (31 දා) අවසන් වේ.
තරගාවලියට අදාළ අයදුම්පත් සියලුම පාසල් වෙත යොමුකර ඇති බවත්, ඒ හැරුණුවිට රට පුරා ව්‍යාප්තව පවතින DSI ප්‍රදර්ශනාගාර වලින්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවල ක්‍රීඩා අංශයන්ගෙන් හා කලාප අධ්‍යාපන කාර්යාල වලින්ද මේ සඳහා අයදුම්පත් ලබාගැනීමට හැකි බව තරග සංවිධායකයෝ පවසති.
තරගාවලියට අදාළ අයදුම්පත් අලෙවි අංශය, ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම, නො. 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයට තැපැල් මගින් යොමුකළ යුතුය. එසේ යොමුකරන සෑම ලියුම් කවරයකම වම් පස ඉහළින් 'DSI සුපර් ස්‌පෝර්ට්‌ස්‌ පාසල් වොලිබෝල් තරගාවලිය 2016' ලෙස සදහන් කළ යුතුය. 

2016/03/22

2016/03/22
මේ දිනවල පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්වයන් හේතුවෙන් කලාප පාසල් ක‍්‍රීඩා තරඟ මැයි මාසයේ මුල දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පාසල් දරුවන් දවසේ වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වීම ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර  විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් පවසා තිබීම මීට ප‍්‍රධාන හේතුවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ දිනවල බාහිර පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ යා හැකි බවයි. මෙම සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද නිවේදනය කළේ මාර්තු මස අග පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා පාසල් ක‍්‍රිඩා තරගාවලියේ කලාප මට්ටමේ තරග මැයි මස මුල් සතිය තෙක් කල් දැමීමට කටයුතු කරන බවයි.
එමෙන් ම පාසල් දරුවන් අධික හිරු රශ්මියට නිරාවරණය වන ක‍්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් හැකිතාක් දුරට වළකින ලෙස ද අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


2016/02/18
ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර 100 සහ මීටර 100X4 කාන්තා ඉසව්වල රන් පදක්කම් සහ මීටර 200 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනිමින් ත‍්‍රිත්ව පදක්කම් ලාභිනියක් වූ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ ශිෂ්‍යාවක් වන රුමේෂිකා රත්නායක ඇගයීමේ උත්සවයක් එම විදුහලේදී අද (18) පැවැත්විණි.
මෙම උත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.
2016/02/16

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව්වේ කලාපයේ වේගවත්ම කාන්තාව ලෙසින් සබරගමුව පළාතේ කෑගල්ලේ  රුමේෂිකා රත්නායක හා ඇයගේ පුහුණුකාරිය ශ්‍රී ලංකාවට නැවත පැමිණි මොහොත.

2016/02/10
 වර්ෂ හතරක් පමණ සබරගමුව පළාත් පාසල් ක්‍රිඩා අංශයේ ඉතා දක්ෂ ලෙස  සේවය කල සශිකලා මහත්මිය සේවා අවශ්‍යතාවය මත වෙනත් අංශයකට මාරුවීම් ලබා ගොස් ඇත.ඇයගේ සේවයට අපගේ ක්‍රීඩ‍ා අංශයේ  උපහාරය  මෙසේ පුද කර සිටිමු.

2016/02/09
දකුණු ආසියාවේ වේගවත්ම  කාන්තාව ශ්‍රී ලංකාවෙන්

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව්වේ කලාපයේ වේගවත්ම කාන්තාව ලෙසින් රුමේෂිකා රත්නායක ශ්‍රී ලංකාවට ගෞරව ගෙනදුන්හ.ඉන්දියාවේ දුතී චාන්ද් විසින් ජය ගනු ඇතැයි කියෑවුණු මීටර 100 කාන්තා තරගයේදී තත් 11.71 ක කාලයක්‌ වාර්තා කරමින් එහි රන් පදක්‌කම ශ්‍රී ලංකාවට හිමිකරදීමට රුමේෂිකා සමත්වද්දී තත්පරයෙන් 1/100 ක ප්‍රමාදයකින් ඉන්දියාව දෙවැනි තැනට වැටුණි.කෑගල්ල සා. ජෝසප් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය සබරගමුව පළාත් ක්‍ර්‍ීඩා තරගාවලියෙන් තම කුසලතාවයන් ඔප් නංවා ගෙන ඇත.ඇයට සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්.

2016/01/26


ඉන්දියාවේ 'ඇසෑම්' ප්‍රාන්තයේ ගුහාති හා ශිලොන් නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තර/ය සදහා ශුභ පැතුම්


2016/01/22
ක්‍රීඩා ගුරුවරුන් 5100ක් ඉතා කඩිනමින් දිවයින පුරා පාසල් සඳහා බඳවා ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේ සඳහා වන ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාවරුන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. දස දහසකට අධික පාසල් ප්‍රමාණයක් මෙරට ක්‍රියාත්මකවුවද ක්‍රීඩා ගුරුවරුන් සිටිනුයේ 3400ක් බවද ඇමැතිවරයා කීය.
පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ පැවැති මහනුවර විද්‍යාර්ත විද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
ක්‍රීඩාවෙන් ඉහළම තලයට ගිය පාසල් ක්‍රීඩකයන්ට මේ ගුරුපත්වීම් ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවද කී ඇමැතිවරයා මේ වනවිට බොහෝ පාසල් වල ක්‍රීඩා භාරව කටයුතු කරන්නේ වෙනත් විෂයන් උගන්වන ගුරුවරුන් බවත් ඒ නිසා පාසල් ක්‍රීඩකයන් විවිධ ආබාධයන්ට නිරන්තරයෙන් ලක්වන බවත් පැවැසීය.
සියලුම ගුරුවරුන්ට ශරීර සෞඛ්‍ය පිළිබඳ එකවර පුහුණුවක් ලබාදෙන බවත් ජාතික ක්‍රීඩා විද්‍යායතනය උපාධි ලබාදෙන විද්‍යායතනයක් බවට පත්කරන බවත් ජයසේකර මහතා එහිදී කියා සිටියේය.

2015/12/02
සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා කෙළිබිම ජයකෙහිළි වර්ණ හා සම්මාන ප්‍ර‍දානය 2015 දෙසැම්බර් මස 07 වන දින ප.ව.1.30 ට සබරගමුව පළාත් ශ්‍ර‍ණාගාරයේ දී පැවැත්වේ.සබරගමුව පළාත් අධයාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය භාණු මුණිප්‍රිය මැතිතුමාගේ ආරාධනයෙන් සබරගමුව පළාත් ගරු ප්‍ර‍ධාන අමාත්‍ය මහ‍ීපාල හේරත් මැතිතුමාගේ  ප්‍ර‍ධානත්වයෙන් පැවැත්වේ.


2015/11/13
අන්තර් පාසල් සමස්ත ලංකා ත්‍රෝබෝල් තරගාවලිය
ශ්‍රී ලංකා පාසල් ත්‍රෝබෝල් සංගමය සංවිධානය කල (2015) සමස්ත ලංකා ත්‍රෝබෝල් තරගයේ “ඒ “ කාණ්ඩයේ වයස 20 න් පහළ සමස්ත බාලක ශූරතාවය කෑගලු විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
මෙම තරගාවලිය දින හතරක් පුරා ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගනයේදී පැවැත්විනි. එයට ශ්‍රී ලංකාවේ සියලු පළාත් නියෝජනය කරමින් බාලක බාලිකා කණ්ඩායම් 137 තරග කලහ.
සබරගමු පළාත් පාසල් ජයග්‍ර‍ණ
15 න් පහළ “ඒ“ කාණ්ඩය බාලක  අනු ශූරතාවය
 එරත්න මහ විදුහල
තෙවන ස්ථානය
කෑගලු විද්‍යාලය 

15 න් පහළ “සී“ කාණ්ඩය අනු ශූරතාව
සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර

20 න් පහළ “ඒ“ කාණ්ඩය බාලක ශූරතාව
කෑගලු විද්‍යාලය කෑගල්ල

තෙවැනි ස්ථානය

කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය

20 න් පහළ බාලිකා “ඒ“ කාණ්ඩය අන් ශූරතාව
කුරුවිට මධ්‍ය මහ විද්‍යාලය කුරුවිට
තෙවන ස්ථානය
ශාන්ත ජොශප් බාලිකා විද්‍යාලය කෑගල්ල

2015/11/10
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ රත්නපුර ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ රොෂාන් ධම්මිකට රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා විසින් ප්‍රදානය කරනු ලැබීය.

රොෂාන් ධම්මිකට උපහාර පිරිනැමීමේ උළෙලක් පසුගියදා කුලරත්න විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති අතර එහිදී අදාළ චෙක්පත ඔහුට පිරිනැමීය.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාව වූ කෑගල්ල ශාන්ත ජෝෂප් විද්‍යාලයේ රුමේෂිකා රත්නායකට රුපියල් ලක්ෂයක මුදලක්ද මීට පෙර සබරගමුව ආණ්ඩුකාරවරයා විසින් ප්‍රදානය කරනු ලැබීය.

මේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් ලලිත් දොඩංකොටුව, කුලරත්න විද්‍යාලයේ විදුහල්පති රංජිත් ඉලේපෙරුම යන මහත්වරු එක්ව සිටියහ.

2015/11/05/06

     
 2015/10/30
ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය මෙහෙය වූ සමස්ත ලංකා පාසල් අතර පැවති ඇරොබික්ස් තරගාවලියේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලීය කණ්ඩායම තම දස්කම් පෛන්වන මොහොත


2015/10/12
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සබරගමුවට අති විශිිෂ්ඨ ජයක් 
සබරගමුව ක්‍රීඩා අංශයෙන් ශුභ පැතුම්
                  ( දක්ෂතම මලල ක්‍රීඩක ගොඩකවෙල කුලරත්න මැදි විදුහලේ රොෂාන් ධම්මික සහ දක්ෂතම මලල ක්‍රීඩිකාව කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ රුමේෂිකා රත්නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශූරතා ලබාගනිමින්. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද මෙහි සිටී.)

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විදුහලේ රොෂාන් ධම්මික රණතුංග හා දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ රුමේෂිකා කුමාරී රත්නායක සම්මාන දිනා ගත්හ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව හා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාව දුටු මෙම මලල ක්‍රීඩා තරගාවලි‍යේ සම්මාන දිනූ රොෂාන් ධම්මික 19න් පහළ උස පැනීමෙන් මීටර් 2.13ක දක්ෂතාවක් පෙන්වූ අතර රුමේෂිකා රත්නායක මීටර් 200 තරගය තත්පර 24.09කින් හා මීටර් 100 තරගයේදී තත්පර 12.06කින් වසර 13ක් පැරණි දමයන්ති දර්ශාගේ (තත්:12.30) වාර්තාව ද බිඳ හෙලීමට සමත් වූවාය.
මෙම මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත මලල ක්‍රීඩා ශූරතාව ලකුණු 1043ක් ලැබූ බස්නාහිර පළාතට හිමි වූ අතර දෙවැනි ස්ථානය ලකුණු 627ක් ලැබූ මධ්‍යම පළතාට හා තෙවැනි ස්ථානය ලකුණූ 485ක් ලැබූ සබරගමුව පළාතට හිමි විය. සිවුවැනි ස්ථානය ලකුණූ 461ක් ලැබූ වයඹ පළාත දිනාගත් අතර පස්වැනි ස්ථානය ලකුණු 245ක් ලැබූ දකුණූ පළාත දිනා ගත්තේය. හයවැනි ස්ථෘනය උතුර (ලකුණු 181), හත්වැනි ස්ථානය ඌව (ලකුණූ 127), අටවැනි ස්ථානය උතුරු මැද (ලකුණු 123) හා නව වැනි ස්ථානය නැගෙනහිර පළාත (ලකුණු 53) පත් වූහ.
මලල ක්‍රීඩා බාලක ශූරතාව කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහල දිනාගත් අතර බාලිකා ශූරතාව කෑගල්ල ශාන්ත ජෝශප් විදුහල දිනා ගත්තේය. බාලක අනු ශූරතාව වලල ඒ රත්නායක විදුහලට හිමි වූ අතර බාලිකා අනු ශූරතාව රත්නපුර සුමනා බාලිකාවෝ දිනා ගත්හ. මෙවර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා නව තරග වාර්තා 27ක් බිහිවූ අතර පසුගිය වසරේ එය 15කට සීමාවී තිබුණි.
මෙම මලල ක්‍රීඩා තරගාවලියේ සහය දිවීමේ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහල දිනාගත් අතර අනු ශූරතාව ශාන්ත බෙනඩික්ට් විදුහලට හිමි විය. සහය දිවීමේ බාලිකා ශූරතාව කෑගල්ල ශාන්ත ජෝෂප් විදුහල දිනාගත් අතර අනු ශූරතාව වලල ඒ රත්නායක විදුහල දිනා ගත්තේය. හොදම කඩුලු පැනීමේ ක්‍රීඩකයා ලෙස ගලේවෙල මධ්‍ය මහා විදුහලේ එස්.ඒ.අයි.මිලින්ද සම්මාන දිනාගත් අතර විසිකිරීමේ ඉසව්වල හොදම ක්‍රීඩකයා ලෙස අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ එස්.පී.පී.බවන්ත සම්මාන දිනාගත්තේය. හොදම පැනීමේ ක්‍රීඩකයා ලෙස ගොඩකවෙල කුලරත්න විදුහලේ රොෂාන් ධම්මික හා හොදම කෙටි දුර ක්‍රීඩිකාව ලෙස රුමේෂිකා කුමාරී රත්නායක සම්මාන දිනා ගත්තාය.
යස් කාණ්ඩ අනුව ශූරතා දිනූ විදුහල් මෙසේය:
15න් පහළ - බාලක : ශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල. (ලකුණු 36), අනුශූරතාව - කුරුණෑගල ජෝන් කොතලාවල විදුහල (ලකුණු 31), තෙවැනි ස්ථානය - කොළඹ රාජකීය විදුහල (ලකුණු 28)
බාලිකා : ශූරතාව - කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකා වි. (ලකුණු 60), අනුශූරතාව - කුරුණෑගල ජෝන් කොතලාවල විදුහල (ලකුණු 18), තෙවැනි ස්ථානය - කොළඹ මියුසියස් විදුහල (ලකුණු 12) හා මහනුවර හිල්වුඩ් විදුහල (ලකුණු 12)
17න් පහළ - බාලක : ශූරතාව - මීගමුව මාරිස්ටෙලා වි. (ලකුණු 55), අනු ශූරතාව - කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 49), තෙවැනි ස්ථානය - අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විදුහල (ලකුණු 40)
බාලිකා : ශූරතාව - වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල. (ලකුණු 57), අනු ශූරතාව - රත්නපුර සුමනා බාලිකා විදුහල (ලකුණු 49), තෙවැනි ස්ථානය - මහනුවර විහාර මහා දේවී බාලිකා විදුහල (ලකුණු 27)
19න් පහළ - බාලක : ශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 35), අනු ශූරතාව - කොළඹ නාලන්දා විදුහල (ලකුණු 22), කොළඹ රාජකීය විදුහල (ලකුණු 22), දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහල (ලකුණු 22), තෙවැනි ස්ථානය - මහනුවර ත්‍රිත්ව විදුහල (ලකුණු 21)
බාලිකා : ශූරතාව - කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකා විදුහල. (ලකුණු 61), අනු ශූරතාව - දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහල (ලකුණු 43), තෙවැනි ස්ථානය - අඹගමුව මධ්‍ය මහා විදුහල (ලකුණු 40)
21න් පහළ - බාලක : ශූරතාව - වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 51), අනු ශූරතාව - මීගමුව මාරිස්ටෙලා වි. (ලකුණු 37), තෙවැනි ස්ථානය - තෙවැනි ස්ථානය - වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල (ලකුණු 28)
බාලිකා : ශූරතාව - වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල. (ලකුණු 97), අනු ශූරතාව - රත්නපුර සුමනා බාලිකා විදුහල (ලකුණු 83), තෙවැනි ස්ථානය - කුලියාපිටිය මධ්‍ය මහා විදුහල (ලකුණු


 31 වැනි සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය
                                    රුමේෂිකාගේ සීයේ වේගය
                               නව තරගාවලි වාර්තාවකට හැරෙයි

31 වැනි වරටත් ක්‍රියාත්මක සමස්‌ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක්‌ පිහිටුවීමට කෑගල්ල සා. ජෝසප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා රත්නායක සමත් වූවාය.

අදාළ වයස අවු. 21 න් පහළ මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගයකදීම තත්. 12.06 කින් තරගය නිමාකර ධාවන ශූරි දමයන්ති දර්ශාගේ වාර්තාව බිඳහෙළනු ලැබූ ඇය ඊයේ එම වාර්තාව යළිත් වරක්‌ අලුත් කරමින් තත්. 11.95 කින් තරගය නිම කළාය.

2015/10/08
සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්
 අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්‌ෂණය යටතේ ක්‍රියාත්මක 31 වැනි සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය නිමාවේදී නව තරග වාර්තාවක් පිහිටු වීමට සබරගමු පළාතට හැකි විය.
මීටර් 200 21 න් පහළ බාලිකා (මූලික වටය ) රුමේෂිකා රත්නායක (තත් 24.50 ) කෑගල්ල ජෝසප් බාලිකා විදුහල 


2015/10/08
                                                 සමස්‌ තලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අද

අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්‌ෂණය යටතේ ක්‍රියාත්මක 31 වැනි සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අද (08 දා) දියගම මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දින 5 ක්‌ ක්‍රියාත්මක අදාළ තරගාවලිය සඳහා පාසල් 1210 ක්‌ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5151 ක්‌ සහභාගී වේ. එහිදී මලල ක්‍රීඩා ඉසව් 121 ක්‌ යටතේ ඔවුන් තරගවැදීමට නියමිතව ඇත.

2015/10/07
සමස්ත ලංකා මේස පන්දු තරගාවලිය ඔක්තෝබර් 9 සිට කෑගල්ලේදී

කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු සංගමය තුන්වැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය (මහීපාල හේරත් අභියෝගතා කුසලානය) ඔක්තෝබර් 9 වැනිදා සිට 11 දක්වා කෑගල්ල විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා දිවයිනේ පාසල් 60ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ සහභාගි වීමට නියමිත අතර වයස අවුරුදු 10, 12, 15 සහ 18න් පහළ බාලක බාලිකා යන අංශ යටතේ තරගාවලිය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.
තරගාවලියේ සමාරම්භය ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 9 වැනිදා පැවැත්වෙන අතර තරගාවලියේ කුසලාන හා සහතික පත් ප්‍රදානය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් දින වූ 11 වැනිදා සිදුකෙරේ. 

2015/10/06
 කෑගල්ලේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක් ලෝකඩ පදක්කම් දිනති
 
මෙවර 13 වැනි වරට පැවැති ආසියානු ජ්‍යෙෂ්ඨ කරාතේ - දෝ ශූරතාවලියේදී කරාතේ ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු කරාතේ ශූරතාවලියකදී ප්‍රථම වරට ලෝකඩ පදක්කමක් දිනැගැනීමට කෑගල්ලේ ක්‍රීඩිකාවෝතිදෙනක් සමත්වෙති.පසුගිය අගෝස්තු තිස්වැනිදා සිට ඉකුත් හත්වැනිදා දක්වා මෙම ශූරතා තරගාවලිය ජපානයේ යොකොහාමා නගරයේදී පැවැත්විණි.
කණ්ඩායම් කාතා කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් මෙම ජයග්‍රාහී කණ්ඩායමට කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ 13 වානිජ අංශයේ ඉගනුම ලබන එච්.එම්.හිමේෂි කෞෂල්‍යා හිදගොඩ, රජරට විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගනුම ලබන ජී.ජී.වත්සලා මදුෂානි ආරියරත්න සහ 2014 වසරේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි බී.ඩී.රවිහාරි එදිරිසිංහ ක්‍රීඩිකාවෝ ඇතුළත් වූහ.


2015/09/02
ඇලපාත මහා විදුහලේදි අද දින 11 වසර සෞඛ්‍ය හා ශාරීරිකඅධ්‍යාපන විෂය සදහා ප්‍රතිපෝෂන වැඩසටහනක් සංවිධානය කර තිබුනා. මේ සදහා ඇලපාත මහා විද්‍යාලය, හංගමුව මහා විද්‍යාලය , පලාවෙල විද්‍යාලය , කරංගොඩ විද්‍යාලය , හල්දොල විද්‍යාලය යන විදුහල් වලින් ළමුන් 73 දෙනෙකු සහභාගී වී සිටියා. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාන විෂය අධ්‍යක්ෂිකා සුමිතා දෙල්ගොඩ ආරච්චි මහත්මිය විසින් ඉතා මැනවින් සංවිධානය කරන ලද වැඩ සටහන සදහා සම්පත් දායකයින් ලෙස අනිල් කුමාර මහතා , නන්දන සිසිර කුමාර මහතා , සුබෝධනී ජයසූරිය මහත්මිය සහභාගී වී සිටියා.

2015/09/30

රිදී දිනූ රොෂාන්ට උපහාර ගොඩකවෙලින් උපහාර

පොදු රාජ්‍ය මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 6ක්

 සැමෝවාහී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී උස පැනිම තරග ඉසව්වෙන් රිදි පදක්කම දිනාගත් ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ ආර්.රොෂාන් ධම්මික රණතුංග ක්‍රීඩකයා පිළිගැනීමේ උත්සවයක් පසුගියදා ගොඩකවෙල නගරයේදී පැවැත්විණි.
එහිදී ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගෙන පෙරහරින් ගොඩකවෙල කුලරත්න විද්‍යාලයේ උත්සවය භූමිය වෙත කැඳවාගෙන ගියේය. මේ අවස්ථාවට ගොඩකවෙල ප්‍රාද්ශීය ලේකම් ඩි.එස්.සි.රුවන්සිරි, ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති රංජිත් ඉලේපෙරුම, පුහුණුකරු ටිරෝන් ඉන්දික ගමගේ මහත්වරුන් සමග ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.


2015/09/22
සබරගමුව පළාතෙන් මෙවර ජාතික පාසල් ක්‍රිඩා සදහා තේරී පත්වුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අද සිට දින තුනක පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වුණ අතර මෙම වැඩසටහන උපසාර අලහකෝන් මහතාගේ සංකල්පයකට අනුව  සිදුවුන අතර වැඩසටහන අතරතුරදී සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චි මහතාද සහභාගී වෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශුභ පැතීමටද  මෙම අවස්ථාව උපයොගී කර ගන්නා ලදී.


( විශාල කර බලන්න පින්තූරය මත ක්ලික් කරන්න )















2015/09/18





පාසල ගුරු භවතාගේ නම
හවුපේ නාවලකන්දම.වි අනෝමා වීරසූරිය මිය
වැල්ලදුර ගජනායක ම.වි ඒ.පි.අනුර පතිරණ මයා
කහවත්ත ම.ම.වි. නිහාල් වික්‍රමසිංහ මයා
පොතුපිටිය ම.වි ඩබිලිව්.ඒ. අමිතා පද්මිණී මිය
කරවිට ම.ම.වි. ඉදුමිණි කරුණාරත්න මෙවි
කලවාන ගාමිණි ම.ම.වි. පි.ඩබිලිව්.පි.ස්.එන්.ධර්මසේන මයා
කලවාන ම.ම.වි අනුරා ලක්මාලි මිය
වටාපොත ම.වි ඒ.බි.ආර්.එම්.රොද්‍රිෙගා් මිය
කහවත්ත ම.ම.වි. ජේ.වි.බුද්ධිකා ධම්මි මිය
කහවත්ත ම.ම.වි ඩි.පි.ගලප්පතිගේ මිය
කරවිට ම.ම.වි. තමාලි ධම්මදින්නා අමදෝරු මිය
කරවිට ම.ම.වි. චරිතමාලි නිසංසලා ඉලගරත්න මිය
සුමන ම.වි ආර්.ඩි.අයි.එන් රාජපක්ෂ මයා
ඇලපාත ම.වි එච්.ඒ.සි. උමයංගනි මෙනවිය
අයගම රාහුල ම.ම.වි. ඒ.ඩි.සි.පි. තිලකරත්න මයා
අයගම රාහුල ම.ම.වි බි.එම්.පි. කුමාරි මිය
වැද්දාගල දකුණ ම.වි. එස්.ඒ. දියතා දර්ශනි මිය
කලවාන ම.ම.වි ශිරන්ති ඉමේෂා චන්ද්‍රසිරි මිය
කලවාන ම.ම.වි ඩබිලිව්.ටි.ඉදුනිල් නයනකාන්ත මයා
කලවාන ගාමිණි ම.ම.වි ඩබිලිව්.ඒ.සුරම්‍යා කුමාරි මෙනවිය
දෑල දෙමළ ම.වි. එස්.ශිවකුමාර්
කලවාන දෙමළ ම.වි එස්.ශිවනේෂන්
උඩ දෙල්වල රිදී ඇල්ල වි. කේ.එල්.එස්.පි.කේ.දිසානායක මයා
 
2015/09/18
 සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්
46 වැනි වරටත් පැවති ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ලකුණූ 69 ක් ලබා ගත් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය  බාලිකා සමස්ථ ශූරතාවය දිනා ගත්තේය.
දින හතරක් පුරා අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති 46 වන ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 18 වැනි දින නිමාවට පත් විය




2015/09/16
නිවිතිගල අධ්‍යාපන කලාපයේ පාසල් වලින් සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන් පුහුණුකල ගුරු මහත්ම මහත්මීන්ව ඇගයීමේ උත්සවයක් මෙම මස 18 වැනි දින පෙ.ව. 9.30 ට කහවත්ත ම.ම.විද්‍යාලයේදී පැවැත්වෙන අතර ඒ සදහා  සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චි මහතාගේ  ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ කිරීමට නියමිතය.
නිවිතිගල කලාපයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුමිතා දෙල්ගොඩආරච්චි මහත්මියගේ සංකල්පයකට අනුව  ඇගයීමේ උත්සවය සංවිධානය කර ඇත.

2015/09/14
සබරගමුව පළාත් ගුරු හා කාර්ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය
සබරගමුව පළාතේ සේවය කරන ගුරු මහත්ම මහත්මීන්හො පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ , දෙපාර්තමේන්තුවේ , කලාප කාර්යාල කාර්ය මණ්ඩල අතර සුහදතාවය වර්ධනය කර ගනිමින් සේවක සේවිකාවන්ගේ  සේවා තෘප්තිය වැඩි දියුණු කිරීමත් වඩාත් ඵලදායි හා කැපවීමෙන් යුතු සේවයක් රාජ්‍ය සේවයට ලබා දීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කරන ලදී.
තරග සදහා ඉදිරිපත් විය හැක්කේ සබරගමුව පළාතේ රජයේ පාසල් , රජයේ අනුමත පාසල් , පිරිවෙන් වල සේවය කරන ගුරු මහත්ම මහත්මීන් , ( ජාතික පාසල් ඇතුළුව ) ,කොටිඨාස අධ්‍යාපන කාර්යාල , කලාප අධ්‍යාපන කාර්යාල , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව , සබරගමුව පළාත් අධයාපන අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සදහා පමණි.
වයස අවුරුදු 25 -30   මීටර්  ,100 , මීටර් 200 , මීටර් 400 , දුර , යගුලිය , කවපෙත්ත , හෙල්ල , මීටර් 100 *4
                    31 -35   මීටර්  ,100 , මීටර් 200 , මීටර් 400 , දුර , යගුලිය , කවපෙත්ත ,  මීටර් 100 *4  
                    36 -40   මීටර්  ,100 , මීටර් 200 , මීටර් 400 , දුර , යගුලිය , කවපෙත්ත ,  මීටර් 100 *4 
                    41- 45   මීටර්  ,100 , මීටර් 200 , මීටර් 400 , දුර , යගුලිය , කවපෙත්ත ,  මීටර් 100 *4 
                    46- 50   මීටර්  ,100 , මීටර් 200 , මීටර් 400 , දුර , යගුලිය , කවපෙත්ත ,  මීටර් 100 *4  
                    51 -55   මීටර්  ,100 , මීටර් 200 , මීටර් 400 , දුර , යගුලිය , කවපෙත්ත ,  මීටර් 100 *4 
                    56 -59   මීටර් 75 , මීටර් 100 , මීටර් 200 , යගුලිය ,  මීටර් 100 *4

කණ්ඩායම් ක්‍රීඩා 
වොල්බෝල් පිරිමි / කාන්තා
නෙට්බෝල් කාන්තා
සැහැල්ලු පන්දු ක්‍රිකට් පිරිමි
මෙම තරග විවෘතය



2015/09/14
 සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්
 ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ඩයන් ගෝමස් අභියෝගතා සහ ඇඹුල්දෙනිය අභියෝගතා තරගාවලි දෙකේම බාලක ශූරතා ගැනීමට හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ කණ්ඩායම් සමත්විණි.
ඇඹුල්දෙනිය තරගාවලිය 2015 හි දී බාලක ශූරතාව විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨය දිනාගත්තේ රන් පදක්කම් හතරක් හා රිදී පදක්කම් 3 ක් සමගිනි. විද්‍යාරත්නය මේ ශූරතාව ද පිට පිට දිනාගත් හයවැනි අවස්ථාව මෙයවිය. එහි අනුශූරතාව රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කම් දෙකක් දිනූ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයට හිමි විය.

2015/09/12
අදියර 4කින් යුතුව පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙ‍ලේ දෙවැනි අදියර මේ මස 17දා සිට 21 දක්වා ද, තෙවැනි අදියර ඔක්තෝබර් 1දා සිට 4දා දක්වාද පැවැත්වේ. ඔක්තෝබර් 8දා සිට 12දා දක්වා පැවැත්වෙන අවසන් සහ සිව්වැනි අදියරේදී මලල ක්‍රීඩා ඉසව් පැවැත්වේ.
පළමු අදියර යටතේ ක්‍රීඩා ඉසව් 9ක් පැවැත්වෙන අතර, බාලක තරග සඳහා පාසල් 294ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 2780ක්ද, බාලිකා ඉසව් සඳහා පාසල් 246ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 3015ක්ද සහභාගි වීමට නියමිතය.
තරග ඉසව් සඳහා සහභාගි වන දුර බැහැර පාසල් සිසු සිසුවියන් සඳහා  නවාතැන් පහසුකම් සපයා ඇති අතර, එක් එක් ක්‍රීඩා සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් නම්කර ඇති ක්‍රීඩා නිලධාරීන් මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකි බව සංවිධායක මණ්ඩලය පවසයි.
වැඩි විස්තර සඳහා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී කේ.එස්.පී. කරුණාරත්න මහතා (0718000441/0774366787), ව්‍යාපෘති නිලධාරිනී ශ්‍රියානි කුලවංශ මහත්මිය (0718144189) හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ බි.ඒ. අබේරත්න මහතා (0773667501) ඇමතීමෙන් ලබාගත හැකියි


2015/09/11
සමස්ත ලංකා පාසල් බොක්සිං සුගතදාස ක්‍රීඩාගාරයේදී
ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය සහිතව සංවිධානය කරන සමස්ත ලංකා අන්තර් පාසල් බොක්සිං තරගාවලිය හා 98 වැනි ස්ටබ් කුසලාන බොක්සිං තරගාවලිය සැප්තැම්බර් 12 සිට 15 දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වෙයි.
මෙම තරගාවලිය වයස් කාණ්ඩ 3ක් යටතේ බාලක බාලිකා වශයෙන් පැවැත්වෙන අතර ඉන් 2001 - 2002 යන වර්ෂයන්හි උපත ලද තරගකරුවන් අවුරුදු 13-14 වයස් කාණ්ඩයටද 1999 - 2000 යන වර්ෂයන්හි උපන් තරගකරුවන් අවුරුදු 15-16 වයස් කාණ්ඩයටද 1997 - 1998 යන වර්ෂයන්හි උපන් තරගකරුවන්
අවුරුදු 17 - 18 යන වයස් කාණ්ඩයටද අයත් වේ.
එහිදී අවුරුදු 13-14 වයස් කාණ්ඩයේ බාලක තරග බර පන්ති 6කින්ද, බාලිකා තරග එක බර පන්තියකින්ද සමන්විත වෙයි. අවුරුදු 15-16 බාලක තරග සඳහා බර පන්ති 5කි. එහි බාලිකා තරග පැවැත්වෙන්නේ කි. ග්‍රෑ 44 - 46 බර පන්තිය යටතේ පමණි.
අවුරුදු 17 - 18 බාලක තරග සඳහා බර පන්ති 5ක් වෙන්කර ඇති අතර එහි බාලිකා තරග සඳහා බර පන්ති දෙකකි.
සෑම තරගයක්ම වට 3කින් යුක්ත වන අතර එම එක් වටයක කාලය විනාඩි එකහමාරකට සීමා කර ඇත. සෑම වටයක්ම අවසානයේ විනාඩියක විවේකයක් ලබා දීමට නියමිතය.
මෙම තරගාවලියට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සැප්තැම්බර් 11 වැනිදා පෙරවරු 7.00 සිට 10.00 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සිදු කෙරෙයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බර කිරීම් හා තරග කාලසටහන සැකසීම 12 වැනිදා පෙරවරු 8.00 සිට 9.00 දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇත.
තරගාවලියට එක්වන තරගකරුවන්ගේ අයැදුම්පත් ලක්‍ෂ්මන් තිලකරත්න, සහකාර ලේකම්, ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය, ස්වර්ණජෝති ජාතික පාසල, කිරිබත් කුඹුර යන ලිපිනයට පිටපතක් සහිතව බී. ඒ. අබේරත්න, ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතුය.

2015/09/07
 සබරගමුව පළාත් ක්‍රීඩා අංංශයේ ශුභ පැතුම්
යොවුන් පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල
රොෂාන් හා ශ්‍රීමාලි  ශ්‍රී ලංකාව රනින් සරසයි

සැමුවා දේශයේ පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රොෂාන් ධම්මික හා ශ්‍රීමාලි සමරකෝන් රිදී පදක්‌කම් දිනා ගැනීමට සමත් විය.

ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන රොෂාන් එහිදී මීටර් 2.11 ක දක්‌ෂතාවක්‌ දක්‌වමින් මෙම පදක්‌කමට හිමිකම් කී අතර ඔහුගේ පුහුණුකරු වශයෙන් ටිරෝන් ඉන්දික ගමගේ මහතා කටයුතු කරනු ලබයි.

අදාළ ඉසව්වේ ප්‍රථම හා තෙවන ස්‌ථාන පිළිවෙලින් ඉන්දියානු හා ජැමෙයිකාව නියෝජනය කළ ක්‍රීඩකයන්ට හිමි විය. එහිදී ඔවුන් මීටර් 2.14 ක්‌ හා මීටර් 2.11 ක්‌ වශයෙන් දක්‌ෂතා දැක්‌වීය.

2015/09/04
නිවිතිගල කලාපයේ පාසල් වලින් ජාතික පාසල් ක්‍රීඩා තරග සදහා තේරීපත් වුන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා පුහුණු කදවුරක් අද දින මුද්දුව ක්‍රීඩාංගනයේදී පැවැත් වුණා. නිවිතිගල කලාපයේ සුමිතා දෙල්ගොඩආරච්ච් මහත්මියගේ ( සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ) සංකල්පයක් අනුව ක්‍රියාත්මක වුන මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වයෙන් නිමල් මධූසිංහ මහතා සමග හේමන්ත මහතා කටයුතු කල අතර නිවිතිගල කලාපයේ  ගුරු උපදේශක අනිල් කුමාර , නන්දන සිසිර කුමාර , සුබෝදනි ජයසූරිය , නිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද  වැඩසටහන සදහා සහයෝගය ලබා දීමද සිදුවුනා.


2015/08/09

 වූෂූ ක්‍රීඩාවේ ජාතික වශයෙන් දක්ෂතා දැක්වූ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් තිදෙනෙකුට සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලේ ශිෂ්‍යකුට තායිලන්තයේ රැන්ග්ෂීට් නුවර වූෂූ විශ්ව විද්‍යාලයේ දී සිය කුසලතා වර්ධනය හා වැඩිදුර අධ්‍යාපනය ලබා දීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංක ෂෙන් යෑන්ග් වුෂූ සංගමය කටයුතු සලසා දී ඇත. කේ.එම්.චමදි ගිම්හානි, අමීෂා ඉසුරි තල්දූවල,ඩබ්ලිව්.එස්.යසෝදරා යන ශිෂ්‍යාවන් තිදෙනාත් රත්නපුර ඇලෝසියස් ජාතික පාසලේ ඉසුරු දිමන්ත ශිෂ්‍යයාත් මෙම  පාඨමාලාව හැදෑරිම සදහා 05 වැනි දින තායිලන්තය බලා පිටත්ව යති.මෙම පුහුණූව නොමිලේ ලබා දෙන අතර රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ වූෂූ පුහුණූකරු කේ.ජි.ටිරෝන් කුමර මහතාද මෙම අවස්ථාවට සහභාගීවේ.

වූෂු ක‍්‍රීඩාවේ ජාතික වශයෙන් දක්‍ෂතා දැක්වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ සිසුවියෝ තිදෙනෙකුට සහ රත්නපුර ඇලෝසියස් ජාතික පාසලේ ශිෂ්‍යයෙකුට තායිලන්තයේ රැුන්ග්ෂිට් නුවර වූෂු විශ්ව විද්‍යාලයේදී සිය කුසලතා වර්ධනය පිණිස පුහුණුව සහ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබාදීමට ශ‍්‍රී ලංකා ෂෙන් යැන්ග් වූෂු සංගමය කටයුතු සලසා ඇත.
වූෂු ක‍්‍රීඩාවේ ජාතික මට්ටමේ දක්‍ෂතා දැක්වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ කේග එම්ග චමදි ගිම්හානිල අමීෂා ඉසුරි තල්දුවල ඩබ්ලිව්. එස්ග යසෝදරා යන ශිෂ්‍යාවන් තිදෙනාත් රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ඉසුරු දීමන්ත ශීෂ්‍යයාත් මෙම පාඨමාලාවට හැදෑරීම සඳහා හෙට (5 වැනිදා) තායිලන්තය බලා පිටත්ව යති.
මෙම වූෂූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තායිලන්තයේ රැුන්ග්ෂිට්හි වූෂු  විශ්ව  විද්‍යාලය මගින්  වූෂූ ක‍්‍රීඩාව සඳහාවූ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක් නොමිලයේ හැදෑරීමේ අවස්ථාව සහ පහසුකම් සලසා ඇති බව එම පිරිස සම`ග විදෙස් ගතවන රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ වූෂූ පුහුණුකරු කේ. ජී. ටිරෝන් කුමාර මහතා පැවසීය.  
ඡායාරූපය
තායිලන්තයේ රැන්ග්ෂිට් නුවර වූෂු විශ්ව විද්‍යාලය බලා පිටත්ව යාමට සූදානමින් සිටින රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ කේ. එම්. චමදි හිම්හානිල අමීෂා ඉසුරි තල්¥ව, ඩබ්ලිව්. එස්. යසෝදරා
- See more at: http://www.kelimandala.lk/article/46105/%E0%B7%80%E0%B7%96%E0%B7%82%E0%B7%96-%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BA%E0%B6%AD%E0%B7%92#sthash.RCndL1BM.dpuf


වූෂු ක‍්‍රීඩාවේ ජාතික වශයෙන් දක්‍ෂතා දැක්වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ සිසුවියෝ තිදෙනෙකුට සහ රත්නපුර ඇලෝසියස් ජාතික පාසලේ ශිෂ්‍යයෙකුට තායිලන්තයේ රැුන්ග්ෂිට් නුවර වූෂු විශ්ව විද්‍යාලයේදී සිය කුසලතා වර්ධනය පිණිස පුහුණුව සහ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබාදීමට ශ‍්‍රී ලංකා ෂෙන් යැන්ග් වූෂු සංගමය කටයුතු සලසා ඇත.
වූෂු ක‍්‍රීඩාවේ ජාතික මට්ටමේ දක්‍ෂතා දැක්වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ කේග එම්ග චමදි ගිම්හානිල අමීෂා ඉසුරි තල්දුවල ඩබ්ලිව්. එස්ග යසෝදරා යන ශිෂ්‍යාවන් තිදෙනාත් රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ඉසුරු දීමන්ත ශීෂ්‍යයාත් මෙම පාඨමාලාවට හැදෑරීම සඳහා හෙට (5 වැනිදා) තායිලන්තය බලා පිටත්ව යති.
මෙම වූෂූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තායිලන්තයේ රැුන්ග්ෂිට්හි වූෂු  විශ්ව  විද්‍යාලය මගින්  වූෂූ ක‍්‍රීඩාව සඳහාවූ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක් නොමිලයේ හැදෑරීමේ අවස්ථාව සහ පහසුකම් සලසා ඇති බව එම පිරිස සම`ග විදෙස් ගතවන රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ වූෂූ පුහුණුකරු කේ. ජී. ටිරෝන් කුමාර මහතා පැවසීය.  
ඡායාරූපය
තායිලන්තයේ රැන්ග්ෂිට් නුවර වූෂු විශ්ව විද්‍යාලය බලා පිටත්ව යාමට සූදානමින් සිටින රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ කේ. එම්. චමදි හිම්හානිල අමීෂා ඉසුරි තල්¥ව, ඩබ්ලිව්. එස්. යසෝදරා
- See more at: http://www.kelimandala.lk/article/46105/%E0%B7%80%E0%B7%96%E0%B7%82%E0%B7%96-%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BA%E0%B6%AD%E0%B7%92#sthash.RCndL1BM.dpuf
 2015/08/07
16 න් පහළ පාපන්දු කන්ඩායම බංගලාදේශයේ තරගාවලියට පිටත්වේ (අගෝ 09 සිට 19 දක්වා )

කලමණාකරු රත්නපුර පාපන්දු පුහුනුකරු කේ .ඒ. අනුරරත්න මහතා  


2015/07/30

පිහිනුම් තරගාවලියට අයෑදුම්පත් කැඳවයි 



බියගම පිහිනුම්, කිමිදුම් හා ජිවිතාරක්‍ෂක සේවා සංගමය මගින් මෙහෙයවන විවෘත නිදහස්‌ ආර පිහිනුම් තරගාවලිය සඳහා අයෑදුම්පත් කැඳවා ඇත.

පිට පළාත් වල පාස්‌ල් හා පිහිනුම් සමාජවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මීට ඉදිරිපත්විය හැකි වන අතර ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග පිරිනැමේ.

මෙම පිහිනුම් තරගාවලිය ලබන අගෝස්‌තු මස 09 වැනිදා සපුගස්‌කන්ද යොෂිඩා පිහිනුම් තටාකාංගණයේදී පැවැත්වේ.

මේ පිළිබඳව වැඩි විස්‌තර ඩරීලිව්. තිලක්‌ රත්න කුමාර, ලේකම්, බියගම පිහිනුම්, කිමිදුම් හා විතාරක්‍ෂක සේවා සංගමය, යොෂිඩා පිහිනුම් පාසල සපුගස්‌කන්ද, මාකොල යන ලිපිනයේන් හෝ දුරකථන අංක 0714-991999 ට අමතර ලබා ගැනීමට හැකිවන අතර අයෑදුම්පත් භාර ගන්නා අවසානය දින මේ මස 31 වැනිදා වේ.


 2015/07/21
 සෞඛ්‍ය පුවර්ධන වැඩසටහන රත්නපුර කලාපයේ සෞඛ්‍ය හා ශෘරීරික අධ්‍යාපන ගුරුමහත්ම මහත්මීන්ට හදුන්වාදීම අද දින රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ සම්පත් ශාලාවේදි පැවැත් වුණා. ඒ සදහා රත්නපුර කලාපයේ සෞඛ්‍ය හා ශෘරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ සනත් ප්‍රියන්ත සමරසේකර මහතා සහභාගී වූ අතර රත්නපුර මහ රෝහලේ  වෛද්‍යවරුන් විසින් මෙම වැඩසටහන මෙහෙය වන ලදී.

 2015/07/18

ජනශක්ති ග්‍රාමීය මලල ක්‍රීඩා අනුග්‍රාහක වැඩසටහන 7වැනි වරටත්

 ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල යොවුන් මලල ක්‍රීඩාව සවිබල ගැන්වීම සඳහා ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ ග්‍රාමීය මලල ක්‍රීඩා අනුග්‍රාහක වැඩසටහන අඛණ්ඩව 7වැනි වරටත් පසුගියදා ක්‍රියාත්මක කළේය.මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ, ඇඳුම්, උපදේශන සේවා හා මාසිකව මූල්‍යමය අනුග්‍රහයක් මේ වැඩසටහන යටතේ ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම ලබා දෙන අතර දේශීය හා විදේශීය තරගාවලියන්හිදී පෙන්වන දක්ෂතා මත ඇගයීම්ද සිදු කෙරේ. ක්‍රීඩා කටයුතු වල නිරතවන ක්‍රීඩකයන් හට පූර්ණකාලීන රැකියා අවස්ථාව හිමි කර දීම තුළින් ඔවුන් දිරි ගැන්වීමද මේ වැඩසටහනේ සුවිශේෂි කටයුත්තකි.
වසර 3ක සිට තමන්ට අනුග්‍රහය ලබාදෙමින් තම ජයග්‍රහණ පසුපස සිටින ජනශක්ති සමගාමට ස්තුතිවන්ත වන බව රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ මලල ක්‍රීඩක අකිල රවිශංක පැවැසීය.

2015/07/16
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා කණ්ඩායම චීනයේදී පදක්කම් 11ක් දිනයි
චීනයේ පැවැති දෙවැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 5ක් ඇතුළුව පදක්කම් 11 ක් දිනාගත් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා දිවයිනයට පැමිණියේය.
මේ චීනයේ යුනාන් නගරයේ පැවති මේ තරගාවලියේදී මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත චන්ද්‍රසේන (මීටර් 300 කඩුළු), රයන් වික්‍රමරත්න (මීටර් 400), පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර විදුහලේ පූර්ණිමා ගුණරත්න (උස පැනීම), කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ සුබාණි අබේරත්න (මීටර් 300 කඩුළු) හා මීගමුව ලොයලා විදුහලේ නිපුන් කල්දේරා (තුන් පිම්ම) යන ඉසව් වලට රන් පදක්කම් දිනා ගත්හ. එල්.පී.ජී.ධනංජය දුර පැනීම (වෙන්නප්පුව ජෝෂප් වාස්), තිස්මි තිරංගනා උස පැනීම (මලියදේව බාලිකා කුරුණැගල), දිනේෂිකා රණතුංග මීටර් 300 කඩුළු (අඹගමුව ම.ම.වි.) හා ඔමායා උදයංගනී මීටර් 400 (වැලිමඩ ම.ම.වි.) යන ඉසව්වලින් රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වූහ. සහය දිවීමේ බාලිකා කණ්ඩායම එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර එම කණ්ඩායමට තිරංගනා තන්තිරිමලගේ, සුබාණි අබේරත්න, දිනේෂිකා රණතුංග හා ඔමායා උදයංගනී ඇතුළත් වූහ. මීටර් 400 රන් පදක්කමක් දිනූ මීගමුව මාරිස්ටෙලා විදුහලේ රයන් වික්‍රමරත්න දුර පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත්විය.


2015/07/14

රෑපය උඩ ක්ලික් කර හොදින් නරඔන්න



2015/07/07
අන්තර් විද්‍යාලීය අවසන් පාපන්දු තරගය සහ විදුහල් 10 ක් සදහා පාපන්දු බෙදා දීම
ඉහත සදහන් අවසන් පාපන්දු තරගයෙන් පසු පහත නම් සදහන් පාසල් 10 ක් සදහා පාපන්දු 05  බැගින් ප්‍රධානය කිරීමට නියමිත බැවින් මේ සදහා 2015/07/10 වන දින සවස මා වෙත වාර්ථා කර අදාල පාපන්දු 05 ලබා ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමි.
1 ගන්කන්ද ම.ම.වි
2 සීවලී ම.ම.වි
3 බටුගෙදර ම.වි
4 ධර්මපාල ම.වි
5 අල්මකියා ම.වි
6 සීවලී ම.වි
7 ශ්‍රී සුමන. වි
8 ඇලෝසියස් ජාතික පාසල
9 හංගමුව ම.වි
10 මිහිදු විදුහල

2015/07/03











                                     ආසියානු ශූරතා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී
                                                           ශ්‍රී ලංකාවට රන් පදක්‌කම් 5ක්‌

                                                     සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්                                          
චීනයේ වුවාන්හි පැවැති ආසියානු ශූරතා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී උදිත චන්ද්‍රසේන, රයන් වික්‍රමරත්න, නිපුන් කල්දේරා, පූර්ණිමා ගුණරත්න හා සුභානි අබේරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්‌කම් දිනා ගැනීමට සමත් වූහ.

මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලය නියෝජනය කරන රයන් වික්‍රමරත්න මීටර් 400 ඉසව්වෙන් හා උදිත චන්ද්‍රසේන මීටර් 300 කඩුලු මතිsන් දිවීමේ ඉසව්වෙන් රන් පදක්‌කම් හිමිකරගත් අතර ඔවුන් වාර්තා කළ කාලය පිළිවෙලින් තත්. 49.03 ක්‌ හා තත්. 37.86 ක්‌ වශයෙන් සටහන් විය.

එහිදී තුන්පිsම්ම ඉසව්වෙන් මීටර් 14.50 ක දක්‌ෂතාවයක්‌ දැක්‌වූ මීගමුව ලොයෝලා ජාත්‍යන්තර පාසලේ නිපුන් කල්දේරා රන් පදක්‌කමකට හිමිකම් කීවේය.

මීට අමතරව පානදුර ලීඩ්ස්‌ ජාත්‍යන්තර පාසලේ පූර්ණිමා ගුණරත්න උස පැනීමේ ඉසව්වෙන් මීටර් 1.71 ක දක්‌ෂතාවයක්‌ද, කෑගල්ල සා. ජෝසප් බාලිකා විද්‍යාලයේ සුබානිs අබේරත්න මීටර් 300 කඩුලු පැනීSමේ ඉසව්වෙන් තත්. 44.81 ක දක්‌ෂතාවයක්‌ද දක්‌වමින් රන් පදක්‌කම් දිනා ගත්තාය.



 2015/06/25




2015/06/28
                              

2015/06/25
ශාරීරික අධ්‍යාපන ගුරු මහත්ම/මහත්මීන්ගේ එක් දින ගුරු පුහුණු වැඩසටහන
 
ශාරීරික අධ්‍යාපන ගුරු මහත්ම/මහත්මීන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණික් අද දින පැවති ගුරු පුහුණු වැඩ සටහන සදහා  බර්නාඩ් පෙරේරා මහතා සහ පි.එල්. ඒ. සැම්සන් මහතා දේශනයන් සදහා සහභාගි වූ අතර සබරගමුව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ  ඒ.එම්.උපසාර අලහකෝන් මහතා ( සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ක්‍රීඩා ) සහා රත්නපුර කලාප ක්‍රීඩා අධ්‍යක්ෂ සනත් ප්‍රියන්ත සමරනායක මහතාද සහභාගි වී සිටියා.

2015/06/22
 ශ්‍රීමත් ජෝන් ටාබට් ‍‍‍ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය සුපුරුදු පරිදි වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල ලකුණු 212ක් ලබා දිනාගත් අතර ලකුණු 98ක් ලැබූ රත්නපුර සුමන බාලිකාව දෙවැනි ස්ථානයට පත්විය.

2015/06/18
ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය
 අවුරුදු 18න් පහළ- මීටර් 400 කඩුලු (බාලිකා) 
1. ඩී.එම්.යමානි දුලාංජලී - අඹගමුව ම.ම.වි. උඩබුලත්ගම (මි.1.00.92),
2. ඩී.ටී.ඒ. ද සිල්වා - ස්වර්ණමාලී බා.වි.මහනුවර (මි.1.07.00),
3. ඒ.පී.කේ.කේ.කුලතුංග - සා.ජෝශප් බා.වි.කෑගල්ල (මි.1.09.78)

2015/06/17
 ශ්‍රීමත් ජොන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ පලමු දිනය  
යගුලිය දැමීම (බාලිකා)
1.එෆ්.එස්.රිෂාඩ් - කලුතර බාලිකා වි. (මී.9.70),
2. ඒ.ඩිල්ෂානී ප්‍රනාන්දු - ආවේ මරියා කන්‍යාරාමය ( මී.9.01)  
3. ඩබ්.එස්.සී. වීරසිංහ - සුමන බාලිකා වි. රත්නපුර (මී.8.98)

2015/06/17
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මගින් 85 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රීමත් ජෝන් ටාබර්ට්‌ ජ්‍යෙෂ්ඨ(වයස අවු. 16, 18 න් හා 20 න් පහළ ) මලල ක්‍රීඩා ශූරතාවලිය අද (17 දා) දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර එය එළැඹෙන 19 වනදා දක්‌වා ක්‍රියාත්මක වේ.

අඛණ්‌ඩව සිවුවන වරටත් සිලෝන් බිස්‌කට්‌ සමාගාමේ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා 350 කට වැඩි පාසල් සංඛ්‍යාවක්‌ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කට අධික ප්‍රමාණයක්‌ සහභාගීs වනු ඇතැයි සංවිධායකයින් අපේක්‍ෂා කරයි. මීට අමතරව ඉකුත් වසරවල ශ්‍රීමත් ජෝන් ටාබර්ට්‌ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ක්‍රීඩකයන් විසින් තැබූ වාර්තා සහ උළෙලවල විශේෂ අවස්‌ථා ඇතුළත් කරමින් අඅඅගරසඑzඉමරහවදයබඒරඉeඑගකන යන වෙබ් අඩවිය හඳුන්වා දීමද මෙහිදී සිදුවිය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කනිෂ්ඨ ජෝන් ටාබර්ට්‌ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා 7000 කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක්‌ සහභාගි වෙතැයි අපේක්‍ෂා කරන සංවිධායකයින් අදාළ තරගාවලිය සැප්තැම්බර් මස 15 - 19 දක්‌වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

2015/06/15
 ලොව දිනවන ක්‍රීඩා ශක්ති ජාතික වැඩසටහන අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 195දෙනකුට පෝෂණ දීමනා කෑගල්ල දිසා ෙල්කම් කාර්යාලෙය්දී කෑගල්ල දිසාපති ගාමිණී සෙනවිරත්න මහතා විසින් ප්‍රදානය කරන ලදී.
මේ අනුව කබඩි ක්‍රිඩක ක්‍රීඩිකාවන් 30 දෙනකුට ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනකුට ද, පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනකුට ද, බර ඉසිලීම ක්‍රීඩක ක්‍රීඩිකායවන් 30 දෙනකුට ද, මලල ක්‍රීඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනකුට ද, ෙවාලිෙබා්ල් ක්‍රීඩක ක්‍රීඩිකායවන් 30 දෙනකුට ද, දැල්පන්දු ක්‍රීඩිකාවන් 15 දෙනකුට ද ප්‍රදානය කරන ලදී.

2015/06/12
අයගම කොට්ඨාශ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක නන්දන සිසිර කුමාර මහතාගේ ආදර මෑණියන් අද සවස අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙන අතර දේහය මුවගම නිවසේ තැන්පත් කර ඇත.
2015/06/11
18දා සිට සුගතදාස ක්‍රීඩාංගණයේදී - 42 වැනි පාසල් පිහිනුම් තරගාවලිය
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන 42වැනි පාසල් වයස්සීමා පිහිනුම් හා කිමිඳුම් තරගාවලිය ජුනි 18වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ.
23වැනි වරටත් මයිලෝ අනුග්‍රහය ලබාදෙන මෙම තරගාවලිය සඳහා කේවල තරග ඉසව් 140ක් හා සහාය තරග 24ක් ඇතුළත්ව ඇත.
තවද අවුරුදු 9න්, 11න්, 13න්, 15න්, 17න් හා 19න් පහළ බාලක හා බාලිකා වශයෙන් මෙම තරගාවලිය සැලසුම් කර ඇත.
පාසල් 165කින් බාලක අයැදුම්පත් 2563ක් හා බාලිකා අයැදුම්පත් 1625ක් වශයෙන් අයැදුම්පත් 4188ක් ලැබී ඇති බවද තරගාවලියට සමගාමීව පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
13න් පහළ වයස් සීමාවල තරගවලදී ප්‍රථම ස්ථානය සිට 8වැනි ස්ථානය දක්වා හා පරිසාධන මට්ටමට ළඟාවන ක්‍රීඩකයන් හට සහතික පත්‍ර පිරිනැමෙන බවත්, ප්‍රථම හා දෙවැනි ස්ථාන ලබාගන්නා ක්‍රීඩකයන්ට පදක්කම් පිරිනැමෙන බවද එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බන්දුල එගොඩගේ මහතා පැවැසීය.
තරගාවලියේ සමාරම්භක උත්සවය ජල ක්‍රීඩා සංගමයේ සභාපති නාවික හමුදාවේ කපිතාන් ජයන්ත ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ත උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවන්නේ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ශිවානි හේග්ඩේ මහත්මියයි.
මෙම මාධ්‍ය හමුව සඳහා නෙස්ලේ ලංකා සමාගමේ සහකාර උප සභාපති නිරෝමන් කන්නංගර, සහකාර උප සභාපති බන්දුල එගොඩගේ, ප්‍රචාරක හා ක්‍රියාකාරකම් කළමනාකරු සජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ උප සභාපති ක්‍රිෂාන් දුමින්ද යන මහත්වරුන්ද, ජල ක්‍රීඩා සංගමයේ ලේකම් මල්කා ජයසිංහ යන මහත්මියද සහභාගි වී සිටියහ.

2015/06/10

ජාතික ක්‍රීඩා හපන්නු 469කට මයිලෝ වර්ණ පුදයි
23 වන වරටත් නෙස්‌ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා කවුන්සිලය එක්‌ව සංවිධානය කරනු ලබන "ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මයිලෝ වර්ණ ප්‍රදානෝත්සවය - 2014" මෙම මස 26 වනදා පස්‌වරු 2 ට කොළඹ නෙලුම් පොකුණ රඟහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුqතු යොදා ඇත.ශ්‍රී ලංකා ක්‍රීඩා ක්‌ෂේaත්‍රයට බෙහෙවින් වැදගත් වූ මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී 2014 වර්ෂයේ ජාතික හා ජාත්‍යන්තර මට්‌ටමේ ජයග්‍රහණ හෝ සහභාගීත්වය දක්‌වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිම සිදු කෙරේ. මෙහිදී පාසල් ක්‍රීඩා 31 ක්‌ නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 469 දෙනෙකු වර්ණ ලබා ගැනීමට නියමිතව ඇත.
මීට අමතරව පාසල් ක්‍රීඩා සංගම් වල යෝජනාවකට අනුව විශේෂ කුසලතා සම්මාන පිරිනැමීමක්‌ද අදාළ වර්ණ ප්‍රදානෝත්සවයේදී සිදු කිරීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත. ඒ අනුව 2014/2015 වසරේ දක්‌ෂතම පාසල් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවද, එම වසරේ දක්‌ෂතම නැගී එන ක්‍රීඩකයා හා නැගී එන ක්‍රීඩිකාව වශයෙන්ද සම්මාන පිරිනැමේ.
අදාළ උත්සව අවස්‌ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා සහභාගී වන අතර විශේaෂ ආරාධිත අමුත්තා ලෙස නෙස්‌ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂ ශිවානි හෙඡ්ගේ මහත්මිය ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක්‌ සහභාගී වීමට නියමිතය.
 නිර්දේශිත නාමනැගී එන ක්‍රීඩකයා
මහනුවර විද්‍යාර්ථ විදුහ‍ලේ ප්‍රසාද් ජයසංඛ ද සිල්වා (මේසපන්දු), කෑගල්ල ශා. මරියා විදුහ‍ලේ ආර්.ඩී.ඒ. විදුශංක (මලල ක්‍රීඩා), මොරටුව ශා. සෙබස්තියන් විදුහ‍ලේ සචින් ඩයස් (බැඩ්මින්ටන්), අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහ‍ලේ කසුන් විමලසූරිය (චෙස්) සහ ගලහිටියාව මැදි විදුහ‍ලේ එන්.ඒ.එම්.එස්. සේනාධිලංකාර (කරාතේ)
නැගී එන ක්‍රීඩිකාව
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහ‍ලේ හංසනී පියුමිලා කපුගීකියන (මේස පන්දු), කොළඹ විශාඛා විදුහ‍ලේ දසුනි හංසිකා මෙන්ඩිස් (චෙස්), කුලියාපිටිය මැදි විදුහ‍ලේ කෞෂල්‍යා මධුෂාණි (මලල ක්‍රීඩා), වත්තල ලයිසියම් විදුහ‍ලේ චමෝදි ෆොන්සේකා (පිහිනුම්), කළුතර බාලිකා විදුහ‍ලේ සචිනි රොද්‍රිගු (දැල් පන්දු), සපුගස්කන්ද මැදි විදුහ‍ලේ ශ්‍රියාණි කුමාරි හේරත් (කරාතේ)
දක්ෂතම ක්‍රීඩකයා
මහනුවර විද්‍යාර්ථ විදුහ‍ලේ ඉමේෂ් උදය රණසිංහ (මේස පන්දු), කළුතර විදුහ‍ලේ හිමාෂ එෂාන් (මලල ක්‍රීඩා), කොළඹ ආනන්ද විදුහ‍ලේ චෙරන්ත ද සිල්වා (පිහිනුම්), ගාල්ල රිච්මන්ඩ් විදුහ‍ලේ බුවනෙක ගුණතිලක (බැඩ්මින්ටන්), වෙන්නප්පුව ජෝසප් වාස් විදුහ‍ලේ ඒ.එල්.ඒ.ටී.එම්. දේවසිරි (කරාතේ)
දක්ෂතම ක්‍රීඩිකාව
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහ‍ලේ එරන්දි දිලුෂිකා වරුෂවිතාන (මේස පන්දු), මීගමුව නිව්ස්ටඩ් විදුහ‍ලේ විදුෂා ලක්ෂාණි (මලල ක්‍රීඩා), කොළඹ ජාත්‍යන්තර පාස‍ලේ නදීරා ජයසේකර (පිහිනුම්), කොළඹ විශාකා විදුහ‍ලේ තිළිණි හෙන්දහේවා (බැඩ්මින්ටන්), සපුගස්කන්ද විශාකා විදුහ‍ලේ පූජා සුරවීර (කරාතේ), කොළඹ විශාකා විදුහ‍ලේ ටියුමි යශෝරා (චෙස්)

 


2015/06/02

                                        ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අද චීනයේදී ඇරඹේ
                                               සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්  
චන්ද්‍රිකා  සුභා­ෂිණී21 වැනි වරටත් පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය චීනයේ වුවාන්හීදී අද (3 දා) ආරම්භ වීමට නියමිතව ඇත. දින 5 ක්‌ පුරා (3 දා සිට 7 දා දක්‌වා) පැවැත්වෙන අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝaජනය කරමින් 31 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මේ වන විට චීනය බලා පිටත්ව ඇත.
ක්‍රීඩකයින් 16 ක්‌ ක්‍රීඩිකාවන් 7 ක්‌ හා නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මෙවර නායකත්වය ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික ශූරයා වන මංජුල කුමාරට හිමි වී ඇත.
ශ්‍රී ලංකා කණ්‌ඩායම
පිරිමි - හිමාෂ එශාන් (මීටර් 100), එම්.වී.එස්‌. ද සිල්වා (මීටර් 200), කාලිංග කුමාරගේ (4ඞ400 මීටර්), අංජන ගුණරත්න (4ං400 මීටර්), එච්.එම්. දිලීප් කුමාර (4ං400 මීටර්), චානක ජයසේකර (4ං400 මීටර්), නලීන් ගුණරත්න (4ං400 මීටර්), ඉඳුනිල් හේරත් (මීටර් 800), කේ.පී.එච්. නිර්මාල් (මීටර් 400 කඩුලු), මංජුල කුමාර විෙ-සේකර (උස පැනීම), අයි.ඩී.ඩී.එස්‌. ජයසිංහ (තුන්පිම්ම) එම්.අයි.එම්. අශ්රොµa (4ං100 මීටර්), ශෙහාන් අඹේපිටිය (4ං100 මීටර්), ඒ.ආර්.එම්.රාජස්‌ඛාන් (4ං100 මීටර්), පීS.කේ.එස්‌. සෝමවර්¨ධන (මීටර් 1500), චමින්ද විෙ-කෝන් (මීටර් 5000)
කාන්තා - ආර්.එම්. රුමේෂිකා රත්නායක (මීටර් 100), චන්aද්‍රිකා සුබාශිනී රස්‌නායක (මීටර් 400), ඩබ්.කේ.එල්.ඒ. නිමාලි (මීටර් 800), ගයාත්‍රිකා අබේරත්න (මීටර් 800), ටී.ජී.එන්.ඩී. වික්‍රමසිංහ (මීටර් 400 කඩුලු), විදූශා ලක්‌ෂාණි (තුන්පිම්ම), නදීකා ලක්‌මාලි (හෙල්ල)
 කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය නියෝජනය කරන රුමේෂා රත්නායක ඒ.ඩී. නන්දාවතී මහත්මිය යටතේ පුහුණුවීම් කරනු ලබයි.
 


2015/05/27
 රවිශංක,  සහ උමේෂිකා විශිෂ්ට සම්මාන ලබති
සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම් 
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ සංවිධානයෙන් පැවැති ජාතික කණිෂ්ට මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 20 න් පහළ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ අකිල රවිශංකටත්  එම වයස්‌ ඛාණ්‌ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ උමේෂිකා කුමාරි රත්නායක යන ක්‍රීඩක ක්‍රිඩිකාවන් සම්මාන දිනා ගත්හ.
වයස අවුරුරදු 20 න් පහළ ඛාණ්‌ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ රුමේෂිකා රත්නායක මීටර් 100 ඉසව්වෙන් තත්.11.85 ක කාලයක්‌ සහ මීටර් 200 ඉසව්වෙන් තත්.24.12 ක කාලයක්‌ වාර්තා කරමින් නව තරගාවලි වාර්තා පිහිටුවීම මත අදාළ සම්මානය ඇයට හිමි වුවාය. ඇය විසින් බිඳ හෙලනු ලැබුවේ 1993 වසරේ දමයන්ති දර්ශා විසින් මීටර් 100 හා 200 ඉසව්වන් සඳහා පිළිවෙලින් තත්.12.0 ක්‌ සහ තත්.24.40 ක්‌ ලෙස පිහිටුවා තබා තිබූ වාර්තා ද්විත්වයයි.

එම වයස්‌ ඛාණ්‌ඩයේ දක්‍ෂතම ක්‍රීඩකයින් බවට පත්වූ අකිල රවිශංක මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයෙන් තත්.14.40 ක දක්‍ෂතාවයක්‌ දක්‌වමින්ද එල්.පී.ජී. ධනංජය දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.34 ක දක්‍ෂතාවක්‌ දක්‌වමින්ද එම සම්මානය සඳහා සුදුස්‌සන් බවට පත්විය.

 චීනයේ හුවෑන්හිදී පැවැත්වීමට නියමිත 21වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය
   සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්
චීනයේ හුවෑන්හිදී පැවැත්වීමට නියමිත 21වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන කණ්ඩායමට අවසන් මොහොතේ  මීටර් 100 ඉසව්වට රුමේෂිකා රත්නායක ඇතුළත් කොට ඇත.
රුමේෂිකා රත්නායක කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකාවේ ඉගෙනුම ලබන 18 හැවිරිදි ක්‍රීඩිකාවක් බැවින් ඇය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. ඇය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් පැවැත්වූ තේරීම් තරගයේදී තත්පර 11.81කින් තරගය නිම කළාය.
මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට පාසල් වයසේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ඇතුළත් වීමද විශේෂත්වයකි. තුම්පිම්ම ජාතික වාර්තාව පිහිටවූ මීගමුව නිව්ස්ටඩ් බාලිකාවේ විදූෂා ලක්ෂානී, මීටර් 100 ශූර කළුතර විද්‍යාලයේ හිමාෂ ඒෂාන් හා කෑගල්ල බාලිකා විදුහලේ කෙටිදුර ධාවන ශූරී රුමේෂිකා රත්නායක එම තිදෙනා වේ.


2015/05/25
                                  කරාපිටියේ වෛද්‍යවරයා ඔලිම්පික්‌ විභාගයෙන් පළමු වැනි සාමාර්ථයක්‌ ගනී
පාසල් සිසුන් සඳහා ක්‍රීඩා වෛද්‍ය යෝග්‍යතා සහතික ලබාදීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ වැඩසටහනේ කැඳවුම්කරු
                                         සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්


අන්තර් ජාතික ඔලිම්පික්‌ වෛද්‍ය සභාව විසින් ප්‍රථම වරට පවත්වන ලද ඔලිම්පික්‌ ක්‍රීඩා වෛද්‍යවරුන් බිහිකිරීමේ පශ්චාත් උපාධි පාඨමාලාවෙන් පළමු වැනි සාමාර්ථයක්‌ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවෙන් එම විභාගයට පෙනී සිටි ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අංශ ප්‍රධානී වෛද්‍ය හිමාන්ද සිල්වා මහතාට හැකිවී තිබේ.
ලෝකයේ රටවල් හතළිස්‌ හතරක ක්‍රීඩා වෛද්‍යවරුන් හතළිස්‌ හතර දෙනකු මෙම පශ්චාත් උපාධි පාඨමාලාවේ අවසන් විභාගයට පෙනී සිට ඇති අතර එම විභාගයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ එකම ක්‍රීඩා වෛද්‍යවරයා හිමාන් ද සිල්වා මහතාය. පසුගිය අප්‍රේල් මස 20 වැනිදා දකුණු අප්‍රිකානු ප්‍රීටෝරියා විශ්වවිද්‍යාලයේදී මෙම පශ්චාත් උපාධි පාඨමාලාවේ අවසන් විභාගය පවත්වනු ලැබීය. මෙම උපාධි පාඨමාලාව සමත්වීම නිසා ඔලිම්පික්‌ ක්‍රීඩා වෛද්‍ය යන නිල නාමය භාවිත කිරීමටද ජාත්‍යන්තර ඔලිම්පික්‌ වෛද්‍ය සභාව විසින් වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා වෙත අවසරය ලබාදී තිබේ.
ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවේ වෛද්‍ය ප්‍රධානි මහාචාර්ය ලාස්‌ එන්ග බස්‌ටින් සහ මහාචාර්ය රොන් මෝගන් යන මහත්වරු විසින් හිමාන් මහතාට ඔලිම්පික්‌ ක්‍රීඩා වෛද්‍ය යන නිල නාමය භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්‌ කමිටුව වෙත ලිතව දන්වා ඇත.
මෙම උපාධි පාඨමාලාව හැදැරීමේදී වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා දක්‌වා ඇති සුවිශේෂ දක්‍ෂතා ඇගැයීමක්‌ ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා මුදල් ආධාර පරිත්‍යාග කිරීමටද තීරණය කර ඇති බව අන්තර් ජාතික ඔලිම්පික්‌ වෛද්‍ය සභාව හිමාන් ද සිල්වා මහතා වෙත දන්වා තිබේ. පාසල් සිසුන් සඳහා ක්‍රීඩා වෛද්‍ය යෝග්‍යතා සහතික ලබාදීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ වැඩසටහනේ කැඳවුම්කරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍යවරුන් ජාත්‍යන්තර වශයෙන් පුහුණු කිරීමේ වැඩසටහනේ කැඳවුම්කරු ලෙසද වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා කටයුතු කරයි.
 

2015/05/13
එල්.වී. ජයවීර බොක්සිං කුසලානය රත්නපුර සීවලී විදුහලට
සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්

එල්.වී. ජයවීර අනුස්මරණ කුසලාන අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ 42 වැනි පියවර පසුගියදා කොළඹ මහානාම විද්‍යාලයීය රඟහල පරිශ්‍රයේදී නිමාවට පත්වන විට රන් 3ක්, රිදී හා ලෝකඩ පදක්කම් 2 බැගින් වශයෙන් පදක්කම් 7ක් දිනාගත් රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය එල්.වී. ජයවීර අනුස්මරණ කුසලාන දිනාගැනීමට සමත්ව සිටියේය.
හතළිහකට වැඩි පාසල් සංඛ්‍යාවක් නියෝජනය කරමින් 400 ඉක්මවූ තරගකරුවන් පිරිසකගේ සහභාගිත්වය ඇතිව දින 5ක් තිස්සේ පැවැති මෙම තරගාවලියෙන්  

17-18 වයස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 56-60 බර පන්තියේ තරගයට සහභාගි වූ මිහාන් ප්‍රනාන්දු රත්නපුර සීවලී මැදි විදුහලේ එච්.පී.පී. කල්පගේ වට 2-1ක් ලෙස පරාජය කොට බොක්සිං වළල්ලෙන් මහානාමය දිනාගත් පළමු රන් පදක්කමේ හිමිකරුවා බවට පත්විණි.
ඒ හැරුණු විට ඔහු තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනාගත් අතර ඔහු සමඟ තරග කළ කල්පගේ දක්‍ෂතම පරාජිතයා ලෙස තෝරාගනු ලැබීය.
මෙවර තරගාවලියේ තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක්කේ උතුරු පළාත නියෝජනය කරමින් තරග වැදුණු ක්‍රීඩකයන් දෙදෙනකුද රන් පදක්කම් දිනාගැනීමට සමත් වීමය.
උතුරට රන් පදක්කම් රැගෙන යෑමේ ගෞරවය අවුරුදු 17-18 වයස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 49-52 බර පන්තියේ අවසන් තරගය ජයගත් යාපනය හාට්ලි විදුහලේ එස්. ජීවන්ත්ට හා අවුරුදු 17-18 වයස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 60-64 බර පන්තියේ අවසන් තරගය ජයගත් පුදුකුඩිඉරිප්පු මැදි විදුහලේ ජේ. ජෙන්සන්ට හිමිවිය.
ජීවන්ත් අතින් මෙන්ම ජෙන්සන් අතින්ද පරාජයට පත්ව තිබුණේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ක්‍රීඩකයන් වන ඒ.ඩී.ඒ. සඳරුවන් හා පී.එන්.ඩී. සුලක්‍ෂණ වීමද කැපීපෙනිණි.


2015/05/12
පළමුවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා උළෙල 
සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්
කටාර්හිදී අවසන් වූ පළමුවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී  ගොඩකවෙල මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන රොශාන් ධම්මික රණතුංග මීටර් 2.12 ක උසක්‌ පනිමින්ද රිදී පදක්‌කම් ලාභීන් බවට පත්වූහ.

2015/05/11
 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සදහා තෝරා ගැනීම
සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්
 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් පැවැති තේරීම් තරගයේදීමීටර් 100 කාන්තා තරගයේ ජය කෑගලු බාලිකා විදුහලේ රොමේෂා රත්නායක තත්.11.81කින් හිමිකර ගත්තාය.

2015/05/07

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7කට දෝහා කටාර් වරම් - පළමු ආසියානු යොවුන් (අවුරුදු 18) මලල ක්‍රීඩා තරගාවලිය
 සබරගමුවෙන්  එක් ක්‍රීඩකයෙක් හා පුහුණුකරුවෙක්
ලබන මැයි 8 සිට 11 දක්වා දෝහා කටාර් හි පැවැත්වෙන පළමු වැනි ආසියානු යොවුන් අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ක්‍රීඩකයන් හය දෙනකුට හා එක් ක්‍රීඩිකාවකට හිමිව ඇත.

සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා පිල
ආර්. රොෂාන් ධම්මික සහ
ක්‍රීඩා උපදේශක ඊ. පී. ටිරෝන් ඉන්දික ගමගේ සමග

ක්‍රීඩකයන් _ ආර්.ආර්. ධම්මික රණතුංග (උස පැනීම, කුලරත්න විදුහල ගොඩකවෙල) එල්.ඩබ්ලිව්. චමල් කුමාරසිරි (තුන් පිම්ම, මීරිගම ඩී.එස්. සේනානායක විදුහල) දර්ශන රාජපක්‍ෂ මීටර් (400, ශාන්ත සිල්වෙස්ටර් විදුහල) උදිත චන්ද්‍රසේකර (මීටර් 400 කඩුලු මාරිස්ටෙලා විදුහල) ආසිරි විජේසේකර (මීටර් 200 ගේට්වේ විදුහල) උෂාන් තිවංක (උස පැනීම, මාරිස්ටෙලා විදුහල)
ක්‍රීඩිකාව - ඩී.එම්. යමානි දුලාංජලී (මීටර් 400 කඩුලු, අඹගමුව ම.ම. විදුහල)
නිලධාරීන් - අනුර බණ්ඩාර (කළමනාකරු/ පුහුණුකරු) කාන්තා භාර නිලධාරිනිය - එම්. අනුෂා දිල්රුක්‍ෂි පෙරේරා, පුහුණුකරු - ටිරෝන් ඉන්දික ගමගේ (කුලරත්න විදුහල ගොඩකවෙල )
පුහුණුකරු - ජයමිණි සංජීව වීරක්කොඩි

2015/04/27
                          ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි මස 23, 24, 25 සහ 26 යන දිනයන්හිදී පෙ. ව. 7.00 සිට දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබේ.
මෙම ශූරතාවලිය සඳහා වයස අවු. 16 න් පහළ (2000 - 2001), වයස අවු. 18 න් පහළ (1998 - 1999), වයස අවු. 20 න් පහළ (1996 - 1997), සහ වයස අවු. 23 න් පහළ (1993, 1994 හා 1995) යන වයස්‌ කාණ්‌ඩ යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
අදාළ තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගනු ලබන අවසන් දිනය මැයි මස 7 දා වන අතර, අයදුම්පත් කොළඹ 07, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් මූලස්‌ථානයෙන් ලබාගත හැක.

2015/04/07
ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝග ශූරතා යොවුන් බොක්සිං තරගාවලිය
ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝග ශූරතා යොවුන් බොක්සිං තරගාවලියේ පිරිමි  කි.ග්‍රෑ. 91 සුපර් හෙවි බර පන්තිය  අප පළාතේ සීවලී මැදි විදුහ‍ලේ කේ.එල්. මධුරංග ශිෂ්‍යා දිනා ගන්නා ලදී. පාසල් බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් ඉදිරියේ පැවැත්වෙන ජාතික තලයේ තරගාවලි නියෝජනය සඳහා සුදුසුකම් ලබන ලදී.

2015/04

                                                                    ජාත්‍යන්තර ක්‍රීඩා දිනය 6 දා නුවරඑළියේදී 
  කායික හා මානසික සමබරතාවයෙන් යුක්‌ත
ප්‍රජාවක්‌ බිහි කිරීමේ අරමුණින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන ලද ජාත්‍යන්තර ක්‍රීඩා දිනයට සමගාමීව සෑම වසරකම අප්‍රේල් 06 දා ජාත්‍යන්තර ක්‍රීඩා දිනය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව මෙරව එය නුවරඑළියේ දී උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතය.
ජිම්නාස්‌ටික්‌ සංදර්ශන, වූෂු සංදර්ශන, මවුන්ටන් පාපැදි තරග, මැරතන්, රෝද පුටු තරගයක්‌ මෙන්ම පා ගමනක්‌ද අදාළ උත්සවයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ශ්‍රී ලංකාවේ සියලු පාසල්වල උදෑසන ක්‍රියාත්මක වීමට නියමිත විනාඩි 13 කින් යුත් ශරීර සුවතා වැඩසටහනද නිල වශයෙන් එළිදැක්‌වීම එහිදී සිදුවේ.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්‌ පෙරේදා (01 දා) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී අදහස්‌ දැක්‌වූ ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය සැමරීම කුමන රජයක්‌ යටතේ වුවද දිගටම කරගෙන යා යුතු බවයි.
තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා, "මම අධ්‍යාපන ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. සෑම ළමයෙකුටම ක්‍රීඩාව අනිවාර්ය කරන්න කියලා. ඒ වගේම පාසල්වලට අනිවාර්ය කරල තියෙන විනාඩි 15 උදෑසන ශරීර සුවතා වැඩසටහනද නිසියාකාරව සිදු නොවන බවට තමන්ට දැන ගැනීමට ලැබුණ බවත් ඒ පිළිබඳවත් සිය අවධානය යොමුකරන බවත් ඒ මහතා කියා සිටියේය. එහිදී මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා "දැනට සමස්‌ත පාසල් පද්ධතිය තුළ
15% ක්‌ වගේ තමයි ළමයි ක්‍රීඩාව සඳහා යොමුවෙලා තියෙන්නේ. ක්‍රීඩාව මීට වැඩිය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත කළ යුතු වෙනවා" යෑයි පැවසීය.
පාසල් දරු දැරියන් බෝ නොවන රෝගවලින් වළක්‌වා ගැනීමටත්, ක්‍රියාශීලී නිරෝගී දරුවන් ලෙස නිරෝගී ශ්‍රී ලාංකික පුරවැසියන් බිහිකිරීමට හැකිවන සේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග ඒකාබද්ධව කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.


2015/03/31

‘ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සංගමයේ ළමා ක්‍රීඩා’ වැඩසටහන ක්‍රියාත්මකයි
ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සංගමයේ ළමා මලල ක්‍රීඩා’ වැඩසටහනේ අනුග්‍රාහකත්වය නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශිවානි හෙග්ඩේ මහත්මිය විසින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට පිරිනැමූ අවස්ථාව. (වමේ සිට) ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල, සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, නෙස්ලේ ලංකා ආයතනයේ උප සභාපති බන්දුල එගොඩගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, පාසල් ක්‍රීඩා සභාවේ සභාපති බී.ඒ.අබේරත්න හා අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති නිළධාරී (ක්‍රීඩා) මිල්රෝයි ජයමාන්න යන මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය: සමන් මෙන්ඩිස්
දරුවන්ගේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට උපරිමයෙන් කටයුතු කරන බව පවසන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී ලංකාවේ පාසල් දරු දැරියන්ගේ ශාරිරික සෞඛ්‍යය නගා සිටුවීමේ පුණ්‍යකර්මවල යෙදෙන ‘නෙස්ලේ ලංකා’ වැනි ආයතන දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරයි.
“දෙන තරමට තමයි ලැබෙන්නේ. වෙනත් ලොකු ලොකු ආයතන ඉන්නේ නමට විතරයි. දරුවන් ශාරිරිකව ශක්තිමත් කරන ක්‍රීඩා වැඩසටහන්වලට අනුග්‍රහය දැක්වීම ගැන මා නෙස්ලේ ආයතනයට ස්තූතිවන්ත වෙනවා” යැයිද ඇමැතිවරයා කියයි.
අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් පළකලේ අධ්‍යාපන අමාත්‍යංශය හා නෙස්ලේ ලංකා පී.එල්.සී. සමාගම අතර ඇතිකර ගත් සහයෝගිතාවෙන් හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ දායකත්වයෙන් ‘ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සංගමයේ ළමා මලල ක්‍රීඩා’ වැඩසටහන හඳුන්වාදීම පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී නිල වශයෙන් නිවේදනය කෙරුණු උත්සවයේදීය.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් අතර ශාරිරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම මේ වැඩසටහනෙහි අපේක්ෂාව වෙයි. නෙස්ලේ සමාගම, ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සංගමයේ මේ ළමා මලල ක්‍රීඩා වැඩසටහනෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වෙයි. එහිදී තවදුරටත් කරුණු දැක්වූ අධ්‍යාපන ඇමැතිවරයා, අද ලක්ෂ හතළිහක් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින බවත් එහෙත් ක්‍රීඩාවට යොමුවන්නේ මින් සියයට 15ක් පමණක් බව මෑතකදී කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළිවී ඇති බවත් කියා සිටියේය.
“ඒ ඒ ක්‍රීඩාවට අවශ්‍ය ගුරුවර ගුරුවරියන් අද බොහෝ පාසල්වලට නැහැ, ස්වාමින් වහන්සේලා වොලිබෝල් උගන්වනවා..සංගීත ටීචර්ලා නෙට්බෝල් උගන්වනවා..?” යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කාරියවසම් මහතා, කාර්යය හරියට දන්නා ගුරුවරුන් ඒ ඒ ක්‍රීඩාවලට පත්කරන බවත් පාසල් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැලසුම් කරන බවත් පවසා සිටියේය.
අධ්‍යාපන අමාත්‍යංශයෙන් හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන් මනා පුහුණුවක් ලැබූ ප්‍රාථමික පාසල් ගුරුවරුන් විසින් මේ ශාරිරික ක්‍රියාකාරකම් අධ්‍යාපන කොට්ඨාස 98කදී ක්‍රියාත්මක වනු ඇති බවද අධ්‍යාපන ඇමැතිවරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
මේ වැඩසටහන මගින් පාසල් වේලාවේදී මිනිත්තු 25ක් දෛනිකව ප්‍රාථමික පාසල් සිසු සිසුවියන් ක්‍රීඩාවක නියැලවීමට කටයුතු කෙරෙන අතර පුහුණුව ලත් පාසල් ගුරුවරුන් හා ගුරුවරියන් විසින් එය අධීක්ෂණය කරනු ඇත. මෙහිදී 3,4 හා 5 ශ්‍රේණිවල ළමයින් ක්‍රීඩා 10ක නියැලෙනු ඇත.
වේගයෙන් හා බාධක මතින් දිවීම, මිශ්‍ර ධාවනය, දැරීමේ හැකියා ධාවනය, රිටි දුර පැනීම, ස්කිපිං පැනීම, හිටි දුර සමූහ පැනීම, කතිර පැනීම, ඉලක්කයට විසි කිරීම, දණහිස් මත විසි කිරීම හා කරකැවී විසි කිරීම මේ ක්‍රීඩා ඉසව් වෙති. දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින මේ වැඩසටහනෙහි තරගකාරී ප්‍රථම අදියර එළැඹෙන අප්‍රේල් මස නිවාඩුවෙන් පසුව ඇරැඹෙන දෙවැනි පාසල් වාරයේදී මධ්‍යම පළාතෙන් ආරම්භ වීමට නියමිතය.
නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශිවානි හෙග්ඩේ මහත්මිය හා එම ආයතනයේ උපසභාපති බන්දුල එගොඩගේ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු හා පාසල් ක්‍රීඩා සභාවේ සභාපති බී.ඒ. අබේරත්න යන මහත්වරුද මේ උත්සවයේදී කතා කළහ.

2015/03/27

බාලක බාලිකා යොවුන් බොක්සිං තරගාවලියේ 2015- රත්නපුර සීවලීය 3 වන ස්ථානය
කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ක්‍රීඩක නිවස්නයේ පිහිටි ක්‍රීඩාගාරය කේන්ද්‍රකර ගනිමින් ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සමඟ එක්ව සංවිධානය කළ බාලක බාලිකා යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත බාලක ශූරතාව හොරණ විද්‍යාරත්න සරසවි විදුහලටද සමස්ත බාලිකා ශූරතාව පිළිමතලාව මැදි මහ විදුහලටද හිමි වූහ.
ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝග ශූරතාව වෙනුවෙන් අවුරුදු 17 - 18 අතර වයසේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පවත්වන ලද මෙම තරගාවලියට බාලිකා බර පන්ති 8ක් හා බාලක බර පන්ති 10ක් අයත් වූහ.
 බාලිකා ශූරතාව දිනූ පිළිමතලාව මැදි මහ විදුහල රන් පදක්කම් 2ක් හා රිදී පදක්කමක්ද අනුශූරතාව දිනූ නාරන්දෙණිය මැදි මහ විදුහල රන් පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක්ද දිනා ගෙන තිබූ අතර තෙවැනි ස්ථානය දිනූ රත්නපුර සීවලි මහ විදුහලට රන්, රිදී හා ලෝකඩ පදක්කම් එක බැගින් හිමිවී තිබිණි.හොරණ විද්‍යාරත්න සරසවි විදුහල ශූරතාව දිනා ගැනීම සඳහා රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් දෙක බැගින් හිමි කර ගත්තේය. එහි අනුශූරතාව දිනූ කොළඹ රාජකීය විදුහල හා මහනුවර විද්‍යාර්ථ විදුහල රන්, රිදී හා ලෝකඩ පදක්කම් එක බැගින් දිනාගෙන තිබිණි. මහනුවර කිංග්ස්වුඩ් විදුහල රන් පදක්කමක් දිනා ගනිමින් බාලක තෙවැනි ස්ථානයට පත්ව සිටියේය.


2015/03/20

මෙවර අවු14 න් පහළ පාපන්දු තරගාවලිය  තජිකස්තාන් රටේ දුෂ්බින්ද නගරයෙදී මැයි මස 13 වැනිදා සිට 27 වන දින දක්වා පැවැත්වේ.  ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස සබරගමුව පළාතේ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක ලෙස කටයුතු කරන ඒ.කේ.එම්.අජ්වාඩ් මහතා පත් කොට ඇත.සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්.







2015/03/20

ඉසුරුපාය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
බත්තරමුල්ල
මගේ අංකය   ED/1/15/2/4/15
දිනය 2015/03/02
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
....................කලාප අධ්‍යාපන කාර්යාලය
...........................................
2015 පසැල් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබද සාකච්ජාව
2014 වසරේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද පාසල් ක්‍රීඩා වැඩසටහන් පිළිබදව ප්‍රගතිය  හා 2015 වසරේ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදය පිළිබද සාකච්ජා කිරීම සදහා රැස්වීමක් 2015 මාර්තු මස 20 වන දින  ( පාපන්දු , වොලිබෝල්  , නෙට්බෝල් ) පෙ.ව 9.00 සිට ප.ව.4.00 දක්වා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට තීරණය කර ඇත. 
මෙම රැස්වීම සදහා ඔබ කලාපයේ ............  ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී  .........මහතා /මිය අනිවාර්යයෙන් සමභාගි කරවන මෙන් කාරුණිකව දන්වමි.
බි.ඒ. අබේරත්න 
අධ්‍යාපන අධ්‍යක්ෂ
( සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා )
අධ්‍යාපන ලේකම් වෙනුවට

පිටපත්
  1. කලාප ක්‍රීඩා භාර විෂය අධ්‍යක්ෂ                 - දැ.ග.ස. හා මෙම රැස්වීම සදහා ඔබ කලාපයේ ක්‍රීඩා සම්බන්ධීකරණ මහතා /මිය අනිවාර්යයෙන් සහභාගි කරවීම සදහා
  2. ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී මහතා/මිය - සාකච්ජාව සදහා අනිවාර්යයෙන් සහභාගි කරවීම සදහා

2015/03/19
ඉසුරුපාය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
බත්තරමුල්ල
මගේ අංකය   ED/1/15/2/4/15
දිනය 2015/03/02
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
....................කලාප අධ්‍යාපන කාර්යාලය
...........................................
2015 පසැල් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබද සාකච්ජාව
2014 වසරේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද පාසල් ක්‍රීඩා වැඩසටහන් පිළිබදව ප්‍රගතිය  හා 2015 වසරේ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදය පිළිබද සාකච්ජා කිරීම සදහා රැස්වීමක් 2015 මාර්තු මස 19 වන දින  ( මලල ක්‍රීඩා , ජිම්නාස්ටික් , රගර් ) පෙ.ව 9.00 සිට ප.ව.4.00 දක්වා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට තීරණය කර ඇත. 
මෙම රැස්වීම සදහා ඔබ කලාපයේ ............  ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී  .........මහතා /මිය අනිවාර්යයෙන් සමභාගි කරවන මෙන් කාරුණිකව දන්වමි.
බි.ඒ. අබේරත්න 
අධ්‍යාපන අධ්‍යක්ෂ
( සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා )
අධ්‍යාපන ලේකම් වෙනුවට

පිටපත්
  1. කලාප ක්‍රීඩා භාර විෂය අධ්‍යක්ෂ                 - දැ.ග.ස. හා මෙම රැස්වීම සදහා ඔබ කලාපයේ ක්‍රීඩා සම්බන්ධීකරණ මහතා /මිය අනිවාර්යයෙන් සහභාගි කරවීම සදහා
  2. ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී මහතා/මිය - සාකච්ජාව සදහා අනිවාර්යයෙන් සහභාගි කරවීම සදහා


2015/03/17
අද දින සබරගමුව පළාත් ශ්‍රවණාගාරයේ පැවති

2015/03/11
                              ක්‍රිකට්‌ විනිසුරුවන් බඳවා ගැනීම සඳහා අයෑදුම්පත් භාර ගැනේ

ලංකා ක්‍රිකට්‌ විනිසුරුකරණයේ නියෑළී සිටින සංගම් අතර ප්‍රධානතම සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා වන අයෑදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදුවෙමින් පවතියි.
වසර 71 ක කාලයක්‌ පුරා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුකරණයේ නියෑළී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයට පුරප්පාඩු පිරවීම සඳහා දිවයිනේ නන් දෙසින් බඳවා ගැනීම් සිදු කරනු ලබන අතර එහිදී මෙම මාර්තු මස 31 දිනට වයස 23 ත් 45 ත් අතර කාන්තා, පිරිමි දොර්ශ්වයටම මේ සඳහා අයෑදුම් කළ හැක. අවම සුදුසුකම ලෙස අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත්ව තිබිය යුතුය.
මීට අමතරව ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නියෑළී තිබීම විශේෂ සුදුසුකමක්‌ ලෙස සලකනු ලැබේ. ක්‍රිකට්‌ විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට කැමැති සියලුදෙනා දුරකථන අංකය ඇතුළත්ව සකස්‌ කරන ලද දත්ත විස්‌තර සහිත අයෑදුම්පත්‍රය, මාර්තු මස 15 වැනිදාට ප්‍රථම ශිරෝෂ ගුණතිලක මහතා, සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමය, අංක 48/1/ඒ, පාසල් මාවත, නාවල යන ලිපිනයට යොමු කළ යුතු බව එම සංගමය දැනුම් දී සිටියි.

 2015/03/09
ක්‍රීඩා තරග සදහා සහභාගි වන  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෛද්‍ය සහතික ලබා දීම පිළිබදව ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහන පහත සදහන් දින වල පෙ.ව 9.00 ට ආරම්භවේ.


                                  කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන                                 රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන                                                          
දිනය 2015 මාරතු 16 2015 මාරතු 17
ස්ථානය කෑ/ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරය
වේලාව පෙ.ව.09.00 පෙ.ව.09.00

2015/02/11
 නිවිතිගල අධ්‍යාපන කලාපයේ තෝරා ගත් පාසල් 30 ක් සදහා කබඩි , ශාරීරික අභ්‍යාස , චෙස් යන ක්‍රීඩා සදහා එක් පාසලකින් දරුවන් 05 ක් හා ගුරු මහත්ම මහත්මීන් සදහා එක් දින පුහුණු වැඩමුළුවක් නිවිතිගල යක්දෙහිවත්ත විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.  සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුමිතා දෙල්ගොඩආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වයෙන් සුබෝධනි ජයසූරිය මිය , නන්දන සිසිර කුමාර මයා ,අනිල් කුමාර මයා , නිහාල් වික්‍රමසිංහ මයා සහභාගි විය.



2015/02/10
නිවිතිගල අධ්‍යාපන කලාපයේ 6 / 10  ශ්‍රේණි සදහා වූ නව විෂය නිර්දේශය හදුන්වා දීමේ  වැඩසටහන අද දිනයේ කහවත්ත ම.ම.වි ශ්‍රවණාගාරයේදී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුමිතා දෙල්ගොඩආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සදහා සම්පත්දායකත්වයෙන් සුබෝධනි ජයසූරිය , නිමාලි ප්‍රනාන්දු ,හා අනිල් කුමාර යන මහත්ම මහත්මීන් කටයුතු කල අතර කලාපයේ පාසල් 44 ක් නියෝජනය කරමින් ගුරු මහත්ම මහත්මීන් මේ සදහා සහභාගී විය.

2015/02/06

Young athletes fulfill their dreams

Young athletes fulfill their dreams

It's hard to imagine that the soft-spoken Shivanthi Rathnayake is a national athlete, representing Sri Lanka in the international arena. The fleet-footed student of St. Joseph's Balika, Kegalle was first noticed when she won a silver medal in the 400 metre event at the Commonwealth Youth Athletics Championship. More recently, she won Sri Lanka's first gold medal at the Asian Junior Athletics Championship in 2012. Shivanthi has also dominated at the Sir John Tarbet Athletics Championships, where she won in the junior category for both the 200 metre and 400 metre events in each year of her recent participation. It was a natural progression for her to be appointed National Junior Women's Athletics Captain for 2012 and 2013.
Yet, this journey would have been more difficult for Shivanthi if not for Janashakthi Insurance's Rural Athlete Sponsorship programme. In 2013, she led the Women's Team to Sri Lanka's best ever performance at the SAARC Junior Athletics Championships at Randhi, India. Shivanthi herself won Gold at the 400 meters and anchored the 4 x 400 relay team to a 2nd Gold Medal.
As at date, Janashakthi sponsors 11 school athletes, helping them to achieve their dream of achieving national and even international recognition.
Bertal Pinto-Jayawardena, General Manager (Finance & Planning) & Co-ordinator, Rural Athlete Sponsorship Programme explained that Janashakthi commenced this scheme in 2007 and has supported the journey of many outstanding rural athletes, helping them to reach their potential. He further stated that currently Janashakthi has provided 7 Athletes with employment contracts and has sponsored 11 other school student rural athletes from across Sri Lanka.
Each of these talented athletes is handpicked for their potential. Janashakthi Insurance then sponsors them via monthly payments. Beyond monthly payments, the programme also sponsors overseas travel for international events and even provides motivation and other technical guidance to athletes. In addition, each athlete is provided with an Incentive Scheme to reward them for their achievements at local and international meets.
"At Janashakthi Insurance, we pride ourselves on being fairminded- and nowhere is this ideal showcased more appropriately than in the world of sports and athletics, " explained General Manager of Marketing and Sales of Janashakthi Insurance, Shehara de Silva.
Another lucky recipient of sponsorship is Harshani Wathsala Kumari, a student of Sumana Balika Vidyalaya, Ratnapura. Harshani can hold her own in the 400 metre hurdles and finished first in the 100 metre hurdle event nationally. Her most treasured memory, however, is of coming second in the 400 metre hurdles event in Melbourne, Australia, which she describes as being "an unforgettable experience." Last year, she represented Sri Lanka in the Asian Youth championships, and just last month, she too participated in the South Asian Junior Athletics Championships in Ranchi, India.
Fresh from a Ukraine visit to participate in the World Youth Athletic Championships 2013 is Samith Lakmal. A young student of Ratnapura Seevali Vidyalaya, Samith has shone in both 100 metre and 200 metre events and is the Schools record holder for the 200 meters. He too secured a bronze in 200 Meters at India and a Gold Medal in the relay. "If it wasn't for Janashakthi, I would not be competing right now, since I could not afford the expenses involved. Janashakthi Insurance gave me one of the best gifts I have ever received- the chance to represent my country and in doing so, fulfil my own long-held dream of being a great athlete," an enthusiastic Samith said. Also from Ratnapura, Prince College student Malin Udaya Kumara won a silver medal at the South Asian Junior Athletics Championships last month in the 110 metre hurdles event. He holds unbeatable records in the under 15, 17 and 19 age categories in the long jump event. Malin was also named the best athlete in the Senior category at the Sir John Tarbet Athletics Championship.
One of the brightest stars from the current batch of athletes sponsored by Janashakthi is 17 years old Rumeshi Ratnayake from St. Joseph's Girls School, Kegalle. She is the National Schools Champion for 100 M and 200 Meters. She has represented Sri Lanka at the World Junior Championships, The Asian Schools Championships and the SAARC Junior Championships in 2013. She secured 2 bronzes and a gold at the latter meet,.
Akila Ravishanka a 16 year old from Uda Walawe, has already done Sri Lanka proud by winning a Silver Medal in the Asian Junior Championships held in China, in 2013.
Each of these athletes are brimming with talent and drive, but were almost thwarted from fulfilling their dream due to economic challenges that they faced. However, they are now able to follow their passion and bring honour and glory to Sri Lanka. Parents of some of these Athletes with tears in their eyes have thanked the Company for enabling their children to continue with Athletics and be able to represent Sri Lanka. 
- See more at: http://dailynews.lk/?q=sports/young-athletes-fulfill-their-dreams#sthash.xvHNhtby.dpuf
 

Young athletes fulfill their dreams

It's hard to imagine that the soft-spoken Shivanthi Rathnayake is a national athlete, representing Sri Lanka in the international arena. The fleet-footed student of St. Joseph's Balika, Kegalle was first noticed when she won a silver medal in the 400 metre event at the Commonwealth Youth Athletics Championship. More recently, she won Sri Lanka's first gold medal at the Asian Junior Athletics Championship in 2012. Shivanthi has also dominated at the Sir John Tarbet Athletics Championships, where she won in the junior category for both the 200 metre and 400 metre events in each year of her recent participation. It was a natural progression for her to be appointed National Junior Women's Athletics Captain for 2012 and 2013.
Yet, this journey would have been more difficult for Shivanthi if not for Janashakthi Insurance's Rural Athlete Sponsorship programme. In 2013, she led the Women's Team to Sri Lanka's best ever performance at the SAARC Junior Athletics Championships at Randhi, India. Shivanthi herself won Gold at the 400 meters and anchored the 4 x 400 relay team to a 2nd Gold Medal.
As at date, Janashakthi sponsors 11 school athletes, helping them to achieve their dream of achieving national and even international recognition.
Bertal Pinto-Jayawardena, General Manager (Finance & Planning) & Co-ordinator, Rural Athlete Sponsorship Programme explained that Janashakthi commenced this scheme in 2007 and has supported the journey of many outstanding rural athletes, helping them to reach their potential. He further stated that currently Janashakthi has provided 7 Athletes with employment contracts and has sponsored 11 other school student rural athletes from across Sri Lanka.
Each of these talented athletes is handpicked for their potential. Janashakthi Insurance then sponsors them via monthly payments. Beyond monthly payments, the programme also sponsors overseas travel for international events and even provides motivation and other technical guidance to athletes. In addition, each athlete is provided with an Incentive Scheme to reward them for their achievements at local and international meets.
"At Janashakthi Insurance, we pride ourselves on being fairminded- and nowhere is this ideal showcased more appropriately than in the world of sports and athletics, " explained General Manager of Marketing and Sales of Janashakthi Insurance, Shehara de Silva.
Another lucky recipient of sponsorship is Harshani Wathsala Kumari, a student of Sumana Balika Vidyalaya, Ratnapura. Harshani can hold her own in the 400 metre hurdles and finished first in the 100 metre hurdle event nationally. Her most treasured memory, however, is of coming second in the 400 metre hurdles event in Melbourne, Australia, which she describes as being "an unforgettable experience." Last year, she represented Sri Lanka in the Asian Youth championships, and just last month, she too participated in the South Asian Junior Athletics Championships in Ranchi, India.
Fresh from a Ukraine visit to participate in the World Youth Athletic Championships 2013 is Samith Lakmal. A young student of Ratnapura Seevali Vidyalaya, Samith has shone in both 100 metre and 200 metre events and is the Schools record holder for the 200 meters. He too secured a bronze in 200 Meters at India and a Gold Medal in the relay. "If it wasn't for Janashakthi, I would not be competing right now, since I could not afford the expenses involved. Janashakthi Insurance gave me one of the best gifts I have ever received- the chance to represent my country and in doing so, fulfil my own long-held dream of being a great athlete," an enthusiastic Samith said. Also from Ratnapura, Prince College student Malin Udaya Kumara won a silver medal at the South Asian Junior Athletics Championships last month in the 110 metre hurdles event. He holds unbeatable records in the under 15, 17 and 19 age categories in the long jump event. Malin was also named the best athlete in the Senior category at the Sir John Tarbet Athletics Championship.
One of the brightest stars from the current batch of athletes sponsored by Janashakthi is 17 years old Rumeshi Ratnayake from St. Joseph's Girls School, Kegalle. She is the National Schools Champion for 100 M and 200 Meters. She has represented Sri Lanka at the World Junior Championships, The Asian Schools Championships and the SAARC Junior Championships in 2013. She secured 2 bronzes and a gold at the latter meet,.
Akila Ravishanka a 16 year old from Uda Walawe, has already done Sri Lanka proud by winning a Silver Medal in the Asian Junior Championships held in China, in 2013.
Each of these athletes are brimming with talent and drive, but were almost thwarted from fulfilling their dream due to economic challenges that they faced. However, they are now able to follow their passion and bring honour and glory to Sri Lanka. Parents of some of these Athletes with tears in their eyes have thanked the Company for enabling their children to continue with Athletics and be able to represent Sri Lanka. 
- See more at: http://dailynews.lk/?q=sports/young-athletes-fulfill-their-dreams#sthash.xvHNhtby.dpuf

Young athletes fulfill their dreams

It's hard to imagine that the soft-spoken Shivanthi Rathnayake is a national athlete, representing Sri Lanka in the international arena. The fleet-footed student of St. Joseph's Balika, Kegalle was first noticed when she won a silver medal in the 400 metre event at the Commonwealth Youth Athletics Championship. More recently, she won Sri Lanka's first gold medal at the Asian Junior Athletics Championship in 2012. Shivanthi has also dominated at the Sir John Tarbet Athletics Championships, where she won in the junior category for both the 200 metre and 400 metre events in each year of her recent participation. It was a natural progression for her to be appointed National Junior Women's Athletics Captain for 2012 and 2013.
Yet, this journey would have been more difficult for Shivanthi if not for Janashakthi Insurance's Rural Athlete Sponsorship programme. In 2013, she led the Women's Team to Sri Lanka's best ever performance at the SAARC Junior Athletics Championships at Randhi, India. Shivanthi herself won Gold at the 400 meters and anchored the 4 x 400 relay team to a 2nd Gold Medal.
As at date, Janashakthi sponsors 11 school athletes, helping them to achieve their dream of achieving national and even international recognition.
Bertal Pinto-Jayawardena, General Manager (Finance & Planning) & Co-ordinator, Rural Athlete Sponsorship Programme explained that Janashakthi commenced this scheme in 2007 and has supported the journey of many outstanding rural athletes, helping them to reach their potential. He further stated that currently Janashakthi has provided 7 Athletes with employment contracts and has sponsored 11 other school student rural athletes from across Sri Lanka.
Each of these talented athletes is handpicked for their potential. Janashakthi Insurance then sponsors them via monthly payments. Beyond monthly payments, the programme also sponsors overseas travel for international events and even provides motivation and other technical guidance to athletes. In addition, each athlete is provided with an Incentive Scheme to reward them for their achievements at local and international meets.
"At Janashakthi Insurance, we pride ourselves on being fairminded- and nowhere is this ideal showcased more appropriately than in the world of sports and athletics, " explained General Manager of Marketing and Sales of Janashakthi Insurance, Shehara de Silva.
Another lucky recipient of sponsorship is Harshani Wathsala Kumari, a student of Sumana Balika Vidyalaya, Ratnapura. Harshani can hold her own in the 400 metre hurdles and finished first in the 100 metre hurdle event nationally. Her most treasured memory, however, is of coming second in the 400 metre hurdles event in Melbourne, Australia, which she describes as being "an unforgettable experience." Last year, she represented Sri Lanka in the Asian Youth championships, and just last month, she too participated in the South Asian Junior Athletics Championships in Ranchi, India.
Fresh from a Ukraine visit to participate in the World Youth Athletic Championships 2013 is Samith Lakmal. A young student of Ratnapura Seevali Vidyalaya, Samith has shone in both 100 metre and 200 metre events and is the Schools record holder for the 200 meters. He too secured a bronze in 200 Meters at India and a Gold Medal in the relay. "If it wasn't for Janashakthi, I would not be competing right now, since I could not afford the expenses involved. Janashakthi Insurance gave me one of the best gifts I have ever received- the chance to represent my country and in doing so, fulfil my own long-held dream of being a great athlete," an enthusiastic Samith said. Also from Ratnapura, Prince College student Malin Udaya Kumara won a silver medal at the South Asian Junior Athletics Championships last month in the 110 metre hurdles event. He holds unbeatable records in the under 15, 17 and 19 age categories in the long jump event. Malin was also named the best athlete in the Senior category at the Sir John Tarbet Athletics Championship.
One of the brightest stars from the current batch of athletes sponsored by Janashakthi is 17 years old Rumeshi Ratnayake from St. Joseph's Girls School, Kegalle. She is the National Schools Champion for 100 M and 200 Meters. She has represented Sri Lanka at the World Junior Championships, The Asian Schools Championships and the SAARC Junior Championships in 2013. She secured 2 bronzes and a gold at the latter meet,.
Akila Ravishanka a 16 year old from Uda Walawe, has already done Sri Lanka proud by winning a Silver Medal in the Asian Junior Championships held in China, in 2013.
Each of these athletes are brimming with talent and drive, but were almost thwarted from fulfilling their dream due to economic challenges that they faced. However, they are now able to follow their passion and bring honour and glory to Sri Lanka. Parents of some of these Athletes with tears in their eyes have thanked the Company for enabling their children to continue with Athletics and be able to represent Sri Lanka. 
- See more at: http://dailynews.lk/?q=sports/young-athletes-fulfill-their-dreams#sthash.xvHNhtby.dpuf

Young athletes fulfill their dreams

It's hard to imagine that the soft-spoken Shivanthi Rathnayake is a national athlete, representing Sri Lanka in the international arena. The fleet-footed student of St. Joseph's Balika, Kegalle was first noticed when she won a silver medal in the 400 metre event at the Commonwealth Youth Athletics Championship. More recently, she won Sri Lanka's first gold medal at the Asian Junior Athletics Championship in 2012. Shivanthi has also dominated at the Sir John Tarbet Athletics Championships, where she won in the junior category for both the 200 metre and 400 metre events in each year of her recent participation. It was a natural progression for her to be appointed National Junior Women's Athletics Captain for 2012 and 2013.
Yet, this journey would have been more difficult for Shivanthi if not for Janashakthi Insurance's Rural Athlete Sponsorship programme. In 2013, she led the Women's Team to Sri Lanka's best ever performance at the SAARC Junior Athletics Championships at Randhi, India. Shivanthi herself won Gold at the 400 meters and anchored the 4 x 400 relay team to a 2nd Gold Medal.
As at date, Janashakthi sponsors 11 school athletes, helping them to achieve their dream of achieving national and even international recognition.
Bertal Pinto-Jayawardena, General Manager (Finance & Planning) & Co-ordinator, Rural Athlete Sponsorship Programme explained that Janashakthi commenced this scheme in 2007 and has supported the journey of many outstanding rural athletes, helping them to reach their potential. He further stated that currently Janashakthi has provided 7 Athletes with employment contracts and has sponsored 11 other school student rural athletes from across Sri Lanka.
Each of these talented athletes is handpicked for their potential. Janashakthi Insurance then sponsors them via monthly payments. Beyond monthly payments, the programme also sponsors overseas travel for international events and even provides motivation and other technical guidance to athletes. In addition, each athlete is provided with an Incentive Scheme to reward them for their achievements at local and international meets.
"At Janashakthi Insurance, we pride ourselves on being fairminded- and nowhere is this ideal showcased more appropriately than in the world of sports and athletics, " explained General Manager of Marketing and Sales of Janashakthi Insurance, Shehara de Silva.
Another lucky recipient of sponsorship is Harshani Wathsala Kumari, a student of Sumana Balika Vidyalaya, Ratnapura. Harshani can hold her own in the 400 metre hurdles and finished first in the 100 metre hurdle event nationally. Her most treasured memory, however, is of coming second in the 400 metre hurdles event in Melbourne, Australia, which she describes as being "an unforgettable experience." Last year, she represented Sri Lanka in the Asian Youth championships, and just last month, she too participated in the South Asian Junior Athletics Championships in Ranchi, India.
Fresh from a Ukraine visit to participate in the World Youth Athletic Championships 2013 is Samith Lakmal. A young student of Ratnapura Seevali Vidyalaya, Samith has shone in both 100 metre and 200 metre events and is the Schools record holder for the 200 meters. He too secured a bronze in 200 Meters at India and a Gold Medal in the relay. "If it wasn't for Janashakthi, I would not be competing right now, since I could not afford the expenses involved. Janashakthi Insurance gave me one of the best gifts I have ever received- the chance to represent my country and in doing so, fulfil my own long-held dream of being a great athlete," an enthusiastic Samith said. Also from Ratnapura, Prince College student Malin Udaya Kumara won a silver medal at the South Asian Junior Athletics Championships last month in the 110 metre hurdles event. He holds unbeatable records in the under 15, 17 and 19 age categories in the long jump event. Malin was also named the best athlete in the Senior category at the Sir John Tarbet Athletics Championship.
One of the brightest stars from the current batch of athletes sponsored by Janashakthi is 17 years old Rumeshi Ratnayake from St. Joseph's Girls School, Kegalle. She is the National Schools Champion for 100 M and 200 Meters. She has represented Sri Lanka at the World Junior Championships, The Asian Schools Championships and the SAARC Junior Championships in 2013. She secured 2 bronzes and a gold at the latter meet,.
Akila Ravishanka a 16 year old from Uda Walawe, has already done Sri Lanka proud by winning a Silver Medal in the Asian Junior Championships held in China, in 2013.
Each of these athletes are brimming with talent and drive, but were almost thwarted from fulfilling their dream due to economic challenges that they faced. However, they are now able to follow their passion and bring honour and glory to Sri Lanka. Parents of some of these Athletes with tears in their eyes have thanked the Company for enabling their children to continue with Athletics and be able to represent Sri Lanka. 
- See more at: http://dailynews.lk/?q=sports/young-athletes-fulfill-their-dreams#sthash.xvHNhtby.dpuf


2015/01/27
ජාත්‍යන්තර චෙස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා චෙස්‌ සම්මේලනය හා පෝන් චෙස්‌ ක්‌ලබ් එක්‌ව 8 වැනි වරට සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර චෙස්‌ තරගාවලිය මේ මස 31 දා සිට පෙබරවාරි 5 වැනිදා දක්‌වා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
විවෘත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක්‌ ලෙස පැවැත්වෙන මේ තරගාවලිය සඳහා ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙක්‌ද සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා චෙස්‌ සම්මේලනයේ ලේකම් ලක්‌ෂ්මන් විඡේසූරිය මහතා පැවැසීය.
තරගාවලිය සඳහා ගියවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 390 කට ආසන්න ප්‍රමාණයක්‌ සහභාගි වී ඇති බවත් මෙවර එය 400 ඉක්‌මවනු ඇති බවටත් තරග සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
ත්‍යාග සඳහා රු. 350000 ක මුදලක්‌ අදාළ තරගාවලිය සඳහා වෙන්කර ඇති අතර එහිදී තරග ස්‌විස්‌ ක්‍රමය යටතේ වට 10 ක්‌ ලෙස පැවැත්වෙනු ඇත. විවෘත තරගාවලියට අමතරව වයස අවුරුදු 8, 12 හා 15 න් පහළ ලෙස විශේෂ තරග කිහිපයක්‌ ද පැවැත්වේ.
තරගාවලියේ අයැදුම්පත් භාර ගැනීම මේ මස 30 දා අවසන් වන අතර තරගාවලියට සහභාගි වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා චෙස්‌ සම්මේලනයේ ලියාපදිංචි වී සිටිය යුතුය. අයැදුම්පත් එවිය යුතු ලිපිනය ලක්‌ෂ්මන් විඡේසූරිය (ශ්‍රී ලංකා චෙස්‌ සම්මේලන ලේකම්), අංක 151/12, සිරිධම්ම මාවත, කොළඹ 10.


2015/01/20
අද සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන සබරගමුව පළාත් ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශකයින් සදහා වන විශේෂ රැස්වීමක් කෑගල්ල දිස්ත්‍රික්කයේ දි පැවැත්වේ.

2015/01/07

චරිත පියලත්
අධ්‍යාපන පරිපාලන විභාගය උසස් අයුරින් සමත් වී වැඩ භාර ගැනීමට නියමිත චරිත පියලත් ( රත්/නිවි/පලාවෙල රත්නාකර ම.වි. ශාරීරික අධ්‍යාපන ) ගුරු මහතාට සහ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ධර්මසිරි ගුරු මහතාට සබරගමුව පළාත් ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපසාර අලහෙකාන් මහතා අතුළු ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්

2015/01/03

රත්නපුර ඇලෝසියස් විදුහලට දැවැන්ත ජයක්

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වේළුවන විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 102ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට රත්නපුර සාන්ත ඇලෝසියස් විදුහල සමත්විය.
සාන්ත ඇලෝසියස් විදුහල පළමු ඉනිමට ලකුණු 204ක් රැස් කළේය. වේළුවන විදුහල් පළමු ඉනිම ලකුණු 44කට සීමාවූ අතර ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි ඉනිමට පන්දුවට පහරදුන් වේළුවන පිල ලකුණු 58කට සීමා කිරීමට ඇලෝසියස් පන්දු යවන්නෝ සමත්වූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිතරවූ ඇලෝසියස් විදුහලේ රාජිත නිර්මාල් පළමු ඉනිමේදී කඩුලු 6ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.
සා.ඇලෝසියස් පළමු ඉනිම-204 (ඕවර 49.2) මොහොමඩ් ඉන්ෂා‍ෆ් 74, අශේන් අංජන 40 (ඩි.ලක්ෂාන් 62/3)
වේළුවන පළමු ඉනිම-44 (ඕවර 20.1) (රාජිත නිර්මාල් 10/6, අශේන් අංජන 21/4) සහ දෙවැනි ඉනිම-58 (ඕවර 32.5) (රාජිත නිර්මාල් 10/5, නවෝද් ආරියවංශ 2/2)


2015/01/02

පසුගිය දෙසැම්බර් 5 වන දින සිට 7 වන දින දක්වා පැවති 2014 Westgate කුසලාන කාන්තා පාසැල් බොක්සිං තරඟාවලියේදී රන්පදක්ම් 1 සහ ලෝකඩ පදකම් 2 ක් ජයග්‍රහණය කිරීමට රත්නපුර සීවලී ම.ම.වි  කාන්තා බොක්සිං කණ්ඩායම සමත්විය.
M.S.කදීජා, K.A.විශ්මි ප්‍රශාදිනී, K.A.දිව්‍යන්ජලී, R.M.ඉරේෂා ගයානි රත්නායක, B.H.කාංචනා ගීතාංජලී, S.G.මදුකා ලක්ෂාණි සහ R.P.යෙශිනි චමෝදි යන සිසු දියණියෝ අප කණ්ඩායමට ඇතුලත්වුනු අතර චන්දිමාල් ඇලෙක්සැන්ඩර් මහතා ඇතුළු බොක්සිං පුහුණු අචාර්ය මණ්ඩලය විසින් කණ්ඩායම මෙහෙයවනු ලැබුණි.
මෙහිදී B.H.කාංචනා ගීතාංජලී රන් පදක්කමක් ද, S.G.මදුකා ලක්ෂාණි සහ R.P.යෙශිනි චමෝදි විසින් ලෝකඩ පදක්කම් දෙකක් ද ලබා ජයග්‍රහණය සටහන් කෙරිණි.
ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කල මෙම තරඟාවලිය නුවර පල්ලෙකැලේ, ලීනියා ක්‍රීඩාගාරයේ දී පැවැත්විය.


2015/01/01
 මේ වසරේ සිට පාසල් ක්‍රීඩකයන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට වැඩි ඉඩක්‌  
ඉතිහාසයේ පළමුවරට මේ වසරේ සිට ක්‍රීඩාව ආශ්‍රයෙන් 250 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්‌ථාව ලැබීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා "දිවයින" ට පැවසීය.
ක්‍රීඩාව උදෙසා පාසල් සිසුන් තුළ වන උනන්දුව වර්ධනය කර ඔවුන්ව ක්‍රීඩාවට යොමුකරගැනීමේ උත්ප්‍රේරකයක්‌ ලෙසින් මෙය ක්‍රියාත්මක වීමට නියමිත අතර මේ සඳහා වන කැබිනට්‌ පත්‍රිකාවට තව නොබෝ දිනකින් අනුමැතිය ලැබෙනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පවසන ලදී.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති උග්‍ර තරගය හේතුවෙන් දිනෙන් දිනම පාසල් සිසුන් ක්‍රීඩාව කෙරෙහි යොමුවීම අවම වෙමින් පවතී. නවතම දත්ත අනුව සාමාන්‍ය පෙළ වයස්‌ කාණ්‌ඩයේදී සක්‍රියව ක්‍රීඩාවේ යෙදෙන්නේ 2%ක්‌ පමණක්‌ වන අතර උසස්‌ පෙළ වන විට මේ මට්‌ටම 0.5% දක්‌වා පහළ බැසීම, ජාතික මට්‌ටමට ක්‍රීඩකයන් බිහිවීමේදී උග්‍ර අර්බුධයක්‌ බවට පත්වෙමින් ඇත.
මේ දක්‌වා ක්‍රීඩාව ආශ්‍රයෙන් විශ්ව විද්‍යාල වරම් හිමිවූයේ වසරකට 20 දෙනෙකුට පමණක්‌ බවත් නියමිත මෙම තෝරාගැනීමේ අවස්‌ථාව ක්‍රීඩාවෙහි නව නැම්මක්‌ වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා බලාපොරොත්තු පළකර සිටියි.
ඒ අනුව විශ්වා විද්‍යාල ප්‍රවේශයේදී පළාත් මට්‌ටමේ ජයග්‍රහණයකට ලකුණු 5ක්‌, ජාතික මට්‌ටමේ ජයග්‍රහණයකට ලකුණු 10ක්‌, දකුණු ආසියානු මට්‌ටමේ ජයග්‍රහණයකට ලකුණු 15ක්‌ සහ ඔලිම්පික්‌ මට්‌ටමට ලකුණු 50ක්‌ විශ්ව විද්‍යාල ප්‍රවේශය උදෙසා පිරිනැමෙනු ඇත.
නමුත් මේ දක්‌වා විශේෂ විශ්වවිද්‍යාල ප්‍රවේශය යටතේ විෂය භාහිර ක්‍රියාකාරකම් සඳහා 5%කට අවස්‌ථාව ලැබෙන අතර ස්‌ථීර වශයෙන් මෙපමණ සංඛ්‍යාවක්‌ ක්‍රීඩාවෙන් එම අවස්‌ථාව ලබාගන්නේ යෑයි පැවසීමේ යම් ව්‍යාකූල බවක්‌ පවතී.
මේ අතර පාසල් මට්‌ටමේ සුදුසුකම් ලත් ක්‍රීඩා ගුරුවරුන්ගේ අඩුව පිරවීම සඳහා ක්‍රීඩාවෙහි දැක්‌වූ දක්‍ෂතා ආශ්‍රයෙන් ගුරුවරුන් 3000ක්‌ බඳවාගැනීමටද කටයුතු සකස්‌ වෙමින් ඇත.

 2014/12/26

අන්තර් පාසල් චෙස් තරගාවලිය දින 3ක් පොළොන්නරුවේදී

(අධික වර්ෂාව හා ගංවතුර නිසා මෙම තරග මොරටුවේදී මෙම දිනවලම )
 ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් බාලක/බාලිකා කණ්ඩායම් චෙස් තරගාවලය අද (26) සිට 28 දක්වා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ.වයස අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 20න් පහළ යන වයස් කාණ්ඩ 3ක් යටතේ මෙන්ම බාලක/බාලිකා කණ්ඩායම් වශයෙන් පැවැත්වෙන මෙම චෙස් තරගාවලිය සඳහා දිවයිනේ සෑම පළාතකින්ම කණ්ඩායම් සහභාගිවනු ඇති අතර, තරගාවලියේ ජය සංකේත ප්‍රදානය 28 වැනි දින පස්වරු 5 ට පැවැත්වේ.

2014/12/26
 සමස්‌ථ ලංකා මේස පන්දු 2014 තරගාවලිය
 ආසියානු-ජර්මානු හුවමාරු වැඩසටහන යටතේ පවත්වන ලද සමස්‌ථ ලංකා මේස පන්දු 2014 තරගාවලිය යටතේ
 පිරිමි අංශය
අවු. 08 න් පහළ -
රවිඳු නෙතුලෙකුමාර(කෑගල්ල ශා. මරියා) විසින් තත්මිර ජයසුන්දර(අනුරුද්ධ විදුහල) තරග විට 2-0 ක්‌ ලෙස පරාජය කිරීම(11-04, 11-07)



2014/12/20

භාග්‍යා මධුෂානිගෙන් වැඩි දක්ෂතා

තෝලංගමුව ඩඩ්ලි සේනානයක විද්‍යාලය නියෝජනයෙන් භාග්‍යා මධුෂානි පසුගියදා අවසන් වූ මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කළ සමස්ත ලංකා ආධුනික හා අන්තර් මාධ්‍ය මේසපන්දු තරගාවලියේ අවු. 18න් පහළ සහ 15න් පහළ බාලිකා කේවල ශූරතාවයන් දිනා ගැනීමට සමත්විය.
මෙවර තරගාවලිය සඳහා අයැදුම්පත් 500ට ආසන්න පිරිසක් යොමුකළ අතර විවිධ වයස් කාණ්ඩයෙන් තරග ක්‍රියාත්මක විය. ජයග්‍රාහකයින් අතර අවු. 15න් පහළ සහ ආධුනික කේවල බාලක ශූරතාවයන් ද්විත්වයද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නියෝජනයෙන් රනිදු නිම්හාන් සමත්විය. අවු. 08න් පහළ බාලිකා තෙනුරි චමෝද්‍යා කෑගල්ල බාලිකා විද්‍යාලය බාලක අසෙල් ජයදිත් සමරසිංහ, කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලය, අවු. 10න් පහළ බාලිකා ඕෂනී පෙරේරා ජනාධිපති බාලිකා විද්‍යාලය, බාලක කුමුදිත ලක්ෂාන්, වරාපිටිය කනිෂ්ඨ විද්‍යාලය, අවු. 12න් පහළ බාලිකා රවීශා අමරසිංහ ප්‍රජාපතී බාලික විද්‍යාලය, බාලක කුමුදිත ලක්ෂාන්, වරාපිටිය කනිෂ්ඨ විද්‍යාලය, අවුරුදු 18න් පහළ බාලක හේලිත අධිකාරී කොළඹ රාජකීය විද්‍යාලය ආධුනික බාලිකා සෙනුරිද සිල්වා, අන්තර් මාධ්‍ය බාලිකා, ටේ‍රෂනි පෙරේරා මොරටුව විශ්ව විද්‍යාලය, බාලක, යූ.කේ.එම්. ජයරත්න තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලය නියෝජනයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේ ඒ ඒ වයස් කාණ්ඩ යටතේ ජයග්‍රහණ වාර්තා කරනු ලැබිය.

2014/11/02
සමස්ත ලංකා පාසල් ජූඩෝ
දක්ෂතම ක්‍රීඩිකාව මාවනැල්ල රිවිසඳ මහ විද්‍යාලයේ මධුෂානි ලියනගේ
සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ බාලිකා ශූරතාව දිනාගැනීමට ගම්පොල ජිනරාජ විදුහල සමත්විය. ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමය හා ශ්‍රී ලංකා ජූඩෝ සංගමය එක්ව 18වැනි වරට සංවිධාන කළ මේ තරගාවලියේ බාලිකා ශූරතාව ගම්පොළ ජිනරාජ විදුහල නොකඩවා දිනාගත් 18වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙහි බාලක අං‍ශයේ ශූරතාව ලකුණු 39.5ක් ලබාගත් ගම්පොළ ජිනරාජ මහ විද්‍යාලය හිමිවිය. තරගාවලියේ බාලිකා අනුශූරතාව මාවනැල්ල රිවිසඳ විදුහල දිනාගත් අතර තෙවැනි ස්ථානය ගම්පොළ පන්විලතැන්න මහා විද්‍යාලයට හිමිවිය.
ගම්පොළ වික්‍රමබාහු විදුහල බාලක අනුශූරතාව දිනාගනිද්දී ‍එහි තෙවැනි ස්ථානය ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලය සතුවිය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජිනරාජ මහ විද්‍යාලයේ ළහිරු ධනපාල සම්මාන දිනාගත් අතර මාවනැල්ල රිවිසඳ මහ විද්‍යාලයේ මධුෂානි ලියනගේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
නාවලපිටිය ජයතිලක ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පසුගියදා නිමාවූ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ එක්වූහ. තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අගමැති සම්බන්ධීකරණ ලේකම් අමිල සුදේශ්, අඹගමුව ප්‍රා.ස.සභාපති රෝහිත බණ්ඩාර, ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ සභාපති ගයාන් ප්‍රියන්ත, ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමයේ සභාපති ජයන්ත කුමාරසිංහ මහත්වරුන් ඇතුළු පිරිසකගේ

2014/11/30
ස්පෝර්ට්ස් ෆස්ට් මොබිටෙල් ප්ලැටිනම් සම්මාන රාත්‍රිය
රවි ශංඛ
ක්‍රිඩා සදහා සුවිශේෂි දක්ෂතාවන්ට ඇගයීම වෙනුවෙන් සිරස ස්පෝට්ස්  ෆස්ට් විසින් මොබිටෙල් අනුග්‍රහයෙන්  සංවිධානය කරනු ලැබූ සම්මාන රාත්‍රිය නැගී එන මලල ක්‍රීඩක සම්මානයෙන් පිදුම් ලැබූ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ අකිල රවිශංඛට සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්



2014.12/29
සමස්ත ලංකා පාසල් තයිකොන්ඩෝ සංගමය මෙහෙය වන 2014 තරගාවලිය මීගමුව කඩොල් කැලේ ප්‍රනාන්දු පුල්ලේ ගෘහස්ත ක්‍රීඩාංගනයේදී 29 හා 30 යන දිනවල පැවැත්වේ .මේ සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන්
රත්නපුර ධර්මපාල විද්‍යාලය
රත්නපුර හංගමුව ම.විද්‍යාලය
රත්නපුර සීවලී ම.ම.විද්‍යාලය
රත්නපුර මල්වල ම.විද්‍යාලය
පැල්මඩුල් ගන්කන්ද ම.වි
රත්නපුර සද්ධර්ම පිරිවෙන
රත්නපුර ඇලපාත ම.විද්‍යාලය
රත්නපුර  ශාන්ත ඇලෝසියස් ජාතික පාසල
යන විද්‍යාල වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතයි.


2014/11/14

 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල අද තායිලන්තයේදී ඇරඹේ
සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම්
 
මේ සදහා සහභාගී වන කණ්ඩායමට ඇතුලත් වී සිටින සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන කොට්ඨාශ අධ්‍යාපන  අධ්‍යක්ෂ සනත් ප්‍රියන්ත සමරනායක මහතාට (පුහුණුකරු - වෙරළ කබඩි) සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ උපසාර අලහකෝන් මහතා ඇතුළු ක්‍රීඩා අංශයේ  ශුභ පැතුම්!
ආසියාතික ඔලිම්පික් කමිටුව 4 වැනි වරටත් සංවිධානය කරන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල අද (14දා) සිට තායිලන්තයේ පුකට් දිවයිනේදී ආරම්භ වෙයි.

 2014/11/04
45 වැන්නේදී 42ක් පැරැණි වාර්තාවක් බිඳ වැටෙය
සබරගමුවෙන් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරයි
රිස්ට්බරි අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පවත්වනු ලබන 45 වැනි ශ්‍රී මත් ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (4දා) දිවාවිවේකය වන විට නව තරග වාර්තා 08ක් බිහිව තිබූ අතර ඒ අතරින් විශේෂිතම වාර්තාව බවට පත්වූයේ රත්නපුර සීවලී මධ්‍ය මහ විදුහලේ එන්.කේ.සී.එස්. ජයරත්න අවුරුදු 14න් පහළ පිරිමි දුර පැනීම ඉසව්වේදීමීටර්6.03ක පිම්මක් සහිතව පිහිටුවන ලද වාර්තාවය.
ජයරත්නගේ මෙම පිම්ම නිසා වසර 42ක් පැරැණි තරග වාර්තාව මැකී ගියේය. මීටර් 5.94ක් ලෙසින් එම පැරැණි වාර්තාව පිහිටුවා තිබුණේ 1972 වසරේ යාපනය හින්දු විදුහලේ ක්‍රීඩකයකු වූ ඒ.එච්.එම්. ෆරුල්ලා විසිනි.

සමස්ත ලංකා ගුරු ක්‍රීඩා  නුවරඑළියේ දී
අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන සමස්ත ලංකා ගුරු ක්‍රීඩා උළෙල  (7) සිට 10 වැනිදා දක්වා නුවරඑළිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට පාසල්, ගුරු විදුහල්, පිරිවෙන් ගුරු මහත්ම මහත්මීන් සහ විදුහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සහභාගි වෙති.
කණ්ඩායම් තරග සඳහා එක් පළාතකින් කණ්ඩායම් තුනක් ඉදිරිපත් කළ හැකි අතර ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට මලල ක්‍රීඩා ඉසව් තුනකට පමණක් සහභාගි විය හැකිය. මලල ක්‍රීඩා තරගාවලිය වයස 25-30 (1985-89), 31-35 (1980-84), 36-40 (1975-79), 41-45 (1970-74), 46-50 (1965-69), 51-55 (1960-64) සහ 56-60 (1955-59) යන වයස් කාණ්ඩවලින් පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන් පැවැත්වේ.
 7සහ 8දෙදින වොලිබෝල්, සැහැල්ලූ පන්දු ක්‍රිකට්, දැල්පන්දු තරග පැවැත්වෙන අතර මලල ක්‍රීඩා තරග 9 සහ 10 දෙදින පැවැත්වේ.

2014/10/29
අද රත්නපුර සම්පත් මධ්‍යස්ථානයේදී   6වසර හා 10 වසර සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය නව නිර්දේශ හදුන්වා දීම සිදු කරනු ලබන්නේ  රත්නපුර සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශිකා සුජාතා මදුෙර්ගොඩ මහත්මියයි. රත්නපුර කලාපයේ සියලුම  ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් මේ සදහා සහභාගී වීමට නියමිතව අැත. 

2014/10/24
2014 සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩාකාව ලෙස සබරගමුව පළාතේ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ රිවිසද මධ්‍ය මහා විද්‍යාලයේ මධුෂානි ලියනගේ ශිෂ්‍යාව දිනා ගැනීමට සමත් වී අැත.

 2014/10/23
අද 11 වසර සිසුන් සදහා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන වැඩමුළුවක් පලාවෙල ම.වි . පැවැත් වුණා. එ් සදහා
  1. පලාවෙල ම.වි.
  2. අැලපාත ම.වි
  3. හංගමුව ම.වි.
  4. කරංගොඩ ම.වි.
  5. හල්දොළ ම.වි
යන විදුහල් වල සිසු දරු දැරියන් 74 දෙනකු සහභාගී වී සිටියා.  නිවිතිගල කලාපයේ  සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය භාර අධ්‍යක්ෂිකා සුමිතා දෙල්ගොඩ අාරච්චි මහත්මියගේ අධීක්ෂණය යටතේ නිවිතිගල සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගරු උපදේශිකා සුබෝධනී ජයසූරිය , අයගම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක නන්දන සිසිර කුමාර මහතා, කහවත්ත සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශිකා නිමාලි ප්‍රනාන්දු මහත්මිය සමග කලවාන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක අනිල් මහතාත් සම්පත් දායක පුද්ගලයින් ලෙස සහභාගී වී සිටියා.



2014/10/17
මයිලෝ මලල ක්‍රීඩා 18-19

නෙස්ලේ ලංකා සමාගමේ සන්නාම කළමනාකරු සජීව වික්‍රමසිංහ මහතා මයිලෝ මලල ක්‍රීඩා උළෙලේ අනුග්‍රාහක ‍චෙක්පත සිලෝනීස් ජවන හා පිටිය මලල ක්‍රීඩා සමාජයේ සභාපති අනිල් වීරසිංහ මහතාට පිරිනමමින්. එම ක්‍රීඩා සමාජයේ ලේකම් යසරෝහන ද සිල්වා, භාණ්ඩාගාරික ‍රෝෂිණී බෝවත්ත මහත්ම මහත්මීහූ ද මෙහි වෙති.
ලාංකික ජවන හා පිටිය මලල ක්‍රීඩා සමාජය සංවිධාන කරන මයිලෝ මලල ක්‍රීඩා උළෙල නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් මේ මස 18-19 දෙදින දියගම මහින්ද රාපජක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී අවු.11,12, 13, 14, 16 හා 20න් පහළ තරග මෙන්ම විවෘත කාන්තා පිරිමි තරග පැවැත්වෙන අතර 11න් පහළ සිට 13න් පහළ දක්වා ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතිකපත් ප්‍රදානය කෙරේ.
14න් පහළ සිට සියලු තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත් හා පදක්කම් පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශූරතා කුසලාන පිරිනැමීමටද නියමිතය.
ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1200ක් පමණ සහභාගිවන තරගාවලිය නෙස්ලේ ලංකා සමාගමේ ක්‍රියාකාරකම් හා අනුග්‍රාහක කටයුතු කළමනාකරු සජීව වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඇරැඹෙන අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ.


2014/10/15
84 වැනි ජෝන් ටාබට්‌ මලල ක්‍රීඩා තරගාවලිය
සබරගමුවට ජයග්‍රහන රැසක් 

ඒ.වී.ජී. අකිල රවිශංක
ජායාරූප  (sports-nowග) වෙබ් අඩවිය මගින් උපුටා ගන්නා ලදී.
දක්ෂතම ක්‍රීඩකයා වූ අඛිල සිලෝන් බිස්කට්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) අතින් තමන්ට හිමි කුසලානය ලබා ගනිමින්.

අඛිල රවිසංකගේ ජයග්‍රාහී පැනීම
රත්නපුර සීවලී විද්‍යාලයෙන් කඩුළු මතින් දිවීමේ ක්‍රීඩාවට එළැඹි අඛිල රවිසංක වයස අවුරුදු 18 න් පහල මීටර් 110 කඩුළු මතින් දිවීමේ ඉසව්ව තත් 14.25 කින් අවසන් කරමින් අද එම වාර්තාව තමන් නමින් සටහන් කරගැනීමට සමත් වුණා. තරගයේ පැවති තරග වාර්තාව 2012 වසරේ දී බිහිකර තිබුණේ රත්නපුර කුමර විද්‍යාලයේ මලීන් උදය කුමාර ක්‍රීඩකයා විසින්. ඔහුගේ පැරණි තරග වාර්තාව සටහන්ව තිබුණේ තත් 14.45 ක් වශයෙන්. ඒ අනුව එම වාර්තාව තත් 0.2 කින් අලුත් කල රවිශංකගේ මෙම දක්ෂතාව මීටර් 110 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ දී ඔහු මෑතක දැක්වූ හොදම දක්ෂතාව ද වනවා. අඛිල රවිසංක ආසියානු යොවුන් ක්‍රීඩා තරඟාවලියේ දී ද පදක්කම් දිනූ ක්‍රීඩකයෙක්.
මෙවර තරගාවලිය තුළ නව තරග වාර්තා 22 ක්‌ද තරගාවලි වාර්තා සමකිරීමක්‌ද බිහිවූ අතර දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස අවු( 18 න් පහළ බාලක මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වෙන් වි.14.25 ක කාලයක්‌ ලබමින් වාර්තාවක්‌ පිහිටවූ රත්නපුර  සීවලී මධ්‍ය මහා විදුහලේ ඒ.වී.ජී. අකිල රවිශංකද දිනා ගන්නා ලදී
සමස්‌ත බාලිකා ශූරතාව - 
වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය (ලකුණු 202) අනුශූරතාව රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය (ලකුණු 177)

16 න් පහළ බාලිකා ශූරතාව - 
රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය (ලකුණු 47)
අනුශූරතාව - මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (37)


 අවු( 18 න් පහළ බාලක ශූරතාව - 
මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලය (ලකුණු 47) අනුශූරතාව - කෑගල්ල ශා.මරියා විද්‍යාලය (ලකුණු 41)

අවු( 20 න් පහළ බාලිකා ශූරතාව - 
වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය (ලකුණු 117) අනුශූරතාව - රත්නපුර සුමන බාලිකා විද්‍යාලය (ලකුණු 99)







2014/10/15
රත්නපුර ශා. ඇලෝසියස්‌ සහ
යාපනයේ ශා.ජෝන් විදුහල් පූර්ණ ජයග්‍රහණ ලබති
 පසුගියදා පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට්‌ තරගාවලියේ තරග කිහිපයක්‌ විසඳුමකින් තොරව නිමා වෙද්දී යාපනයේ ශාන්ත ජෝන් විදුහල සහ රත්නපුර ශා.ඇලෝසියස්‌ විදුහල පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ.
රත්නපුර ශාන්ත ඇලෝසියස්‌ විදුහලේ රමිත නිර්මාන් ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලට එරෙහිව ඉනිම දෙකේම ලකුණු 89 කට කඩුළු 10 ක්‌ බිඳ දමා පන්දු යවන්නන් අතරින් විශිෂ්ට දක්‍ෂතා දැක්‌වීමට සමත් විය.
පිතිකරුවන් අතරින් ශතක ලබා ගැනීමට රත්නපුර ඇලෝසියස්‌ විදුහලේ මොහොමඩ් ඉන්සාµa සමත් විය. ඔහු ශාන්ත තෝමස්‌ විදුහලට එරෙහිව ලකුණු 125 ක්‌ ලබා ගනිමින් සිය කණ්‌ඩායම ජයග්‍රහය කරා රැගෙන යැමට සමත් විය.
රත්නපුර ශා.ඇලෝසියස්‌ සහ
බණ්‌ඩාරවෙල ශා.තෝමස්‌
ශා.ඇලෝසියස්‌ විදුහලට කඩුළු අටක ජයක්‌
ශා.තෝමස්‌ පළමු ඉනිම පන්දු වාර 45.3 කදී සියල්ල දැවී ලකුණුq 163 යි. (නඳුන් හසරංග 33, මොහොමඩ් සµaරින් 33, රජිත නිර්මාල් 47/6 යි.)
ශා.ඇලෝසියස්‌ පළමු ඉනිම පන්දු වාර 71.3 කදී කඩුළු 9 ට ලකුණු 307 යි. (මොහොමඩ් ඉන්සාµa 125, හෂේන් අංජන 53, සචින් දිල්ෂාන් 38, මොහොමඩ් ßසාක්‌ 33, සයුරු සාලින්ද 80/5, නිලංග ලියනගේ 103/3 යි.




2014/10/13
 ගොඩකවෙල රොෂාන් ජෝන් ටාබට්‌ වාර්තාවත් සියතට ගනියි
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මගින් මෙහෙයවන 84 වැනි ජොන් ටාබට්‌ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය
ආර්. රොෂාන් ධම්මික සහ
ක්‍රීඩා උපදේශක ඊ. පී. තිරෝන් ඉන්දික ගමගේ සමග
සමස්‌ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.08 ක දක්‍ෂතාවක්‌ දක්‌වමින් නව වාර්තාවක්‌ පිහිටවූ ගොඩකවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආර්. රොෂාන් ධම්මික ජෝන් ටාබට්‌ ක්‍රීඩා උළෙලේදීද අදාළ දක්‍ෂතාව (මීටර් 2.08) දක්‌වමින් එම ක්‍රීඩා උළෙලේ වයස අවු( 18 න් පහළ උස පැනීමේ වාර්තාව සියතට ගැනීමට සමත් විය. ඔහු විසින් බිද හෙළනු ලැබුවේ ශ්‍රී ලංකා උස පැනීමේ ශූර මංජුල කුමාර 1998 වසරේ විජිත මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් මීටර් 2.07 ක්‌ ලෙස තබා තිබූ වාර්තාව මෙන්ම 2007 වසරේ මීගමුව මාරිස්‌ටෙලා විදුහලේ උදාර සිල්වා මීටර් 2.07 ක්‌ ලෙස තබා තිබු වාර්තාවයි.
ජයග්‍රහණයෙන් අනතුරුව 'දිවයින' ට අදහස්‌ දැක්‌වු රොෂාන් ''මම 2.08 ක උසක්‌ පැන්නට පස්‌සෙ මට හිතුණා කෙළින්ම 2.12 ක උසක්‌ පනින්න පුලුවන් වෙයි කියල. නමුත් මගේ උත්සහයන් තුනම අසාර්ථක වුණා. ඒ ගැන යම් දුකක්‌ තිබුණට වාර්තාවක්‌ තියන්න පුළුවන් එක ගැන සතුටු වෙනවා.
පුහුණුවීම් සිදුකිරීමේදී ක්‍රීඩා උපකරණවල යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ තිබියදීත් දක්‍ෂතා අතරට පැමිණීමට හැකිවීම පිළිබඳව සතුටුයි. මේ මොහොතේ මගේ ක්‍රීඩා උපදේශක ගුරුතුමා වන ඊ.ජී. ටිරෝන් ඉන්දික ගමගේ සර්ට සහ පාසලේ සියලු දෙනාට ස්‌තති වන්ත වෙනවා. ඒ වගේම මට උදව් කරන ගමේ සියලු දෙනාටම ස්‌තුතිවන්ත වෙනවා.
ඉදිරියේ හොඳින් පුහුණුවීම් කරල මෙම ඉසව්වෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. මට ලබන අවුරුද්දෙ ජෝන් ටාබට්‌ තරගාවලියේ 18 න් පහළ උස පැනීමේ ඉසව්වට සහභාගි වෙන්න පුළුවන්'' යෑයි ඔහු වැඩිදුරටත් පැවසීය.


2014/10/13 
සබරගමුවට විශිෂ්ඨ  ජයග්‍රහන

ජෝන් ටාබට් කුසලාන 2014 ‍‍‍ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා උළෙ‍ලේ මුල්ම රන් පදක්කම දිනා ගැනීමට ඊයේ රත්නපුර කුමර විදුහ‍ලේ ප්‍රදීප් මධුරංග සමත් විය. ක්‍රීඩා උළෙ‍ලේ මුලින්ම ඇරඹුණු අවු. 20න් පහළ බාලක මීටර් 5000 ඉසව්ව විනාඩි 15 තත්. 37.97කදී අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
අවු. 20න් පහළ බාලිකා මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට උස්සාපිටිය රිවිසඳ මහ විදුහ‍ලේ යූ.ජී.එල්. රණසිංහ (වි. 19 තත්. 23.80) වූවාය. 
 අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව තත්පර 25.10කදී අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට කෑගල්ල ශා. ජෝශප් බාලිකාවේ කුමාරි රත්නායක සමත් විය.


2014/10/10

                                
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500කගේ සහභාගිත්වයෙන් ජ්‍යෙෂ්ඨ තරගාවලිය 13වැනිදා ඇරැඹේ

සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරිණී තේජා පීරිස් මහත්මිය 2014 ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා වන අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති නන්දන ද සිල්වා මහතාට පිළිගැන්වූ අවස්ථාව. (වමේ සිට): සිලෝන් බිස්කට් සමාගමේ මහජන සබඳතා කළමනාකරු ජානක බොතේජු, අලෙවි කළමනාකරු නිලුපුල් ද සිල්වා, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් නෙවිල් රොඩ්රිගෝ හා භාණ්ඩාගාරික ලක්ෂ්මන් හපුආරච්චි යන මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය-සිරිපාල හල්වල
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2014 සඳහා දිවයින පුරා විසිරී සිටින පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,500ක් සහභාගි වනු ඇත.
ජ්‍යෙෂ්ඨ තරගාවලිය මෙම 13 වැනි දින සිට 15 වැනි දින දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කනිෂ්ඨ තරගාවලිය නොවැම්බර් මස 2 සිට 5 දක්වා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පාසල් 410කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,500ක් ජ්‍යෙෂ්ඨ තරගාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ, ක්‍රීඩකයින් 2,350ක් හා ක්‍රීඩිකාවන් 1,150ක් වශයෙනි.
තනි ඉසව් 88ක් හා සහාය ඉසව් 12ක් ලෙසින් තරග ඉසව් 100කදී මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔවුන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරනු ඇත. කනිෂ්ඨ තරගාවලිය සඳහා බාලක බාලිකාවන් පන්දහසක් පමණ සහභාගි වනු ඇත.
ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා තෙවැනි වසරටත් සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි’ අනුග්‍රාහකත්වය පිරිනැමීම නිමිත්තෙන් ඊයේ කොළඹ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ කරුණු අනාවරණය විණි.
ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 84 වැනි වතාවටය. කණිෂ්ඨ තරගාවලිය පැවැත්වෙන 45 වැනි වතාව මෙය වෙයි. මෙවර ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ඔලිම්පික් පහන දැල්වීම කළුතර මහ විදුහලේ හිමාෂ හෙෂාන් ක්‍රීඩකයා හා මීගමුව නිවුස්ටඩ් බාලිකා විදුහලේ විදුලා ලක්ෂාණි විසින් සිදු කෙරෙණු ඇති අතර කුලියාපිටිය මැදි විදුහලේ කෞශල්‍යා මධුශානි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ප්‍රතිඥාව දෙනු ඇත. මේ තිදෙනාම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීහු වෙති.
සිලෝන් බිස්කට් සමාගම මේ තරගාවලිය සඳහා 2012 වසරේ සිට අනුග්‍රහය දක්වමින් සිටී. ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලාංකික ක්‍රීඩා තරු බිහිවන තෝතැන්නක් නිසා තම ආයතනය මීට සහාය දක්වන බවත් එසේ නැතිව මෙහි කිසිම වාණිජ බලාපොරොත්තුවක් නැති බවත් සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරිණී තේජා පීරිස් මහත්මිය මාධ්‍ය හමුවේදී කියා සිටියාය.
පාසල් මට්ටමින් මලල ක්‍රීඩාව දියුණු කිරීමට සහාය වන ලෙසට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් කරන ලද ඉල්ලීම අනුව සිලෝන් බිස්කට් ආයතනය මේ සඳහා ඉදිරිපත් වූ බවත් ‘රිට්ස්බරි’ වෙළඳ නාමය මේ තරගාවලියට සම්බන්ධ වීමෙන් පසුව මීට දස වසරකට ඉහත තිබුණාට වඩා පාසල් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති වී තිබෙන බව දැකීම ඉතාමත් සතුටක් බවත් ඇය ප්‍රකාශ කර සිටියාය.
“දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා ඔවුනට ලැබෙන ඉතාමත්ම වටිනා අවස්ථාව මෙය බව මව්පියන් වටහා ගත යුතුයි. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමයි රටේ අනාගතය. ඒ නිසා මේ තරගාවලියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ක්‍රීඩාශීලී බාලක බාලිකාවන් උත්සාහ කළ යුතුයි. ඔවුන් බැබලුනොත් රටත් බැබලේවි” යැයිද තේජා පීරිස් මහත්මිය කියා සිටියාය.
සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි කළමනාකරු නිලුපුල් ද සිල්වා මහතාද අදහස් දැක්වීමෙන් පසුව උදාවූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසල් මට්ටමින් ශිල්ප දැක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ අනාගත ඉරණම පිළිබඳවය.
ජාතික වාර්තා තබා ආසියානු කනිෂ්ඨ තලයේද පදක්කම් දිනා ගැනීමෙන් පසුව ඔවුන් හරිහැටි බාර ගැනීමට කිසිවෙකු නැති නිසා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් පාසලින් පසුව නතර වීම මාතෘකාව කරගෙන පැවැති සංවාදයේදී ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති නන්දන ද සිල්වා, ලේකම් නෙවිල් රොඩ්රිගෝ, භාණ්ඩාගාරික ලක්ස්මන් හපුආරච්චි හා ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ප්‍රනාන්දු යන මහත්වරු අදහස් දක්වා සිටියහ.
“පාසල් මට්ටමින් නම් මෙරට මලල ක්‍රීඩාව වැටිලා නැහැ. පාසලෙන් එහාට ස්ථිර වැඩපිළිවෙලක් නැහැ. ළමයින් ක්‍රීඩාව අතහැර යනවා. පාසල් ක්‍රීඩා දිවියෙන් පසුව ඔවුන් අයිති වෙන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට හා ක්‍රීඩා අමාත්‍යංශයටයි” නෙවිල් රොඩ්රිගෝ මහතා කීවේය. “අපේ කිට්ටුවන්තම රට ඉන්දියාව මීට හොඳම උදාහරණයයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව සන්සන්ධනයක කර බලන්න. මලල ක්‍රීඩාවේ කනිෂ්ඨ මට්ටමින් අපි ඉන්නේ ඔවුනට වඩා ඉදිරියෙනුයි. නමුත් ජ්‍යෙෂ්ඨ තලයට ආවහම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්දියාව සිටිනවා. මෙහි වරද කොතැනද?” සුසන්ත ප්‍රනාන්දු මහතා අසා සිටියේය.
ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2014 ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන 13 වැනිදා පෙරවරු 9.00ට ආරම්භ වෙයි. සිලෝන් බිස්කට් සමාගමේ සමූහ අධ්‍යක්ෂ/වෙළඳ හා අලෙවි ප්‍රධානී නන්දන වික්‍රමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනිදා ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේ සමාප්තිය සිදුවෙයි.
    
2014/10/07
සබරගමුවට විශිෂ්ඨ  ජයග්‍රහන රැසක් සුමන බාලිකා ක්‍රීඩිකාවන්ගෙන්
                                        සමස්ත ලංකා පාසල් ක්‍රීඩා දක්ෂතම ක්‍රීඩකයාත් සබරගමුවට
වීඩියෝ දර්ශන උපුටා ගැනීම  (sportsnow) වෙබ් අඩවිය මගින්



 
වීඩියෝ දර්ශන උපුටා ගැනීම  (sports-now.lk)වෙබ් අඩවිය මගින්
මලල ක්‍රීඩා බාලිකා ශූරතා
1. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 209)
2. වලල ඒ. රත්නායක මැදි විදුහල (ලකුණු 150)
3. කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුල (ලකුණු 79)

දක්ෂතම ක්‍රීඩකයා ගොඩකවෙල කුලරත්න මධ්‍ය විදුහලේ  රොෂාන් ධම්මික රණතුංග
  


 සමස්‌ත ලංකා පාසල් 2014 තරගාවලියේ අවසාන දිනය වූ ඊයේ (07 දා) ක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ගොඩකවෙල කුලරත්න මධ්‍ය විදුහලේ ආර්. රොෂාන් ධම්මික රණතුංගද, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඊ. පී. කෞශල්‍යා මධුශානි සම්මාන ලැබූ අතර ලකුණු 185 ක්‌ ලබාගත් මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලයට පිරිමි ශූරතාවත්, බාලිකා ශූරතාව ලකුණු 209 ක්‌ ලබාගත් රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයටත් හිමි විය. තරගාවලියේ බිහි වූ මුළු වාර්තා ගණන 19 ක්‌ වන විට ඒ අතර නව ශ්‍රී ලංකා වාර්තාවක්‌ සමකිරීමක්‌ පැවතීම ද විශේෂත්වයකි. ආර්. රොෂාන් ධම්මික අදාළ සම්මානය සඳහා හිමිකම් කීවේ වයස අවු. 17 න් පහළ උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.08 ක උසක්‌ ලබා ගනිමිනි. ඔහු එසේ බිඳහෙලනු ලැබුවේ ගියවර (2013) මීටර් 2 ක්‌ ලෙස සටහන් වූ ඔහුගේම වාර්තාවයි. ඊයේ (7 දා) දිනයේදී විටින් විට තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ල වුවද තරග ඉසව් සියල්ල සාර්ථකව නිම කිරීමට හැකිවිය. තරගාවලියේ සමාප්ති උළෙල අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර පාසල් ළමුන් 2000 කගේ සහභාගිත්වයෙන් පැවති සරඹ සංදර්ශනයකින් එය විචිත්‍රවත් විය.

වයස් සීමා අනුව බාලක බාලිකා ශූරතා
අවු. 15න් පහළ බාලක
1. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 441), 2. අනුරාධපුර මැදි මහ විදුහල (ලකුණු 32), 3. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල (ලකුණු 26)
අවු. 15න් පහළ බාලිකා
1. කොළඹ මියුසියස් විදුහල (ලකුණු 37), 2. අනුරාධපුර මැදි විදුහල (ලකුණු 30),
3. කොළඹ විශාඛා විදුහල (ලකුණු 31)
අවු. 17න් පහළ බාලක
1. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 68), 2. රාජගිරිය ගේට්වේ විදුහල (ලකුණු 27), 3. කොළඹ ආනන්ද විදුහල (ලකුණු 25)
අවු. 17න් පහළ බාලිකා
1. වලල ඒ’ රත්නායක මැදි විදුහල (ලකුණු 43), 2. උඩබුලත්ගමුව මැදි විදුහල (ලකුණු 37), 3. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 34)
අවු. 19න් පහළ බාලක
1. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල (ලකුණු 83), 2. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 64), 3. රත්නපුර සීවලී මහ විදුහල (ලකුණු 37)
අවු. 19න් පහළ බාලිකා
1. වලල ඒ. රත්නායක මැදි විදුහල (ලකුණු 74), 2. කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහල (ලකුණු 41), 3. කුලියාපිටිය මැදි විදුහල (ලකුණු 32)
අවු. 21න් පහළ බාලක
1. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල (ලකුණු 45), 2. රත්නපුර කුමර විද්‍යාලය (ලකුණු 42), 3. බම්බලපිටිය ශා. පීතර විදුහල (ලකුණු 28)
අවු. 21න් පහළ බාලිකා
1. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 160), 2. වලල ඒ. රත්නායක මැදි විදුහල (ලකුණු 33), 3. කොළඹ ශා. බ්‍රිජට් කන්‍යාරාමය (ලකුණු 20)

විශේෂ කුසලතා
පැනීමේ දක්ෂතම ක්‍රීඩකයා/ක්‍රීඩිකාව
රොෂාන් ධම්මික රණතුංග (ගොඩකවෙල කුලරත්න මැදි විදුහල) උස පැනීම - මී. 2.081
විසිකිරීමේ දක්ෂතම ක්‍රීඩකයා/ක්‍රීඩිකාව
කේ.ඒ.පී. ජයවර්ධන (හලාවත ආනන්ද ජාතික පාසල) කවපෙත්ත විසිකිරීම
(මී. 54.0)
කඩුලු මතින් දිවීමේ දක්ෂතම ක්‍රීඩකයා/ක්‍රීඩිකාව
කෞෂල්‍යා මධුෂානි (කුලියාපිටිය මැදි විදුහල) මීටර් 400 කඩුලු-වි. 1.02.11
මලල ක්‍රීඩා බාලක ශූරතා
1. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 185)
2. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල (ලකුණු 174)
3. අනුරාධපුර මැදි විදුහල (ලකුණු 58)
මලල ක්‍රීඩා බාලිකා ශූරතා
1. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 209)
2. වලල ඒ. රත්නායක මැදි විදුහල (ලකුණු 150)
3. කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුල (ලකුණු 79)
මලල ක්‍රීඩා පළාත් ශූරතා
1. බස්නාහිර පළාත (1118), 2. වයඹ පළාත (541), 3. සබරගමුව පළාත (519),
4. මධ්‍යම පළාත (472), 5. උතුරු පළාත (189), 6. උතුරු මැද පළාත (179), 7. දකුණු පළාත (163), 8. ඌව පළාත (121), 9. නැගෙනහිර පළාත (52)



සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා 2014/07/14 සිට 17 දක්වා ඇඕලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .  

 2014/10/07
                                        සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල

                                             බාලිකා ශූරතාවය රත්නපුර සුමනා බාලිකාවට
21න් පහළ මීටර් 5000 බාලිකා ඉසව්වේ මි.17 තත්.59.65 කින් තරගය නිම කළ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ එම්.ජී. සකුන්තලා නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත්වූ අතර  
තරගාවලියේ බිහිවූ නව තරග වාර්තා
1. 19න් පහළ රිටි පැනීම බාලිකා - යාපනය මහජන විද්‍යාලයේ ජේ. අනීතා මීටර් 3.32
2. 17න් පහළ මීටර් 200 බාලක - රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආසිරි විජේසේකර තත්.22.00
3. 21න් පහළ මීටර් 400 කඩුලු බාලිකා - කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ කෞශල්‍යා මධුශානි වි.1.02.11
4. 17න් පහළ මීටර් 400 කඩුලු බාලිකා - අඹගමුව මධ්‍ය මහා විදුහලේ එම්. වයි. දුලාංජලී වි.1.03.72
5. 17න් පහළ උස පැනීම බාලක - ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විදුහලේ රොෂාන් ධම්මික මී. 2.08
6. 21න් පහළ මීටර් 800 බාලක - කොළඹ නාලන්දා විදුහලේ කුපුන් කුෂාන්ත වි.01.51.88
7. 17න් පහළ තුන්පිම්ම බාලක _ මීරිගම ඩී.එස්.සේනානායක විදුහලේ ඩබ්ලිව්. චමල් කුමාරසිංහ මී.14.81
8. 15න් පහළ මීටර් 400 බාලිකා - මහියංගණය මාදඔය කනිෂ්ඨ විදුහලේ බී.සඳමාලි පුෂ්පලතා තත්.59.03
9. 21න් පහළ රිටි පැනීම බාලිකා - වලික්කාමම් අරුණෝද්‍ය විදුහලේ ඒ.පවිත්‍රා - මී.3.17
10. 21න් පහළ 100×4 බාලිකා - රත්නපුර සුමන බාලිකා විදුහල තත්. 50.42
11. 15න් පහළ මීටර් 400 බාලක _ අම්පාර වරන්කැටගොඩ මධ්‍ය විදුහලේ ඊ.එන්. අවිචිත්‍ය තත්. 51.86
12. 17න් පහළ බාලක මීටර් 4×400 මීගමුව මාරිස්ටෙලා විදුහල - වි.3.29.01
13. 21න් පහළ මීටර් 5000 බාලිකා - සබරගමුව සුමන බාලිකා විදුහලේ එම්.ජී.සකුන්තලා වි.17.59.05
14. 21න් පහළ මීටර් 100 බාලක - වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ එම්.වයි. ප්‍රියදර්ශන තත්. 10.78
15. 15න් පහළ මීටර් 100 බාලක - කොළඹ ශා. බෙනඩික් විදුහලේ සහන් තේනුක රාජපක්‍ෂ තත්. 11.24
16. 15න් පහළ මීටර් 4×400 බාලක _ මීගමුව මාරිස්ටෙලා වි.3.36.77
17. 17න් පහළ මීටර් 4×400 බාලක _ මීගමුව මාරිස්ටෙලා වි.03.27.56
18. 19න් පහළ මීටර් 4×400 බාලක _ මීගමුව මාරිස්ටෙලා වි.3.18.31 


2014/10/06
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය තරග වාර්තා 12ක් අලුත් වෙයි
  අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ශාරීරික, අධ්‍යාපන හා ක්‍රීඩා අංශය 2014 වෙනුවෙන් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සිවුවන දිනයේ (6 වැනිදා) සවස 2 පමණ වන විට 17න් පහළ බාලක මීටර් 400×4 නව තරග වාර්තාවක් බිහිවූ අතර එම වාර්තාවද ඇතුළුව මේ වන විට තරගාවලිය පුරා නව තරග වාර්තා 12 ක් බිහිවී ඇත.
ඒ අනුව 17න් පහළ බාලක මීටර් 400×4 ඉසව්ව වෙනුවෙන් 2011 වර්ෂයේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම විසින් පිහිටුවා තිබූ වි.3 තත්.29.34 ක වාර්තාව වි.3 තත් 29.0 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම විසින් බිඳහෙළීීමට සමත්විය. එම ඉසව්වේ 2 වැනි ස්ථානය හිමිකරගත් කුරුණෑගල මලියදේව කණ්ඩායම තරගය නිම කිරීම සඳහා වි.3 තත්.29.73 ක කාලයක් ගත කළ අතර එම ඉසව්වේ වර්ණ පරිසාදන මට්ටම වන වි.3 තත්.36.00 ක් වූ පරිසාදන මට්ටමට පැමිණ තිබූ හෙයින් දෙවන ස්ථානයටද වර්ණ හිමිවිය.


මේ අතර ඊයේ පැවැති මීටර් 110 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයෙන් තත් 14.90 ක කාලයකින් තරගය අවසන් කළ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ජී.ඒ.රවිසංඛ පළමු ස්ථානය දිනාගත් අතර එම පාසලේම එස්.එම්.කෞෂාන් තත් 15.27 කින් තරගය නිම කරමින් දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්වීම විශේෂත්වයකි.
තවද 19න් පහළ බාලිකා මීටර් 100 කඩුලු මතින් දිවීමේ තරගයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට තුඩැල්ලේ නිමල මරියා බාලිකා විදුහලේ ශානිකා දුලක්‍ෂි (15.56) සමත්විය. ඇය හැරුණු විට එම ඉසව්වේ දෙවන ස්ථානය දිනාගත් ජේ.ජී. කල්‍යාණි ගයත්‍රි ( 15.88 රාජපක්‍ෂ මැදි විදුහල වීරකැටිය) ක්‍රීඩිකාවද වර්ණ දිනාගත්තාය.

තරග ප්‍රතිඵල
21න් පහළ මීටර් 110 කඩුළු බාලක
1. එම්.උදය කුමාර - කුමර විද්‍යාලය, රත්නපුර 15.09 (වර්ණ)
2. චානක කුමාර - ආනන්ද විදුහල, කොළඹ 15.39 (වර්ණ)
3. චමත් ප්‍රියශාන්ත - ශා/ජෝශප් , කොළඹ 15.69
21න් පහළ මීටර් 400×4 බාලක
1. ජෝශප් වාස් වෙන්නප්පුව 3.26.65 (වර්ණ)
2. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය 3.28.44 (වර්ණ)
3. රාජකීය මධ්‍ය මහා විද්‍යාලය 3.28.85 (වර්ණ)
21න් පහල මීටර් 100 කඩුලු බාලිකා
1. එච්. වත්සලා කුමාරි - සුමන බාලිකා, රත්නපුර 16.73
2. ඒ.ඩී. ජයරත්න - සුමන බාලිකා, රත්නපුර 17.34
3. කෞෂල්‍යා සෙව්වන්දි - විශාඛා බාලිකා, කොළඹ 17.48
19න් පහළ තුන්පිම්ම බාලක
1. ගේ්‍රෂන් ධනංජය - ජෝශප් වාස්, වෙන්නප්පුව 14.93 (වර්ණ)
2. ජේ.කේ. පෙරේරා - ජෝශප් වාස්, වෙන්නප්පුව 14.78 (වර්ණ)
3. එම්.ආරියරත්න රිවිසඳ - මධ්‍ය මහා විදුහල, උස්සාපිටිය 14.47 (වර්ණ)
17න් පහළ මීටර් 110 කඩුලු බාලක
1. සොනෙත් ධනුෂික - රිච්මන්ඩ්, ගාල්ල 14.84 (වර්ණ)
2. එන්.යූ.සංදීප - ධර්මරාජ, මහනුවර 15.10 (වර්ණ)
3. පී.පී. නාරංගොඩ - සීවලී මධ්‍ය.වි., රත්නපුර 15.32 (වර්ණ)

2014/10/06

සිව්වන දිනටත් සමස්‌ථ ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අද (6 දා) සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. හඡ්ජි උත්සවය හේතුවෙන් ඊයේ (05 දා) දිනය තරගාවලියේ විවේක දිනය ලෙස නම් කර තිබුණ ද පෙරේදා (4 දා) පැවති තරග වලදී නව තරග වාර්තා 4 ක්‌ බිහි විය. ඒ අනුව මේ වන විට තරගාවලිය තුළ බිහිවුණු මුළු තරග වාර්තා ගණන 8 කි.
පෙරේදා පැවති තරග අතුරෙන් අවු. 17 න් පහළ බාලක මීටර් 200 තරගයෙන් තත්. 22.0 ක කාලයක්‌ ලබමින් නව තරග වාර්තාවක්‌ සටහන් කිරීමට ගේට්‌වේ ජාත්‍යන්තර පාසලේ ආසිරි විඡේසේකරට හැකි විය. ඔහු විසින් බිඳහෙලනු ලැබුවේ ගියවර (2013) කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ කීත් නිශාන් ද මෙල් විසින් තත්. 22.1 ලෙස තබා තිබූ වාර්තාවයි.
වයස අවු. 21 න් පහළ බාලක මීටර් 800 තරග ඉසව්ව විනාඩි 1(52(89 ක්‌ ලෙස අවසන් කරමින් කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ ජී. ඩී. ඡේ. නදීශාන්ත 2005 වසරේ තබා තිබූ වාර්තාව මෙවර (2014) වසර 9 කට පසු විනාඩි 1(51(88 ක කාලයක්‌ වාර්තා කරමින් බිඳහෙලීමට කොළඹ නාලන්ද විදුහලේ කසුන් කුෂාන්තට හැකි විය.
ගියවර (2013) අවු. 17 න් පහළ බාලක තුන්පිම්ම පැනීමේ ඉසව්වෙන් මීටර් 14.46 ක්‌ ලබමින් බූස්‌ස මේධන්කර ම.ම. විදුහලේ ජී. පී. සනත් උදයංග තබා තිබූ වාර්තාව බිඳහෙලීමට මෙවර (2014) තරගාවලියේ දී මීරිගම ඩී. එස්‌. සේනානායක ජාතික පාසලේ එල්. ඩබ්. චමල් කුමාරසිංහට හැකි විය. එහිදී ඔහුගෙන් වාර්තා වූ දුර ලෙස සටහන් වූයේ මීටර් 14.81 කි.
අවු. 15 න් පහළ බාලිකා මීටර් 400 දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරගයකදීම නව තරග වාර්තාවක්‌ බිහි කිරීමට මහියංගනය මැදඔය කනිෂ්ඨ විද්‍යාලයේ බී. බී. සඳමාලි පුෂ්පලතාට හැකි වූයේ විනාඩි 59.03 ක කාලයක්‌ වාර්තා කරමිනි. ඇය විසින් බිඳහෙලන ලැබුවේ ගියවර (2013) දික්‌වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ ඕ. එම්. ඉදුරංගා සත්සරණි විනාඩි 59.35 ක්‌ ලබා ගනිමින් තබා තිබූ වාර්තාවයි.

2014/10/05
කළම්බු මැරතන් තරගය
( සබරගමුවට ජයග්‍රහනයක් ) 
 ශ්‍රී ලංකා ස්‌පෝර්ට්‌ස්‌ රයිසන් (එල්. එස්‌. ආර්) ආයතනය විසින් 14 වැනි වරටත් සංවිධානය කර ඊයේ පැවැති ජාත්‍යන්තර 'කළම්බු මැරතන්' තරගයේදී,පාසල් කිලෝමීටර 5 - බාලිකා/ 1. උදෙශා දිල්හානි (මතුගම - වැලිපැන්න කනිටු විදුහල) 2. කේ.කේ සඳුනි තාරකා ( මතුගම - වැලිපැන්න කනිටු විදුහල) 3. ඒ. එම්. එම්. නෙරංජනී ( රත්නපුර - මල්වල විද්‍යාලය)

2014/10/03


 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල
අප පළාතේ ජයග්‍රහනයට උණුසුම් ශුභ පැතුම්
වයස අවු. 17 න් පහළ බාලක උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.08 ක උසක්‌ වාර්තා කරමින් ගොඩකවෙල කුලරත්න ම. ම. විද්‍යාලයේ ආර්. රොෂාන් ධම්මික මෙවර අලුත් කරනු ලැබුවේ ඔහු විසින්ම ගියවර (2013) උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2 ක්‌ ලෙස තබා තිබූ වාර්තාව බිඳ හෙළමිනි.

2014/10/03
2014 රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා ශක්ති සංචිත පිහිටු වීම
 ක්‍රීඩා සංවර්ධන  දෙපාර්තමේන්තුව /රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රීඩා අංශය සංවිධානය කරන රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා ශක්ති ක්‍රීඩක/ක්‍රීඩිකා තේරීමේ කදවුර 2014 ඔක්තෝබර් මස 11 දින පෙ.ව. 9.00 සිට රත්පුර නගර සභා සීවලී ක්‍රීඩා පිටිෙය්දී පැවැත්වීමට කටයුතු  යොදා අැත.
  • ක්‍රීඩා - පාපන්දු පිරිමි/ කාන්තා , වෙලිබෝල් පිරිමි/ කාන්තා , කබඩි පිරිමි/ කාන්තා , පැසිපන්දු පිරිමි/ කාන්තා , ජූඩෝ පිරිමි/ කාන්තා , බොක්සින්  පිරිමි/ කාන්තා ,මලල ක්‍රීඩා පිරිමි/ කාන්තා , 
  • 1997 , 1998 , 1999, වර්ෂ වල උපන් , එක ක්‍රීඩාවකට පිරිමි/ කාන්තා ,05 වශයෙන් අවම 10 ක් ඉදිරිපත් කිරීමට ඉල්ලමි.
පුහුණුකරු - පාපන්දු       0718139963
පුහුණුකරු - වොලිබෝල් 0724122253
පුහුණුකරු - මලල ක්‍රීඩා   0776553526
පුහුණුකරු - ජිම්නාස්ටික්  0778861717
පුහුණුකරු - බැඩ්මින්ටන්  0773072015
පුහුණුකරු - දැල්පන්දු      0722171681  

කේ.එ්.අනුරරත්න
දිස්ත්‍රික් ක්‍රීඩා සම්බන්දීකරණ නිලධාරී,
රත්නපුර 

 2014/10/01
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල හෙට ඇරැඹේ
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල හෙට (02) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඇරැඹේ. රටපුරා පාසල් 1044කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4786ක් සහභාගි වන මේ ක්‍රීඩා උත්සවය අගමැති දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ වේ. සමාප්ති උත්සවය 7 වැනි දා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ලංකා බැංකුව, ප්‍රීමා සමාගම, ඩී.එස්.අයි සමාගම සහ නෙස්ලේ ලංකා සමාගම ක්‍රීඩා උළලේ අනුග්‍රාහකයන් ලෙස රුපියල් දශලක්ෂය බැගින් පරිත්‍යාග කර ඇති බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) සවස පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. පුරා දින 5ක් පැවැත්වෙන එකම ක්‍රීඩා උත්සවය මෙය වන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා සෞඛ්‍ය ශාරිරික අධ්‍යාපන ශාඛාව සංවිධාන කර ඇත.
ක්‍රීඩා තරග සඳහා සහභාගිවන දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමු වීම හේතුවෙන් ගණිතය අසමත් වන බවත් මේ දරුවන් උසස් පෙළට යොමු කිරීම සඳහා කැබිනට් තීරණයක් ගත් බවත් ගුණවර්ධන මහතා කීවේය පාසල් ක්‍රීඩා උළෙල සඳහා රුපියල් මිලියන 20කට අධික වැය වන බව ද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. පෞද්ගලික අංශයේ අනුග්‍රහකත්වය වෙනුවෙන් ඇමැතිවරයා ප්‍රශංසා කළේය.


2014/09/25/26
ක්‍රීඩා සංවර්ධන පුහුණු වැඩමුළුව - 2014
රත්නපුර දිස්ත්‍රික් ලේකම්  ශ්‍රවනාගාරයේදි මෙම වැඩමුළුව පැවැති අතර පළමු දින පලමු දේශනය ශාරීරික අධ්‍යාපන  උපදේශක නිමල් ධර්මසිරි මහතා විසින්ද ඉන් අනතුරුව ජෙ. සිමුදලි මහතාගේ දේශනයද , පස්වරු දේශනය වෛද්‍ය ජානක වන්නකු මහතා විසින්ද පවත්වනු ලැබීය.


2014/09/25
මවුන්ටන් ජාතික පාපැදි කණ්ඩායම තෝරාගැනීම 29දා වැලිසර නාවික හමුදා ධාවන පථයේ දී
ආසියානු මවුන්ටන් පාපැදි ශූරතාවලිය හා ‘රම්බල් ඉන් ද ජන්ගල්’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග මෙම 29 වැනි සඳුදා පෙරවරු 9.00 සිට වැලිසර නාවික හමුදා රේසිං ධාවන පථයේදී පැවැත්වේ.
ආසියානු ශූරතාවලිය නොවැම්බර් මස 1 වැනිදා ඉන්දුනීසියාවේ පැවැත්වෙන අතර ‘රම්බල් ඉන් ද ජන්ගල්’ තරගාවලිය නොවැම්බර් මස 19 සිට 22 දක්වා නුවරඑළියේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව මේ තරගාවලියන් සඳහා පිරිමි හා කාන්තා කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන් හය දෙනෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි. කනිෂ්ඨ තරගාවලිය සඳහා වන තේරීම් තරග ජාතික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද විවෘත බව ජාතික මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති අමල් සූරියගේ මහතා පවසයි. පාසල් නියෝජනයක් විශේෂයෙන් බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටී.

2014/09/25
රස්‌තියාදු වු පාපන්දු ක්‍රීඩකයෝ
අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියාව
'අත්අඩංගුවට' ගනිති

( දිවයින පුවත් පතින් උපුටා ගැනීම ) තරගාවලිය පැවැත්වීමට නොහැකිවීමෙන් ලත වන පාසල් ළමුන්...
ඡායාරූපය - හේමන්ත වික්‍රමපාල
අසේල විතාන සහ මොරටුව විශේෂ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කණ්‌ඩායම් 27 ක සහභාගීත්වයෙන් සංවිධානය කර තිබු වයස අවුරුදු 19 න් පහළ සමස්‌ත ලංකා පාපන්දු තරගාවලිය දෙවැනි දිනටත් ඊයේ (24 දා) ආරම්භ කිරීමට නියමිතව තිබුණද තරගාවලිය පැවැත්වීමට ක්‍රීඩාංගණයක්‌ වෙන්කර නොතිබීම හේතුවෙන් පාසල් ක්‍රීඩකයන් දැඩි අපහසුතාවකට ලක්‌විය.

අදාළ තරගාවලියේ සමාරම්භක දිනය වූ පෙරේදා (23 දා) තරගය පැවැත්වීමට ස්‌ථානයක්‌ නොතිබීම හේතුවෙන් අතරමංව සිටි ක්‍රීඩකයන් ඊයේ දිනයේදී තරගාවලියට සහභගි වීමට සූදානමින් කැම්බල් පාර්ක්‌ ක්‍රීඩාංගණයට පැමිණියද පෙර දිනයේ මෙන් ක්‍රීඩාංගණය නොතිබීම හේතුවෙන් ක්‍රීඩකයන් දැඩි කලකිරීමෙන් අවේගයට පත්විය. එම හේතුවෙන් බොරැල්ල කැම්බල් පාර්ක්‌ ක්‍රීඩාංගණයට පැමිණි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියකු වූ පී.එම්. µලව්දීන් මහතාට ක්‍රීඩාංගණයෙන් පිටව යැමට නොදී රඳවා ගැනීමට ක්‍රීඩකයන් කටයුතු කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තරගාවලියට සහභාගි වන ලෙස පාසල් වෙත යවන ලද ලිපියේ සඳහන් කොට ඇත්තේ 2014.09.23, 24 සහ 25 දිනවල කොළඹ එම්.එච්. මොහොමඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ පාපන්දු තරගාවලිය සඳහා ඔබ පාසලේ කණ්‌ඩායමක්‌ සහභාගි කරවන ලෙසය.

එසේ ලිතව පාසල් වෙත දැන්වුවද අදාළ පාසල් කොළඹට පැමිණ එම්.එච්. මොහොමඩ් ක්‍රීඩාංගණයට ගිය විට එම ක්‍රීඩාංගණය තරගාවලිය සඳහා වෙන්කර නොමැති බව දන්වා තිබේ. අනතුරුව බොරැල්ල කැම්බල් පාර්ක්‌ ක්‍රීඩාංගණයේදී තරගාවලිය සුදානම් කර ඇති බව පාසල්වලට දැන්වීමෙන් පසු එම ක්‍රීඩාංගණයද තරගාවලිය සඳහා වෙන්කර නොමැති වීමෙන් තරගාවලිය පැවැත්වීමට නොහැකි විය. එබැවින් දුෂ්කර ප්‍රදේශවල සිට තමන්ගේ වියදමින් කොළඹට පැමිණි පාසල් ක්‍රීඩකයන් දින දෙකක්‌ රස්‌තියාදු කිරීමකින් පසුව තරගාවලිය දින නියමයක්‌ නොමැතිව කල් දමා තිබේ.

සහකාර ක්‍රීඩා අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලලිත් බන්දුල මහතා විසින් කොළඹ මහ නගර සභාවට තරගාවලිය වෙනුවෙන් බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණය වෙන්කර ඇති බව ලිපියකින් දන්වා ඇති බව වාර්තා වේ. එහෙත් ක්‍රීඩාංගණය බාරව සිටින කොළඹ මහ නගර සභාවේ රොහාන් වික්‍රමරත්න පවසන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එවැනි වෙන්කිරීමක්‌ හෝ ලිපියක්‌ නගර සභාවට එවා නොමැති බවයි. "ඒ ගොල්ලන් ඉල්ලීමක්‌ කරල නැහැ. අපි මේ ක්‍රීඩාංගණයට මුදල් අය කිරීමක්‌ ලබා ගන්නෙත් නැහැ. කොහොම හරි ළමයින්ට පෙරේදා දිනයේදීත් තරගය පවත්වන්න බැරි වුණ නිසා මම ඊයේ සහ අද සවස 2.00 වෙනකම් විශේෂ වෙන්කිරීමක්‌ යටතේ තරගාවලියට කැම්බල් ක්‍රීඩාංගණය ලබා දුන්නා. එහෙත් පෙරේදා වැස්‌ස නිසා ක්‍රීඩාංගණයේ වතුර. සාමාන්‍යයෙන් වතුර තියෙන කොට අපි ක්‍රීඩාංගණය දෙන්නෙ නැහැ. කොහොම වුණත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ තරගාවලිය පවත්වන්න ක්‍රීඩාංගණය ලැහැස්‌ති කරන්නවත් ආවෙ නැහැ." යනුවෙන් රොහාන් වික්‍රමරත්න මහතා 'දිවයින' කළ විමසීමකදී පැවසීය.

අපිට දෙන්නෙත් නැහැ... ඒ අය හරියට කරන්නෙත් නැහැ..

- පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු

වයස අවුරුදු 19 න් පහළ පාසල් පාපන්දු තරගාවලිය පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති රජිත් රුද්‍රිගු මහතාගෙන් 'දිවයින' කළ විමසීමකදී, "අපි මේ තරගාවලිය පවත්වන්න ඉල්ලුවට අධ්‍යාපන අමාත්‍යාංශය අපිට දුන්නෙ නැහැ. අපිට දුන්නනම් ක්‍රීඩාංගණ වෙන්කරල තරගාවලියට අවශ්‍ය පහසුකම් ලබා දීල තරගාවලිය පවත්වනවා. '' යනුවෙන් පැවසීය.


2014/09/25
අවතක්‌සේරුවට විරෝධය පා
වොලිබෝල් විනිසුරුවෝ සේවයෙන් ඉවත්වෙති
(දිවයින පුවත් පතින් උපුටා ගනීම)
සමස්‌ත ලංකා පාසල්
කිරි කළයට ගොම තැම්බ බැගින්...

ඉන්ද්‍රජිත් සුබසිංහ සහ මහවැව- අමරනන්ද විඡේසේකර
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා 2014 යටතේ නාත්තන්ඩිය ධම්මිස්‌සර විදුහලේ දින 3ක්‌ පැවැත්වෙන වොලිබෝල් තරග අංශයේ දෙවැනි දිනය වූ ඊයේ ආරම්භය, විනිසුරුවන්ගේ "මනා ගැටලුවක්‌ මත දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්විය.
සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා යටතේ පැවැත්වෙන ක්‍රීඩා සඳහා ගෙවීම් ක්‍රම 2ක්‌ අනුගමනය කරමින් වොලිබෝල් විනිසුරුවරුන් සඳහා අඩු මුදලක්‌ ලබාදීමට විරෝධය පළකරමින් මේ සඳහා පැමිණ සිටි විනිසුරුවන් ඊයේ පෙරවරුවේ විනිශ්චය කටයුතුවලින් ඉවත් වූ අතර ඒ හේතුවෙන් දිවයිනේ පළාත් 9ම නියෝජනය කරමින් පැමිණ සිටි කණ්‌ඩායම් 150කට අධික සංඛ්‍යාවක්‌ නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000ක පමණ සහභාගී වන මෙම තරගාවලිය අතරමග ඇනහිටින තත්ත්වයක්‌ උද්ගත වුණි.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සමස්‌ත ලංකා ක්‍රීඩා සඳහා ඉදිරිපත් වන විනිසුරුවරුන් සඳහා තෝරාගත් ක්‍රීඩා කිහිපයකදී රුපියල් 1000 ක දෛනික දීමනාවක්‌ ලබාදෙන නමුත් වොලිබෝල් විනිසුරුවරුන් සඳහා නියමිතව ඇත්තේ රුපියල් 750ක දෛනික දීමනාවකි. තමන්ට මෙලෙස අවතක්‌සේරුවක්‌ ලබාදීමට විරෝධය පළකරමින් ඊයේ පෙරවරුවේ පැය කිහිපයක කාලයක්‌ රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටීමට පිරිසෙන් 90ක්‌ වූ වොලිබෝල් විනිසුරුකරුවෝ කටයුතු කළහ.
මෙම තත්ත්වය වාර්තා වීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ක්‍රීඩා) එම්. කේ ජයසේකර මහතා මෙහි පැමිණ විනිසුරුවරුන් සමග සාකච්ජා කළ අතර ඔවුනගේ දීමනාව වැඩි කිරීමට එහිදී එකඟතාවක්‌ පළ නොවී යෑයි වාර්තා වේ. නමුත් මේ මොහොතේ එහි රැඳී සිටි පාසල් ක්‍රීඩකයන්ගේ දෙමාපියන්ද මෙයට මැදිහත් වෙමින් වොලිබෝල් විනිසුරුවන්ට සාධාරණයක්‌ ඉටුකර තරගාවලිය යොදාගත් පරිදි පවත්වන මෙන් ජයසේකර මහතාට බල කර තිබේ. මෙම බලපෑමත් සමගින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සමග දුරකථනයෙන් සාකච්ජා කර විසඳුමක්‌ ලබාදීමට අවස්‌ථාව ඉල්ලා ඇති ජයසේකර මහතා අවසානයේ රුපියල් 1000 දීමනාව වොලිබෝල් විනිසුරුවරුන්ටත් ලබාදෙන බවට පොරොන්දුවීමත් සමග විනිසුරුවරුන් මධ්‍යාහ්න 12 ට පමණ සිය රාජකාරිය අරඹා තිබේ.
'සමස්‌ත ලංකා ක්‍රීඩාවල බයිසිකල් රේස්‌ එක පැය 2 යි. ඒකටත් රුපියල් 1000ක්‌ විනිසුරුවරයෙක්‌ට ගෙවනවා. අපි මෙතන දවසම අව්වේ වේලිලා රුපියල් 750 යි. ඇයි අපිට අඩු තක්‌සේරුවක්‌ ' යෑයි මේ සම්බන්ධයෙන් 'දිවයින' කළ විමසීමකදී වොලිබෝල් විනිසුරුවරයකු පැවසීය.

2014/09/24
(මව්බිම පුවත් පතින් උපුටා ගැනීම)
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා බලධාරීන්ගේ නොදැනුම්වත්කම් නිසා බලවත්ම අසාධාරණයට ලක්ව ඇත්තේ පාසල් මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බව දැනගන්නට ඇත.
මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට අයත් බාලක බාලිකා මැරතන් තරග පසුගිය සැප්තැම්බර් 7 වැනි ඉරිදා පවත්වා ඇතත් ඊට සබරගමුව පළාත් පාසල් මැරතන් තරගයේ ජයග්‍රහණ ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටද සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබිණි.
එම අවාසනාවන්ත තත්ත්වයට ඔවුන් මුහුණ දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා බලධාරීන් අදාළ තරග පවත්වන දිනය ලෙස වැරැදි දිනයක් සහිතව දැනුම්දී තිබීම නිසාය.
සැප්තැම්බර් 7 වැනිදා මැරතන් තරග පවත්වන බවට දන්වා යැවිය යුතු ලිඛිත දැනුම්දීම සබරගමු පළාතට යවා ඇත්තේ සැප්තැම්බර් 21 ලෙස සඳහන් කරමිනි. මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුටද ලැබී ඇත්තේ එවැනි ලිපි බව දැනගන්නට ඇත.
මේ නිසා පසු ගිය ජූලි මාසයේ පැවැති සබරගමු පළාත් පාසල් මැරතන් තරගාවලියේ බාලක / බාලිකා ශූරතා දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ බලවත් අසාධාරණයකටය.
මේ පිළිබඳ ඉසුරුපායෙන් විමසන විට පළාත් සභාවට යොමු කරන ලෙසත් පළාත් සභාවෙන් විමසන විට ඒ පිළිබඳ වගකීම ඇත්තේ ඉසුරුපායට බවටත් ප්‍රකාශ කරමින් දෙපාර්ශ්වයම ඇඟ බේරා ගැනීමේ තරගයක නියැළෙන බව අපට දැන ගන්නට ලැබී ඇත.

2014/09/23
ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි කණ්ඩායම තෝරා ගැනීමට අයැදුම් පත් කැඳවයි
ආසියානු මවුන්ටන් පාපැදි ශූරතාවලිය හා ‘රම්බල් ඉන් ද ජන්ගල්’ ශූරතාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා ජාතික මවුන්ටන් පාපැදි සංගමය වහාම අයැදුම් පත් කැඳවා තිබේ.
2014 ආසියානු මවුන්ටන් පාපැදි ශූරතාවලිය නොවැම්බර් 1 වැනිදා ඉන්දුනීසියාවේදීත්, ‘රම්බල් ඉන් ද ජන්ගල්’ ජාත්‍යන්තර තරගාවලිය නොවැම්බර් 19 සිට 22 දක්වා නුවරඑළියේදීත් පැවැත්වීමට නියමිතය. ආසියානු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නුවරඑළියේ තරගාවලිය සඳහා තරගකරුවන් තෝරා ගැනීම සඳහාද තෝරා ගැනීමේ තරග පැවැත්වෙන අතර එම දිනයන් ළඟදීම ප්‍රකාශයට පත්කරන බව ජාතික මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති අමල් සූරියගේ මහතා පවසයි. මවුන්ටන් පාපැදි ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩාවක් ලෙසින් දියුණු කළ හැකි ඉසව්වක් බවට හඳුනා ගෙන සිටින ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එම කර්තව්‍යය ජාතික මවුන්ටන් පාපැදි සංගමයට පවරා දී තිබේ.
‘රම්බල් ඉන් ද ජන්ගල්’ වැනි ත්‍රාසජනක ක්‍රීඩාවන්ට සිය පූර්ණ සහයෝගය ලබා දෙන තම සංගමය ඒ සඳහා අනුග්‍රාහකයන් ලෙසින් ඉදිරිපත්ව සිටින ශ්‍රී ලන්කන් ගුවන් සේවයට හා ලංකා ස්පෝට්රයිසන් ආයතනයට ආචාරය පිරිනමන බව සූරියගේ මහතා ප්‍රකාශ කර සිටී.
ආසියානු මවුන්ටන් පාපැදි ශූරතාවලිය සඳහා පිරිමි හා කාන්තා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ හය දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. 1996 හා 97 වසරවල උපන් අයට කණිෂ්ඨ අංශය සඳහා ඉදිරිපත් විය හැකි අතර ජ්‍යෙෂ්ඨ අංශය සඳහා 1995 වසරේ හෝ ඊට පෙර උපත ලද අයට ඉදිරිපත් විය හැකි බව මවුන්ටන් පාපැදි සංගමය කියයි.
රට හරහා, කඳු පල්ලම් හා සහාය තරග වශයෙන් ඉසව් පැවැත්වෙන අතර මේ සඳහා සුදුසු කොළඹ ස්ථානයක තෝරා ගැනීමේ තරග පැවැත්වෙනු ඇත. ඉන්පසුව පුහුණුකරු උපාලි රත්නායක යටතේ පුහුණුවීම් බලංගොඩ හෝ අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු කරගෙන යයි. නොවැම්බරය අවසානයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වයි.ඒ.කේ. ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන තරගකරුවන් සිවු දෙනෙකු හා තරගකාරියන් දෙදෙනකු තෝරා ගැනීම සඳහාද මේ අවස්ථාව යොදා ගැනීමට සංගමය බලාපොරොත්තු වෙයි.
කණිෂ්ඨ තරගාවලියේ තෝරා ගැනීමේ තරග සඳහා එක් පාසලකින් තෝරා ගත් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් පමණක් යොමු කරන ලෙසත් එම අයැදුම් පත් විදුහල්පති හෝ ක්‍රීඩා භාර ආචාර්යවරයා මගින් ඉදිරිපත් කළ යුතු බවත් සංගමය දන්වා සිටී. නුදුරු දිනයකදීම තෝරා ගැනීමේ තරග පැවැත්වෙන බැවින් සියලුම ඉල්ලුම් පත් දුරකථන අංකද සමග 0114718289 ෆැක්ස් අංකයට හෝ j.a.suriyage@gmail.com විද්‍යුත් තැපෑලට එවන ලෙසට සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.
මේ පිළිබඳ වැඩි විස්තර අමල් 0777881650 (මවුන්ටන් පාපැදි සංගමය), සුජීවන් (0772229213 (ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය), උපාලි 0773997170 (අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය/පුහුණුකරු) හෝ සීතා 0776941238 ඇමතීමෙන් ලබා ගත හැකි බවද නිවේදනය කෙරේ.

2014/09/20
සබරගමුව පළාත් මලල ක්‍රීඩා  තරග ජයග්‍රහනය කර සමස්ත ලංකා තරග සදහා සහභාගි වීමට සූදානම් වී සිටින පළාතේ සියලුම තරග කරුවන්/ තරග කාරියන් සදහා මුල් වරට හොමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ මෙම මස 22 හා 23 යන දෙදින තුළ නේවාසික  පුහුණු කදවුරක් පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සබරගමුව ප‍ළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ( ක්‍රීඩා ) උපසාර අලහකෝන් මහතා  පවසයි.


2014/09/19
පාසල් කරාතේ තරගාවලියේ තෙවැනි ස්ථානය නවෝද්‍යාට ( සබරගමුවට ජයග්‍රහනයක් )
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙහෙයවූ 2014 ජාතික පාසල් සමස්ත ලංකා කරාතේ තරගාවලියේ අවුරුදු 19 පහළ කාන්තා කාතා අංශයේ තෙවැනි ස්ථානය දිනාගත් කෑ/තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ නවෝද්‍යා ප්‍රභානි ජයලත් ශිෂ්‍යාව ඡායාරූපයේ දැක්වේ.


2014/09/15


මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරී සඳහා අයැදුම්පත් කැඳවේ
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවත්වන සහකාර තාක්ෂණ නිලධාරී (අදියර 4) පරීක්ෂණය ලබන නොවැම්බර් මස 30 වැනි දින කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් පරීක්ෂණ මධ්‍යස්ථානවලදී පවත්වනු ලැබේ.
පසුගියදා පැවති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් කමිටු රැස්වීමේදී සෑම කනිෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරුවන්ටද මෙම පරීක්ෂණය සමත්වීම අනිවාර්ය කිරීමට තීරණය කරන ලදී.  අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් මස 25 වැනි දින අවසන් වන අතර අයැදුම්පත් මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයෙන් හා දිස්ත්‍රික් සංගම් ‍ලේකම්වරුන්ගෙන් ලබාගත හැකි දිස්ත්‍රික්කයකටම සුදුසුකම්ලත් නිලධාරීන් සියයක් (100) සම්පූර්ණ කිරීම දීර්ඝකාලීනව සිදු කෙරේ. අයැදුම්පත් ජී. එල්. එස්. පෙරේරා, උප සභාපති (තාක්ෂණික), ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, නො. 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 07 වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටී.

2014/09/10
රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා පුහුණු වැඩමුළුව - 2014
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන පුහුණු කදවුර 2014 සැප්තැම්බර් මස 25, 26 යන දිනයන්හිදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පෙ.ව 8.00 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත.තවද සහභාගිවන්නන් සදහා පිලිගත් සහතිකයක් නිකුත් කරනු ලබයි.
වැඩි විස්තර පහත දුරකතන අංක ඇමතීමෙන් 
කේ.ඒ. අනුරරත්න මයා ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී  0718139963 / 0776553526 / 0712621964


2014/09/07
2014 වසර වෙනුවෙන් සංවිධානය කරන ජාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලිය මෙවර ඔක්තෝබර් 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලැසුම් කර ඇත.

2014/09/06
සහය දිවීමේ සැණකෙළියේ දී සබරගමුව පළාතට ජයග්‍රහනයක්
අභියෝගතා කුසලාන ප්‍රදානය
 18න් පහළ පිරිමි- කෑගල්ල සාන්ත මේරි වි. දිනා ගන්නා ලදී


රත්නපුර අධ්‍යාපන කළාපයේ කුරුවිට කොට්ඨාස ක්‍රීඩා තරගාවලියේ


රත්නපුර අධ්‍යාපන කළාපයේ කුරුවිට කොට්ඨාස ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිපාල මංචනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රදානයේදී ශූරතාව දිනූ කුරුවිට විද්‍යාලයේ විදුහල්පති ජයලත් රත්නසිරි මහතා ජයග්‍රාහී කුසලානය ලබාගත් අයුරු.


2014.08
 සමස්ත ලංකා වූෂූ ශූරතාවය ( ශ්‍රී ලංකා යූත් ) 2014
මෙවර  ජයග්‍රහන රැසක් සබරගමුවට
රත්නපුර සුමන බාලිකා විද්‍යාලය
1 ආර්.රුචිරා තිරණි කුරකුලසිංහ ප්‍රවීන 48kgඅඩු බර පංතිය 18 න් පහළ 2 වන ස්ථානය
2 දිලිෂි තාරකා ප්‍රවීන 65kg අඩු බර පංතිය 18 න් පහළ 2 වන ස්ථානය
3 නිපුනි මධුෂිකා ආධුනික 48 kgඅඩු බර පංතිය
2 වන ස්ථානය
4 බින්මි තිලාණි ආධුනික 48 kgඅඩු බර පංතිය
3 වන ස්ථානය
5 වරුණි නිලූෂෘ තාවුළු 19 න් පහළ ප්‍රථම ස්ථානය
6 උදේෂා 52 kg බර පංතිය 19 න් පහළ 3 වන ස්ථානය
7 පියුමි ප්‍රභෝධ්‍යා 48 kg අඩු බර පංතිය
3 වන ස්ථානය
රෝහිත ජයවර්ධන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කේ .ජි.ටිරෝන් කුමාර මහතා ( 071 1755115 ) විසින් පුහුණු කරන ලදී.

ර/රත්/ දෙමළ ම .වි
1 ධන ලක්ෂිමි ආධුනික 48 kgබර අඩු පංතිය 21 න් පහළ ප්‍රථම ස්ථානය
2 ආර් . ධර්ෂිකා 48 kg බර පංතිය 21 න් පහළ 2 වන ස්ථානය
3 එස්. මනෝජ් 48kg අඩු බර පංතිය 21 න් පහළ 3 වන ස්ථානය
4 එස්.තනුජන් 48 kg බර අඩු පංතිය 21 න් පහළ 3 වන ස්ථානය
කේ .ජි.ටිරෝන් කුමාර මහතා ( 071 1755115 ) විසින් පුහුණු කරන ලදී.

ර/නිවි/කොළඔගම  ම.වි
1 මදාරා හේමමාලි 48 kgබර අඩු පංතිය 19 න් පහළ 2 වන ස්ථානය
කේ .ජි.ටිරෝන් කුමාර මහතා ( 071 1755115 ) විසින් පුහුණු කරන ලදී.

ර/නිවි/කලවාන ජාතික පාසල
1 හරිත එරන්ද රතුගම නන්ෂුවාන්
ප්‍රථම ස්ථානය
කේ .ජි.ටිරෝන් කුමාර මහතා ( 071 1755115 ) විසින් පුහුණු කරන ලදී.



2014/08/25
                                                                මට මහළු වයසේ
                                                         හැකිය ඒ ගායනා පෙරසේ...

අවුරුදු 112 ආච්චි කෑගල්ලේදී පිටිය කළඹයි
ලංකාවේ වයස්‌ගතම ප්‍රවීණ ක්‍රීඩිකාවක්‌ වූ අරණායක ගැවිලිපිටිය පදිංචි එස්‌. පී. අනුලාවතී මහත්මිය (අවු. 112) 24 දින කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගයේදී අවුරුදු 100-112 අතර කාණ්‌ඩයේදී හෙල්ල හා යගුලිය විසි කිරීමේ ඉසව් වෙනුවෙන් ඉදිරිපත් වූවාය. මෙහි දැක්‌වෙන්නේ අනුලාවතී මහත්මිය යගුලිය විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ අවස්‌ථාවයි.

 




 
2014/08/25

අධ්‍යාපනයත්, ජාත්‍යන්තරයත්
දෙකම දිනන සුපිරි ක්‍රීඩා පාසලක්‌ බිහිකිරීමට සූදානම්

මෙරට ක්‍රීඩාවේ ජාත්‍යන්තර පදක්‌කම් අහේනිය නිමා කිරීම පිණිස දිගුකාලීන ඉලක්‌කයක්‌වශයෙන් ජාත්‍යන්තර මට්‌ටමේ සුපිරි ක්‍රීඩා පාසලක්‌ පිහිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සැරසෙන බව වාර්තා වේ.
මෙරට පැවැති ක්‍රීඩා පාසල් අභාවයට යැමත්a සමග ක්‍රීඩාව සඳහා කැපී පෙනෙන ක්‍රීඩකක්‍රීඩිකාවන් බිහිවීම ඉකුත් සමයේදී දක්‌නට නොලැබුණු අතර මෙයට පිළියමක්‌ ලෙසින් වඩාත් සංවිධානය වූසහ ජාත්‍යන්තර මට්‌ටමේ ජයග්‍රහණ ඉලක්‌ක කරගත් ක්‍රීඩා පාසලක්‌ පිහිටුවීම සඳහා ඇමැතිවරයා ලහි ලහියේ ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම අදහස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රසංශාවට බඳුන් වී ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.
සිංගප්පූරුවේ ජාතික ක්‍රීඩා පාසල ආදර්ශයට ගනිමින් ගොඩනැගීමට අරමුණු වී ඇති අතර මේ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍යවරයා ලබන මස මුලදී සිංගප්පූරු ක්‍රීඩා පාසල වෙත යැමට නියමිත බවද ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව පාසල් වයසේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500ක පමණ පිරිසක්‌ නේවාසිකව රඳවා ගනිමින් අවශ්‍ය සියලු පහසුකම් යටතේ පූර්ණ අධ්‍යාපන පහසුකම් සහ ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩා පුහුණුවක්‌ සමග ක්‍රමිකව ඉදිරියට රැගෙන යැමට සැලසුම් වී තිබේ.
ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන කැපවීම, පාසල් අධ්‍යාපන කටයුතුවලට හානියක්‌ ලෙසින් දෙමාපියන්ගේ වන ආකල්පය මත මේ වන විට ක්‍රීඩාවට පාසල් දරුවන්ගේ නැඹුරුව අඩුවීමක්‌ සිදුව ඇති අතර යෝජිත ක්‍රීඩා පාසලේදී පාසල් අධ්‍යාපන දැනුම කිසිදු අඩුවකින් තොරව ලබාදී ඉහළම අධ්‍යාපනය සහිත ශිෂ්‍යයකු එයට සමාන්තරව ජාත්‍යන්තර පදක්‌කමක්‌ දිනාගත හැකි මට්‌ටමේ දක්‍ෂතාවක්‌ සහිත ක්‍රීඩකයකු බිහිකිරීම ඉලක්‌කය බවට පත්ව ඇත.
සිංගප්පූරුවේදී මෙම ක්‍රමවේදය ඉතාම සාර්ථකව ඉදිරියට යමින් තිබෙන අතර 2004 දී එහි ඇරඹුණු එම පාසල මගින් මේ වන විට ජාත්‍යන්තරයේ ක්‍රීඩාවෙන් කැපී පෙනෙන ස්‌ථානයක්‌ එරටට දිනා දී තිබේ.


2014/08/17
ටී.බී.ජයා පාසල් බොක්සිං ශූරතාව හොරණ විද්‍යාරත්නයට
කොළඹ රාජකීය-රත්නපුර සිවලී අනුශූරතා දිනති ( සබරගමුවට තවත් ජයග්‍රහනයක් )
පාසල් බොක්සිං සංගමය 45වැනි වරට සංවිධාන කළ ටී.බී.ජයා කුසලාන සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය සමත්විය. මහනුවර පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති තරගාවලියේදී කොළඹ රාජකීය හා රත්නපුර සිවලී විදුහල් අනුශූරතාව සමව බෙදා ගත්හ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පිළිමතලාව මධ්‍ය විද්‍යාලයේ එස්.ජී.ඩී.එස්.බණ්ඩාර සම්මාන දිනාගත් අතර පී.එච්.ආර්.හන්ෂාන් (රත්නපුර සිවලී) දක්ෂත පරාජිතයා ලෙස නම් කෙරිණි.
විවිධ වයස් හා බර පංති යටතේ පැවැති තරගාවලියේ ජයග්‍රාහකයන් මෙසේය.
ආර්.ජේ.කුමාර (හොරණ විද්‍යාරත්න), ඩී.එස්.බණ්ඩාර (පිළිමතලාව ම.වි), එල්.එස්.චතුර (කඩුගන්නාව ජා.පා), කේ.එස්.බණ්ඩාර (නාවලපිටිය ම.ම.වි), එම්.ටී.මධුෂාන් (ඉංගිරිය ගාමිණී ම.වි), පී.ඉරේෂාන් (හොරණ විද්‍යාරත්න), අයි.අබේරත්න (පානදුර රාජකීය), වී.කවිෂාන් (හොරණ විද්‍යාරත්න), ඒ.ඩී.ඩිල්ෂාන් (කුලියාපිටිය සාරානාත් වි.), පී.පී.ගල්හේන (මහනුවර කිංග්වුඩ්), කේ.සිදුජන් (කො.රාජකීය), ජී.ඕ.වීරසිංහගේ (රත්නපුර සිවලී), එස්.එස්.තම්බෝජන් (කිළිනොච්චිය හි.වි), එම්.ඒ.රුවන් (ඉසිපතන) හා ඩී.ටී.ධනවර්ධන (රත්නපුර සිවලී)



2014/08/06


විදුසංඛ
මේ මස 18 වැනි දින සිට 28 දින දක්වා චීනයේ නැංජින් නුවරදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා 6ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනෙක් නම් කර තිබේ.
ආසියාතික රටවල් 45ක් නියෝජනය කරමින් අවු. 15-18ත් අතර යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500ක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වෙති.
ආසියාතික ඔලිම්පික් කමිටුව සංවිධානය කරනු ලබන මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 28ක් ඇතුළත් කර තිබේ. එසේ වුවද ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා ඇත්තේ ක්‍රීඩා 6ක් වෙනුවෙන් ක්‍රීඩකයන් 7ක් සහ ක්‍රීඩිකාවන් 2ක් පමණි.
මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම සඳහා ආසියාතික මට්ටමින් ඒ ඒ ක්‍රීඩා සඳහා යොවුන් ක්‍රීඩා තරග ආසියානු කලාපයේ රටවල් කීපයක පැවැත්වුණි.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැති මලල ක්‍රීඩා තේරීම් තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්‍රීඩිකාවන් 10 දෙනෙක් අතරින් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ඇත්තේ එක් ක්‍රීඩකයෙකු පමණි. ඒ කෑගල්ල ශාන්ත මේරි විදුහ‍ලේ, මීටර් 100 කඩුලු පැනීමේ ක්‍රීඩක අනුරුද්ධ විදුශංඛ රන්දුන්ගේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 12 වැනි දින නැංජින් බලා පිටත්ව යාමට නියමිතය.
සබරගමුව පළාත් ක්‍රීඩා අංශයෙන් ශුභ පැතුම් මෙසේ පිරි නමමු.

2014/08/01


දැදිගම මැතිවරණ කොට්ඨාශයේ තෝලංගමුව ජාතික පාසල  සදහා  පිහිණුම් තටාකයක ඉදිකිරීම් කටයුතු පසුගිය දා (01) ආරම්භ විය.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ,සබරගමු අරුණාලෝකය යටතේ ක්‍රියාත්මක කරන දොරින් දොරට ගමින් ගමට වැඩ පිළිවෙල යටතේ මෙම පිහිණුම් තටාකය සදහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 300කි.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක ම.ම විද්‍යාලය ,සී.ඩබ්.ඩබ් කන්නන්ගර ශ්‍රීමතුන් මෙරට ආරම්භ කළ පළමු මධ්‍ය මහා විද්‍යාල 50ට අයත් වූවකි.
 වසර 70කට පෙර ආරම්භ වූ මෙම විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසල ද වේ.
වසර 70ක තරම් දිගු ඉතිහාසයක් තිබුණද  මෙතෙක් මෙම ප්‍රමුඛතම ජාතික පාසලට පිහිණුම් තටාකයක් නොතිබිණි.මෙම අඩුපාඩුව සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පෙන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් රජයේ දොරින් දොරට ගමින් ගමට වැඩසටහන යටතේ මේ සදහා ප්‍රතිපාදන වෙන් කෙරිනි.
පිහිණූම් තටාකයේ ඉදිකිරීම් කටයුතු අගොස්තු 01 දා සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙහි දී මහ ඇමතිවරයා සදහන් කලේ තටාකයේ ඉදිකිරීම් කටයුතු මාස 4ක් තුල අවසන් කිරීමට නියමිත බවය.



2014/07/24
සබරගමුවට තවත් ජයග්‍රහනයක් 

අද දින පැවති  ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සම්මේලන නිලවරණයේදී  උප සභාපති ධූරයට තේරී පත් වුණ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා හා ශාරීරීක අධ්‍යාපන විෂය  භාර ගුරු මහතා වන රෝහිත ජයවර්ධන මහතාට සබරගමුව පළාත් ක්‍රීඩා අංශයෙන් ශුභ පැතුම් මෙසේ පිරි නමමු.


2014/07/14


අද සබරගමුව පලාත් පාසල් ක්‍රීඩා 2014 තරගාවලිය ඇඔිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී සබරගමුව පළාත් සභාවේ ගරු අධ්‍යාපන තොරතුරු තාකෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යවර භාණු මුණිප්‍රිය මැතිතුමාගේ සමාරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.


                                    


                                     
2014/07/15
සබරගමුවෙන් ක්‍රීඩකයෙක්
විදුසංඛ
වසරේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ මෙන්ම පාසල් ක්‍රීඩා 29ට ආසන්න ප්‍රමාණයකට සහභාගිත්වය දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා වර්ණ ප්‍රදානය කෙරෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මයිලෝ වර්ණ ප්‍රධාන උළෙල එළැඹෙන (18) දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මෙවර වර්ණ ප්‍රධාන උළෙල ක්‍රීඩක ක්‍රිඩිකාවන් හාරසියයකට අධික ප්‍රමාණයක් වර්ණ හිමිකර ගැනීමට නියමිතය. එහිදී බර ඉසිලීමේ ක්‍රීඩාව වෙනුවෙන් එක් ක්‍රීඩිකාවක් පමණක් සම්මාන හිමිකර ගැනීම විශේෂත්වයකි.
මෙවර විශේෂ කුසලතා වෙනුවෙන්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් නම් කර ඇති අතර නැගී එන ක්‍රීඩකයා ලෙස කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ මලල ක්‍රීඩක ආර්ඩී.ඒ. විදුශංකත්, කොළඹ ආනන්ද විද්‍යාලයේ චෙස් ක්‍රීඩක දිනුල් තිසර දොළුවීර සහ මොරටුව ශාන්ත සෙබස්තියන් බැඩ්මින්ටන් ක්‍රීඩක සචින් ඩයස් නම්කර ඇත. වසරේ නැගී එන ක්‍රීඩිකාවන් ලෙස මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ  මලල ක්‍රීඩිකා එච්.ඩී.වී. ලක්ෂාණිත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ චෙස් ක්‍රීඩිකා එච්. නෙලුනිකා එම්. සෝමවීර සහ ආසියානු ජාත්‍යන්තර පාසල් පිහිනුම් ක්‍රීඩිකා මචිකෝ රහීම් නම්කර ඇත.
දක්ෂතම ක්‍රීඩකයන් වෙනුවෙන් රණබිම රාජකීය මලල ක්‍රීඩක සුපුන් විරාජ් රන්දෙණිය, කොළඹ ආනන්ද විද්‍යාලයීය පිහිනුම් ක්‍රීඩක කේ.ටී. චෙරන්ත ගෙහාෂ් ද සිල්වා සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ස්කොෂ් ක්‍රීඩක රවිඳු හසින්ත ලක්සිරිද දක්ෂතම ක්‍රීඩිකාවන් වෙනුවෙන් මියුසියස් විද්‍යාල චෙස් ක්‍රීඩිකා සචිනි රණසිංහ කතළුව මධ්‍ය විද්‍යාලයේ මලල ක්‍රීඩිකා වී.ජී. මධුෂිකා සහ ආසියානු ජාත්‍යන්තර පාස‍ලේ පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම් නම් කර ඇත. වර්ණ ප්‍රදාන උළෙ‍ලේ වැඩිම වර්ණ හිමිකරගන්නා ක්‍රීඩාව ලෙස මලල ක්‍රීඩා ඉසව්ව වාර්තා වන අතර මලල ක්‍රීඩා වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40ක් වර්ණ හිමිකර ගනී.
 

2014/07/09
 අද දින සමන් දේවාලයේ සිට ගිනිසිළුව ගොඩකවෙල නගරය දක්වා රැගෙන යාමට නියමිතයි. රත්නපුර අධ්‍යාපන කොට්ඨාශයෙන් පැල්මඩුල්ල කොටිඨාශයට භාර දීම සෞඛ්‍ය හා ශෘරීරික අධ්‍යාපන ගුරු උපදේශිකා සුජාතා මදුරේගොඩ මහත්මිය විසින් කොමාෂල් හංදිය අසලින්  අසලින් සිදු කරයි.



ගිණිසිළුව රැගෙන සමන් දේවාල භූමියෙන් නික්ම යාමට මොහොතකට පෙර
2014/07/09
රුවන්වැල්ල නගරයෙන් රත්නපුර මහ සමන් දේවාලය දක්වා ගිණීසිළුව රැගත් රිය පෙරහැර ගමන් ආරම්භ කරයි.

2014/07/08
 2014/07/07 වැනි දින මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් අලුත් නුවර දැඩිමුණ්ඩ මහා දේවාලයෙන් ගමන් ආරම්භ කරඅද දින රැවන්වැල්ල නගරයට පැමිණෙීමට නියමිතය.

2014/07/07
 අද  මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් අලුත් නුවර දැඩිමුණ්ඩ මහා දේවාලයෙන් ගමන් ආරම්භ කර 2014/07/10 ඇඔිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනය දක්වා රිය පෙරහැරකින් රැගෙන යන ලිණිසිළුව පෙ.ව.10 ඇඔිලිපිටිය නගරයට පැමිණේ. 

2014/07/05
 ගුවනේ ශූරයෝ පරදවමින් පාසල් සිසුන් මේසපන්දු සමස්ත ලංකා විවෘත ශූරතාව දිනති
සමස්ත ලංකා අන්තර් ක්‍රීඩා සමාජ මේසපන්දු තරගය පසුගිය දා  කෑගලු බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අවසන් විය.
තෙදිනක් පුරා පැවැති මෙම තරගාවලිය සමස්ත ලංකා මේසපන්දු සංගමය සහ කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමය මහීපාල හේරත් ජන සහන පදනමේ සහාය ඇතිව සංවිධානය කර තිබිණි.
දිවයින පුරා පාසල් 100ක් ක්‍රීඩා සමාජ 20ක් නියෝජනය කරමින් මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට ආසන්න පිරිසක් මෙම තරගාවලියට ඉදිරිපත්ව සිටි අතර ශ්‍රේණිගත මේසපන්දු සමස්ත ලංකා තරගාවලියක් අගනුවර සහ දිවයිනේ ප්‍රධාන නගරවලින් බැහැරව පවත්වන ලද දුර්ලභ අවස්ථාවක් ලෙස මෙම කෑගලු තරගාවලිය හැඳින්වේ.
 වයස අවු. 10න් පහළ පිරිමි ශූරතාව කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ වනුක ශ්‍රී බණ්ඩාර,

මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා දින තුනක් පුරා කෑගලූ බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පාසල් 100 ක් සහ කී‍්‍රඩා සමාජ 20 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 700 ක් පමණ තරගාවලියට සහභාගී වීමට නියමිත යැයි ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උපසභාපති, කෑගලූ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පවසයි.
තරගාවලියේ සමාප්ති උළෙල 28 වැනිදා පස්වරුවේ සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.  
කෑගලූ දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය තරගාවලිය සංවිධානය කරයි.
 
- See more at: http://kelimandala.lankadeepa.lk/article/20098/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-26--27--28-%E0%B6%AD%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1#sthash.69RTbNFO.dpuf
2014/06/21
ශරීර සුවතා වැඩසටහන පාසල් ළමයිනට අනිවාර්යයි
ක්‍රීඩා අමාත්‍යාංශය
මානසික සමබරතාවයකින් යුත් නිරෝගීමත් පාසල් දරුවන් බිහිකිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පාසල් ශරීර සුවතා වැඩසටහන දිවයිනේ ජාතික පාසල් 350ක් ඉලක්ක කැරගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කැර තිබෙන බැවින් එම වැඩසටහන සඳහා පාසල් ළමුන් අනිවාර්යෙන් සහභාගි කරවිය යුතු බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ජාතික පාසල් විදුහල්පතිවරුන් කැඳවා දැනුවත් කැර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
පාසලට ක්‍රීඩාව අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන එනු ලැබූ ඇමැති මණ්ඩල සංදේශයට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන අංශය මඟින් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්වීතියික අධ්‍යාපනය දක්වා පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම සඳහා සකස් කළ වැඩසටහන මේ වන විට දිවයිනේ සෑම පාසලකටම දැනුම් දී ඇති අතර දිවයිනේ පාසල් බොහොමයක් එම වැඩසටහන මේ වන විට ක්‍රියාවට නංවා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ක්‍රීඩා යටිතල පහසුකම් අඩු පාසල් සඳහා ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමට රු. ලක්ෂ 5ක කඩිනම් මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර ක්‍රීඩා භාණ්ඩ හා උපකරණ ද කඩිනමින් ලබාදීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගම‍ෙග් මහතා එකඟ වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

2014/06/20
ජාතික පාසල් විදුහල්පතිවරුන් 350 දෙනකු සහභාගි වූ රැස් වීමකදී
පාසල් ශරීර සුවතා වැඩසටහන සෑම ජාතික පාසලකම අනිවාර්යයෙන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය ජාතික පාසල් අධ්‍යක්‍ෂවරුන්ට දැනුම් දී ඇති අතර මෙම වැඩසටහනට දායකත්වය ලබා නොදෙන විදුහල්පතිවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යංශය තදින් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ විශේෂ හමුවේදීය. ජාතික පාසල් විදුහල්පතිවරුන් 350 දෙනකු සහභාගි වූ මෙම විශේෂ හමුවේදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අදහස් දැක්වීය.


'අද පාසල් යන දරුවන්ගෙන් 5%යි ක්‍රීඩාවට යොමුවන්නේ. එම ප්‍රවණතාව අ.පො.ස. සා/පෙළ වන විට 2% දක්වා අඩුවෙනවා. උසස් පෙළට යනකොට එය දශම ගාණට අඩුවෙනවා. ශරීර සුවතාව පහළ මට්ටමක පවතිනවා. ඒ නිසා දරුවන් ක්‍රීඩාවට යොමුකිරීම විදුහල්පතිවරුන්ගේ වගකීමක්. පාසල්වල ක්‍රීඩාව නංවන්න ක්‍රීඩා අමාත්‍යංශය උපරිම දායකත්වයක් ලබාදෙනවා' යනුවෙන් අමාත්‍යවරයා පැවැසීය.

.
2014/06/20
මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා දින තුනක් පුරා කෑගලූ බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පාසල් 100 ක් සහ කී‍්‍රඩා සමාජ 20 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 700 ක් පමණ තරගාවලියට සහභාගී වීමට නියමිත යැයි ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උපසභාපති, කෑගලූ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පවසයි.
තරගාවලියේ සමාප්ති උළෙල 28 වැනිදා පස්වරුවේ සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.  
කෑගලූ දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය තරගාවලිය සංවිධානය කරයි.
 
- See more at: http://kelimandala.lankadeepa.lk/article/20098/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-26--27--28-%E0%B6%AD%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1#sthash.69RTbNFO.dpuf
මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා දින තුනක් පුරා කෑගලූ බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පාසල් 100 ක් සහ කී‍්‍රඩා සමාජ 20 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 700 ක් පමණ තරගාවලියට සහභාගී වීමට නියමිත යැයි ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උපසභාපති, කෑගලූ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පවසයි.
තරගාවලියේ සමාප්ති උළෙල 28 වැනිදා පස්වරුවේ සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.  
කෑගලූ දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය තරගාවලිය සංවිධානය කරයි.
 
- See more at: http://kelimandala.lankadeepa.lk/article/20098/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-26--27--28-%E0%B6%AD%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1#sthash.69RTbNFO.dpuf
මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා දින තුනක් පුරා කෑගලූ බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පාසල් 100 ක් සහ කී‍්‍රඩා සමාජ 20 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 700 ක් පමණ තරගාවලියට සහභාගී වීමට නියමිත යැයි ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උපසභාපති, කෑගලූ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පවසයි.
තරගාවලියේ සමාප්ති උළෙල 28 වැනිදා පස්වරුවේ සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.  
කෑගලූ දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය තරගාවලිය සංවිධානය කරයි.
 
- See more at: http://kelimandala.lankadeepa.lk/article/20098/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-26--27--28-%E0%B6%AD%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1#sthash.69RTbNFO.dpuf
 මහීපාල හේරත් මේස පන්දු තරලාවලිය 26,27.28 
  මහීපාල හේරත් අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත මේස පන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා දින 03 ක් පුරා කෑගලු බාලිකා විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගනයේදී  පැවැත්වේ.
පාසල් 100 ක් සහ ක්‍රීඩා සමාජ 20 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 700 ක් පමණ සහභාගී වීමට නියමිත යැයි ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ උප සභාපති ,කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.
තරගාවලියේ සමාප්ති උළෙල 28 පස්වරුවේ සබරගමු මහ ඇමැති මහීපාල හේරත්, නියෝජ්‍ය ඇමැති, සමස්ත ලංකා මේස පන්දු සංගමයේ සභාපති ලසන්ත අලගියවන්න සහ ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර තරගාවලිය කෑගලු දිස්ත්‍රික් මේස පන්දු සංගමය සංවිධානය කරයි.

‘මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා දින තුනක් පුරා කෑගලූ බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පාසල් 100 ක් සහ කී‍්‍රඩා සමාජ 20 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 700 ක් පමණ තරගාවලියට සහභාගී වීමට නියමිත යැයි ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උපසභාපති, කෑගලූ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පවසයි.
තරගාවලියේ සමාප්ති උළෙල 28 වැනිදා පස්වරුවේ සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.  
කෑගලූ දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය තරගාවලිය සංවිධානය කරයි.
- See more at: http://kelimandala.lankadeepa.lk/article/20098/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-26--27--28-%E0%B6%AD%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1#sthash.sU0dAMgb.dpuf
මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා දින තුනක් පුරා කෑගලූ බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පාසල් 100 ක් සහ කී‍්‍රඩා සමාජ 20 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 700 ක් පමණ තරගාවලියට සහභාගී වීමට නියමිත යැයි ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උපසභාපති, කෑගලූ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පවසයි.
තරගාවලියේ සමාප්ති උළෙල 28 වැනිදා පස්වරුවේ සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.  
කෑගලූ දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය තරගාවලිය සංවිධානය කරයි.
 
- See more at: http://kelimandala.lankadeepa.lk/article/20098/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-26--27--28-%E0%B6%AD%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1#sthash.69RTbNFO.dpuf
2014/06/20
ශ්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් හා කිමිදුම් තරගාවලිය
දිවයිනෙ පාසල් 153කට ආසන්නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000ට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවරත් 41 වන ශ්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් හා කිමිදුම් තරගාවලිය එලඹෙන 26 දින අධ්‍යාපන අමාත්‍යාංශ ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකරගේ ප්‍රධානත්වයෙන් සුගතදාස පිහිනුම් තටාකයේදී ආරම්භ වේ.

2014/06/15
Grassroots Trained To Trainer Practical & Theory 
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙය වන පාපන්දු පුහුණුකරුවන්ගේ රත්නපුර පුහුණු කදවුර මෙම මස 17 හා 18 යන දිනයන් දෙකෙහි රත්නපුර මහජන ක්‍රිඩාංගනයේදී පැවැත්වේ. මේ සදහා ක්‍රීඩා ගුරුවරුන් 30 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර පළමු දිනයේ සමාරම්භක උත්සවය සදහා සබරගමුව පළාත් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපසාර අලහකෝන් මහතා සහභාගි වීමට නියමිතය.
 මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහකාර තාක්ෂනික අධ්‍යක්ෂ  චමින්ද ස්ටීන්වෝල් මහතා  හා සහය පුහුණුකරු ලෙස ධනේශ් කුමාර මහතා  මෙහෙය වන ලද අතර එහි සම්බන්ධීකරනය රත්නපුර පාපන්දු ලීගයේ සී.පී. වනිගසූරිය , කේ ඒ.අනුර රත්න යන මහතවරුන්  විසින් දරන ලදී.

 මෙම ජායාරූපය සදහා ක්‍රීඩා ගුරු මහත්ම මහත්මින් සමග ක්‍රීඩා සමාජ වල පුහුණුකරුවන් ද පෙනි සිටී.
මෙම වැඩසටහන සදහා සහභාගි වූ ගුරු මහත්ම මහත්මීන්ගේ නාමලේඛණය

1 බී.ඒ. පද්මසිරි මහතා ර/නිවි/දෑල ම.වි
2 ටි.ඩබිලිව්.විමුක්ති වික්‍රමසිංහ ර/රත්/ජේසු බිලින්දාගේ කන්‍යාරාමය
3 එම්.ඩබ්ලිව්.ඒ.එන්.මාරපන ර/නිවි/හංගමුව ම.වි
4 ආර්.යු.සි.ජේ.රත්නායක ර/රත්/පුංචිගම සිදුහත් විද්‍යාලය ගලබඩ ගල්ලෑල්ල
5 එම්.සි.ඩබ්ලිව් දේශප්‍රිය ර/නිවි/කොළඔගම මහානාම ම.වි.කොළඔගම
6 ආර්.ඩි.අයි.එන්.රාජපක්ෂ ර/රත්/සුමන විද්‍යාලය
7 පි.එච්.එස්.ඩබ්ලිව්.ජයසේන ර/රත්/බටුගෙදර ම.වි
8 එන්.ජි.වයි.එල්.විමලදාස ර/රත්/ගංකන්ද ම.ම.වි.
9 එච්. එම්.එන්.එස්.වීරසිංහ ර/රත්/මල්වල ම.වි
10 ටි.එච්.එන්.ජි.සිරිවීර ර/රත්/සීවලී ම.වි.
11 යූ.පි.ලක්මිණී සුගතදාස ර/රත්/ශ්‍රී සුමන ම.වි
12 එන්. මොහොමඩ් ර//රත්/මිහිදු විද්‍යාලය
13 ආර්.එම්.ජේ.එස්.රත්නායක ර/බලං/ආනන්ද මෛත්‍රී විද්‍යාලය
14 චමිල සම්පත් වීරසිංහ කෑ/දෙහි/යටියන්තොට ම.ම.වි

2014/06/14
 ශිෂ්‍යභට බළකායට නිලධාරීන් බඳවා ගැනේ
ජාතික ශිෂ්‍යභට බළකායට ආධුනික නිලධාරීන් නිලධාරිනියන් බඳවා ගැනීම මෙම 16 හා 17 දිනවලදී පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේදී සිදුකෙරේ. ජවසම්පන්න නිර්මාණශීලි ගරුභවතුන්ට මේ සඳහා ඉල්ලුම්කළ හැකිය. වයස අවුරුදු 30ට අඩු උපාධිධාරි / විද්‍යාපීඨ විශේෂ දක්ෂතා ඇති නව ලොවට පිවිසෙන්නට සූදානම් තරුණ ගුරුභවතුන් මේ සඳහා වඩාත් සුදුසුය.
අධිකාරි නිලයක් මෙන්ම යුද හුමදා සක්‍රිය සේවා නිලයට අදාළ වැටුප් හිමිය. ගුරු වෘත්තියේ සියලු වරප්‍රසාද හිමිය. අයදුම්පත් සඳහා www.cadet.lk  වෙබ් අඩවියට පිවිසෙන්න.

2014/06/10
                                              තායිවාන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා අභියෝගයට
                                                    ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 ක්‌
            සබරගමුව පළාතෙන් දෙදෙනෙක්
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල චීන තායිපේ බලා අද පිටත්වෙයි. රටවල් 39ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1000ක් පමණ සහභාගි වන මේ මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 12වැනිදා සිට 15වැනිදා දක්වා තායිපේ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මේ ශූරතාවලිය අවසන් වරට 2012දී කොළඹ සුගතදාස ක්‍රීඩාගංණයේ පැවැති අතර එහි දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 2ක් හිමිවිය. චීනය රන් 15ක්, රිදී 5ක් හා ලෝකඩ 3ක් ලබා පෙරමුණේ පසුවූ අතර චීන තායිපේ රන් 6ක්, රිදී 3ක් හා ලෝකඩ 6ක් දිනා දෙවැනි තැන පසුවිය.
ශ්‍රී ලංකාවට එම ශූරතාවලියේ මීටර් 400 කාන්තා තරගයේ දී ශිවන්ති කුමාරී හා මීටර් 400 පිරිමි තරගයේ දී දුලාජ් මධුසංඛ රන් පදක්කම් දිනා දුන්හ.
මෙවර තරගාවලියේ දී ද පදක්කම් 6ක් පමණ දිනාගනු ඇතැයි මලල ක්‍රීඩා සම්මේලනය අපේක්ෂා කරයි.
චීනයේ නැංජින් නුවර පසුගිය වසරේ පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ගෞරවය ගෙනදුන් අනුරාධ විදුසංඛ, නිර්මාලී මධුෂිකා හා නිශාන්ති දිල්හානි කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා තිබේ. අනුරාධ විදුසංඛ මීටර් 400 තරගයේ දී, නිර්මාලී මධුෂිකා මීටර් 400 තරගයේ දී හා නිශාන්ති දිල්හානි මීටර් 800 තරගයේ දී ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

මෙහිදී පිරිමි අංශයෙන් මීටර 100, මීටර 200, මීටර 400, මීටර 800, තුන්පිම්ම සමග මීටර 100, 400 යන සහය දිවීමේ ඉසව් සඳහාද බාලක අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන අතර බාලිකා අංශයෙන් මීටර 400, මීටර 800, දුර පැනීම, තුන්පිම්ම සහ මීටර 400 සහය දිවීම යන ඉසව් නියෝජනය වනු ඇත.
 ඒ.ඒ. සමිත් ලක්‌මාල් - මීටර 100 සහය දිවීම (රත්නපුර සීවලී විද්‍යාලය)
 ආර්.ඩී.ඒ. විදුශංඛ - මීටර 400 සහය දිවීම      (කෑගල්ල, ශාන්ත මේරි) 

2014/06/08

බලංගොඩ ජාතික පාසලට දැල්පන්දු ශූරතා 03 ක්
පසුගියදා පැවති  සබරගමු පලාත් දැල්පන්දු තරගාවලියේ වැඩි දස්කම් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසල විසින් දිනා ගන්නා ලදී. මෙම අවස්ථාවට සබරගමුව පළාත් අධ්‍යාපන ඇමති භාණු මුණිප්‍රිය මහතා සමග සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන) උපසාර අලහකෝන් මහතාද සහභාගි විය.
බළන්ගොඩ ජාතික පාසලට දැල්පන්දු ශූරතා 3 ක්    

15 න් පහළ කණ්ඩායම
17 න් පහළ කණ්ඩායම
19 න් පහළකණ්ඩායම
2
බළන්ගොඩ ජාතික පාසලට දැල්පන්දු ශූරතා 3 ක්
බළන්ගොඩ ජාතික පාසලට දැල්පන්දු ශූරතා 3 ක්
තරග ප්‍රථිපල
15 න් පහළ
ශූරතාවය             -       ආනන්ද මෛත්‍රී ජාතික පාසල බලංගොඩ
අනු ශූරතාවය       -      බුද්ධජයන්ති මධ්‍ය මහා විද්‍යාලය බලංගොඩ
තුන්වැනි සථානය -      මහානාග මහා විද්‍යාලය කෑගල්ල

17 න් පහළ
ෙශූරතාවය             -   ආනන්ද මෛත්‍රී ජාතික පාසල බලංගොඩ
අනු ශූරතාවය      -        පින්නවල මධ්‍ය මහා විද්‍යාලය කෑගල්ල
බළන්ගොඩ ආනන්ද මෛතී‍්‍රය ජාතික පාසල් කී‍්‍රඩා පිටියේදී පසුගියදා පැවැති සබරගමුව පළාත් පාසල් දැල්පන්දු තරගාවලියේදී වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ වයස් කාණ්ඩ තුනේම ශූරතා දිනාගැනීමට බළන්ගොඩ ආනන්ද මෛතී‍්‍රය ජාතික පාසල  සමත් විය.
සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප 21 ක් නියෝජනය කරමින් එක් වයස් කාණ්ඩයකින් කණ්ඩායම්  21 බැගින් කණ්ඩායම් 63 ක් තරගාවලියට සහභාගී වුහ.
සබරගමුව පළාත් ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ උපසාර අලහකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ තරගවලිය පැවැති අතර බළන්ගොඩ අධ්‍යාපන කලාපය සත්කාරක දායකත්වය සපයා තිබුණි.
මෙම තරගාවලියේ කැපීපෙනෙන  දක්ෂතා දක්වමින් පිට පිටම දෙවැනි වරටත් බළන්ගොඩ ආනන්ද මෛත‍්‍රීය කී‍්‍රඩිකාවෝ  ශූරතා ති‍්‍රත්වයම රැකගැනීමට සමත් වූහ. බළන්ගොඩ බුද්ධජයන්ති මැදි මහවිදුහල් 15 න් පහළ කණ්ඩායමේ අනුශූරතාවය රැක ගනිමින් සබරගමුව පළාතේ කී‍්‍රඩා කණ්ඩායම් අතර බළන්ගොඩ අභිමානයට තවත් කරුණු එක් කළේය.
ති‍්‍රත්ව කිරුළු හිමිකරගත් බළන්ගොඩ ආනන්ද මෛතීය ජාතික පාසලේ දැල්පන්දු පුහුනුකාරිණිය ලෙස කටයතු කරන ශාරීරික අධ්‍යාපන උපදේශිකා දේවිකා විජයසිරි මහත්මිය තම පාසලේ ජයග‍්‍රහණය සම්බන්ධව මෙසේ අදහස් දැක්වූවාය.
”දිනපතාම  කණ්ඩායම්  තුනට පැයක් ශාරීරික යෝග්‍යතා අභ්‍යාස කරනවා. ඒ සඳහා අනික් ශාරීරික අධ්‍යාපන ගුරුවරුනුත් නොමඳ සහයක් දුන්නා. දිනපතා සවස 2.00 ත් සවස 4.00 ත් අතර කාලය පුහුණු කටයුතු කරනවා.  සමහර අවස්ථාවන්හි පුහුණුවීම් සඳහා පාසල් කාලය යොදාගැනීමට සිදුවූවත් පාඩම් අතපසු නොවන ආකාරයට, අමතර කාලය යොදා ගනිමින් සිසුවියන්ට පාඩම් කියාදීට ඒ ඒ විෂයභාර ආචාර්යවරුන් නොමද සහායක් දුන්නා.”
”මීට අමරව පසුගියදා පැවති පළාත් මයිලෝ දැල්පන්දු තරගාවලියේ වයස අවුරුදු 16 හා 18 වයස් කාණ්ඩයන්හි ශූරතාවය හිමිකර ගත්තා. 14 න් පහළ අනුශූරතාවයත් 13 න් පහළ අවසන් තරගයටත් තේරුණා. (13 න් පහළ වයස් කාණඩයේ ජයග‍්‍රාහකයන් තේරීමක් සිදුනොවේ)
”එම තරග අවස්ථාවන්ගෙන් ලැබුණ පන්නරයත්, අධිෂ්ඨානය කැපවීම හා නිරන්තර පුහුණුව යන කාරණා මෙම ජයග‍්‍රහණයට හේතුවක් වුනා.” යයි දේවිකා විජයසිරි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

තරග ප‍්‍රතිඵල සටහන
අවුරුදු 15 න්පහළ තරගාවලිය
  • ශූරතාවය - ආනන්ද මෛතී‍්‍රය ජාතික පාසල බළන්ගොඩ
  • අනු ශූරතාව - බුද්ධජයන්ති මධ්‍ය  මහා විද්‍යාලය
  • තුන්වැනි ස්ථානය - මහානාග මහා  විද්‍යාලය කෑගල්ල
අවුරුදු 17 න් පහළ තරගාවලිය
  • ශූරතාවය - ආනන්ද මෛතී‍්‍රය ජාතික පාසල බළන්ගොඩ
  • අනු ශූරතාවය - පින්නවල මධ්‍ය  මහා විද්‍යාලය කෑගල්ල
  • තුන්වැනි ස්ථානය - ගාමිණී මහා  විද්‍යාලය වරකාපොල
අවුරුදු 19 න් පහළ තරගාවලිය
  • ශූරතාවය - ආනන්ද මෛතී‍්‍රය ජාතික පාසල බළන්ගොඩ
  • අනු ශූරතාවය - උඩගම  මහා විද්‍යාලය ඇඹිලිපිටිය
  • තුන්වැනි ස්ථානය - පින්නවල මධ්‍ය මහා  විද්‍යාලය වරකාපොල
- See more at: http://kelimandala.lankadeepa.lk/article/19433/%E0%B6%B6%E0%B7%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F-3-%E0%B6%9A%E0%B7%8A#sthash.agq3G8Tu.RTPwjon7.dpuf   
තුන්වැනි සථානය -       ගාමිණි මහා විද්‍යාලය වරකාපොල

19 න් පහළ
ශූරතාවය            -          ආනන්ද මෛත්‍රී ජාතික පාසල බලංගොඩ
අනු ශූරතාවය      -         උඩගම මහා විද්‍යාලය ඇඔිලිපිටිය
තුන්වැනි සථානය -          පින්නවල මධ්‍ය මහා විද්‍යාලය වරකාපොල 

2014/06/06
 ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කර පැවති අන්තර් පාසල් බාලක බාලිකා කේවල චෙස් තරගාවලියේ
වයස 20 පහළ බාලිකා තරගයේ ජයග්‍රහණය
1. කේ.ඩබ්ලිව්.ඩී.එම්.ඩී.අයි. කොස්වත්ත – ශාන්ත ජොශප් බාලිකා
කෑගල්ල

2014/06/01
                   ' මයිලෝ' කුසලාන   රත්නපුරදී ආනන්ද මෛත්‍රී බාලිකාවන්ගෙන් දස්කම්
බළන්ගොඩ ආනන්ද මෛත්‍රී විදුහල් ක්‍රීඩිකාවෝ

 මයිලෝ' කුසලාන වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව 23 වැනි වරටත් සංවිධානය කළ අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියට අයත් රත්නපුර මධ්‍යස්ථානයේ තරගාවලිය පසුගියදා පැවැති අතර එහිදී 'ඒ' කොටසින් තරග වැදුණු බළන්ගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයීය අවුරුදු 18න් පහළ හා අවුරුදු 16න් පහළ ශූරතා දිනාගත් අතර අවුරුදු 14න් පහළ තරගාවලියේදී අනුශූරතාව දිනා ගන්නට සමත්වී තිබිණි.
ඒ හැරුණු විට රත්නපුර ෆර්ගියුසන් බාලිකා විදුහල නියෝජනය කළ අවුරුදු 18න් පහළ හා අවුරුදු 14න් පහළ බාලිකා කණ්ඩායම් තෙවැනි ස්ථාන දිනා ගන්නට සමත්ව සිටියාය. 'ඒ' කොටසේ අවුරුදු 14න් පහළ බාලිකා ශූරතාව කෑගල්ල මධ්‍ය මහා විද්‍යාලය දිනා ගත් අතර අවුරුදු 16න් පහළ හා 14න් පහළ සිවුවැනි ස්ථාන රඹුක්කන පින්නවල මධ්‍ය මහා විදුහල දිනාගෙන තිබිණි.
මේ අතර එම මධ්‍යස්ථානයේ 'බී' කොටසේ තරගවලිදී අවුරුදු 18න් පහළ ශූරතාව ගලිගමුව මධ්‍ය මහා විදුහලටද අවුරුදු 16න් පහළ ශූරතාව රත්මලවින්න මධ්‍ය මහා විදුහලටද හිමිවූ අතර අවුරුදු 14න් පහළ ශූරතාව හිමිව තිබුණේ මානියන්ගම විදුහලටය.
අවුරුදු 18න් පහළ බාලිකා ශූරතාව දිනූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රී විදුහල් ක්‍රීඩිකාවෝ ඡායාරූපයේ වෙති.


2014/05/23
සබරගමුව පලාත් ක්‍රීඩා අංශයේ ශුභ පැතුම් කෑගල්ල  ශා. මේරි විදුහල )
විදුසංඛ
 ලබන අගෝස්තු 16 සිට චීනයේ නැන්ජින් නුවර පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග සඳහා සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් තායිලන්තයේදී පැවැති තේරීම් තරගාවලියේ දෙවැනි හා අවසන් දිනය වූ  ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 කඩුලු මතින් දිවීම බාලක ඉසව්වට අනුරාධ විදුසංඛ සහභාගි වූ අතර, එහිදී ඔහු තත්. 52.97ක කාලයක් වාර්තා කරගනිමින් සිවුවැනි ස්ථානය දිනාගැනීම කැපී පෙනුණි.
එහි රන් පදක්කම තත්. 50.74ක කාලයක් සටහන් කළ චීනයේ ෂු ෂිහැන්ටත්, දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් තායිලන්තයට හා ඉරානයට හිමිවිය.

New
දැන් ක්‍රියාත්මක සබරගමුව පලාත් පාසල් ක්‍රීඩා ( කණ්ඩායම් තරග ) ප්‍රථිපල එසැනින් දැන ගන්න මෙතනින් යන්න

2014/05/21

අද දින සබරගමුව පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගත් සේපාල කුරුප්පු ආරච්චි මහතාට ක්‍රීඩා අංශයේ ශුභ පැතුම් මෙසේ පිරි නමමු.


 


2014/05/19
කෙළඹ සුගතදාස පිටියේදී අද (18) නිමාව දුටු  ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේ ප‍්‍රතිඵල අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩිකාවන් සිව් දෙනෙකුට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තාවේ.  පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා මීටර 400-4 (පිරිමි) කණ්ඩායමද සහභාගි කිරීම ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වන හෙයින් ක‍්‍රීඩක - ක‍්‍රීඩිකාවන් 10 දෙනෙකුගේ මලල ක‍්‍රීඩා කණ්ඩායමක් ‘ග්ලාස්ගෝ’ පොදුරද මඬුලූ ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමට ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය අපේක්ෂා කරයි. - See more at: http://kelimandala.lankadeepa.lk/article/17710/%E0%B7%81%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-10-%E0%B6%9A-%E0%B6%B8%E0%B6%BD%E0%B6%BD-%E0%B6%9A%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A9%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A#sthash.EqtyIz1c.JHJkcBXe.dpuf
 සබරගමුව පළාත් ක්‍රීඩා අංශයෙන් ශුභ පැතුම් )
කෙළඹ සුගතදාස පිටියේදී අද (18) නිමාව දුටු  ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේ ප‍්‍රතිඵල අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩිකාවන් සිව් දෙනෙකුට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තාවේ.  පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා මීටර 400-4 (පිරිමි) කණ්ඩායමද සහභාගි කිරීම ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වන හෙයින් ක‍්‍රීඩක - ක‍්‍රීඩිකාවන් 10 දෙනෙකුගේ මලල ක‍්‍රීඩා කණ්ඩායමක් ‘ග්ලාස්ගෝ’ පොදුරද මඬුලූ ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමට ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය අපේක්ෂා කරයි. - See more at: http://kelimandala.lankadeepa.lk/article/17710/%E0%B7%81%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-10-%E0%B6%9A-%E0%B6%B8%E0%B6%BD%E0%B6%BD-%E0%B6%9A%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A9%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A#sthash.EqtyIz1c.dpuf
මීලග ආසියානු  කණිෂ්ඨ මලල ක්‍රීඩා තලගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සහභාගි වීමේ අවස්ථාව රත්නපුර සීවලී මැදි විදුහලේ සමිත ලක්මාල්ට හිමිව තිබේ.තේරීම් තරගාවලියේදී සමිත මීටර් 400 ( පිරිමි ) මූලික වටයේදී තත්  49.19 දක්ෂතාවක් දැක්වීම සැලකිල්ලට ගනිමින්  එම අවස්ථාව දීමට තේරීම් කමිටුව ඊයේ තීරණය කලේය.
සමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ මීටර් 400-4 කණඩායම් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසය.කෙසේ වුවත් ඔහු තේරීම් තරගාවලියේදී මීටර් 400 ( පිරිමි ) අවසන් තරගයට සහභාගි නොවීය.

2014/05/18
 සුදුසුකම් ලැබිමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8ක්   
සබරගමුවෙන් දෙදෙනෙක් (  සබරගමුව පළාත් ක්‍රීඩා අංශයෙන් ශුභ පැතුම් )
රවි ශංඛ

 ලබන ජූලි මාසයේ චීනයේ නැංජින් නුවර පැවැත්වීමට නියමිත තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන ආසියානු කලාපයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සුදුසුකම් ලැබිමේ තරග උළෙලක් මේ මස 21, 22 දිනවලදී තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.
විදුසංඛ
 මේ සඳහා පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග උළෙ‍ලේදී උපරිම දස්කම් දැක්වූ අවුරුදු 18න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8ක් මේ මස 19 වැනි දින බැංකොක් බලා පිටත්ව යන බව මලල ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සදහා සහභාගි වන  සබරගමුව පළාතේ
 ආර්.ඩී.එම්. විදුසංඛ - කෑගල්ල  ශා. මේරි විදුහල - මීටර් 400 කඩුලු
  ඒ.පී.වී.ආර් - රවි ශංඛ - රත්නපුර සීවලි විදුහල - මී. 100 කඩුළු

2014/05/17
ආසියානු පාපන්දු විනිශ්චයට පළමු වරට ශ්‍රී ලංකා කාන්තාවක්‌
සබරගමුව පළාතෙන් බිහි වීම අපේ ජයග්‍රහනයක් ( සබරගමුව පළාත් ක්‍රීඩා අංශයෙන් ශුභ පැතුම් )


චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 14 න් පහළ බාලිකා පාපන්දු තරගාවලිය විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පළමු වරට මලීකා මධුෂානී තෝරා ගෙන තිබේ.
ආසියානු පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන තරගාවලියක්‌ විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් කාන්තාවක්‌ සුදුසුකම් ලැබූ පළමු අවස්‌ථාව මෙය ලෙස සටහන් වේ.
ලබන 24 වැනිදා සිට ජුනි මස 05 වැනිදා දක්‌වා චීනයේ පැවැත්වෙන අදාළ තරගාවලිය විනිශ්චයට සුදුසුකම් ලද මලීකා මධුෂානී යුද හමුදා පාපන්දු කණ්‌ඩායම නියෝජනය කළ දක්‌ෂ ක්‍රීඩිකාවකි. ඇය ක්‍රීඩා කළ වසර තුනක්‌ යුද හමුදා කණ්‌ඩායම සමස්‌ත ලංකා ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.
මලීකා මධුෂානී රත්නපුර සුමනා බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලබා 2010 වසරේදී කාන්තා පාපන්දු තරග විනිසුරුවරියක්‌ ලෙස සිය විනිසුරු දිවිය ආරම්භ කර තිබේ.


 2014/05/16
පාසල් නෙට්බෝල් ශූරතාවලියේ මූලික වටයේ තරග අද ඇරැඹේ
කණ්ඩායම් 1150ක් තරග බිමේ

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය මෙහෙයවනු ලබන මයිලෝ කුසලාන අන්තර් පාසල් නෙට්බෝල් ශූරතාවලියේ මූලික වටයේ තරග අද (16)සහ හෙට (17) අම්පාරේ දී පැවැත්වේ. ‍දිවයින පුරා ප්‍රදේශ 15ක් කේන්ද්‍ර කරමින් මූලික වටයේ තරග පැවැත්වෙන අතර ඊට පාසල් 760කින් කණ්ඩායම් 1150ක් තරග වදිති. 23වැනි වරටත් පැවැත්වෙන මයිලෝ කුසලාන අන්තර් පාසල් නෙට්බෝල් ශූරතාවලියට මෙවර අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩය වෙනුවට අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩය ඇතුළත් වන අතර අවුරුදු 14න් පහළ, 16න් පහළ සහ 18න් පහළ තරග වයස් කාණ්ඩ යටතේ සෙසු තරග පැවැත්වීමට නියමිතය.
රත්නපුර දිස්ත්‍රික් තරග ජූනි මස 01 වැනි දින පැවැත්වේ.

2014/05/12
සබරගමුව පළාත් ජයග්‍රහණ
 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලට කෑගල්ල ශාන්ත මේරි විදුහ‍ලේ කඩුලු පැනීමේ ශූර අනුරුද්ධ විධුශංක, පසුගිය ආසියානු යොවුන් ක්‍රීඩා උළෙ‍ලේ ද පදක්කම් ලබා මෙවර ද මෙම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට අවස්ථාව උදාකර ගැනීම කැපී පෙනේ.
 එළැඹෙන ජුනි 12 සිට 15 දක්වා චීන තායිපේ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.  මේ අතර එළැඹෙන චීනයේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලියේ පෙරහරු තරග සඳහා , අනුරුද්ධ විධුශංක, අකිල රවිශංක, සුදුසුකම් ලබා ඇත.
මීටර් 110 කඩුලු මතින් දිවීම බාලක අවුරුදු 18න් පහළ අවසන් තරගයට සහභාගි වී සිටි රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ අඛිල රවිසංඛ ධාවන පථයේ තරග ආරම්භක ස්ථානයේ ඇති කඩතොලු වූ ස්ථානයක පය පැටලී ලිස්සා යෑම නිසා තරගය ඔහුට අවසන් කරන්නට නොහැකි වීම තෙවැනි දිනයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම බවට පත්විය.
පසුගිය ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මෙම ඉසව්වේ රිදී පදක්කම්ලාභියා ඔහු වීමත් මූලික වටයේදී තත්පර 14.65කදී තරගය අවසන් කර තිබීමත් සලකා බලන විට ඔහුට එළැඹෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට තිබුණු අවස්ථාව ධාවන පථයේ ඇති කඩතොලු ස්ථාන නිසා මඟ හැරී යෑම පිළිබඳ වගකීම භාරගන්නට කිසිවකු නොමැතිවීම බරපතළ තත්ත්වයකි.

  2014/05/03

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ සබරගමුව පළාත් දක්ෂතා

18න් පහළ -
දක්ෂතම ක්‍රීඩකයා - ආර්.ඩී.ඒ.විදුශංඛ (මීටර් 400 කඩුලු) තත්.54.62 (කෑ/සාන්ත මරියා විදුහල කෑගල්ල)
මිටිය විසි කිරිමේ  ඉසව්වේ තෙවැනි ස්ථානය රත්නපුර සුමන බාලිකා විදුහලේ (මී.17.58) දිනා ගත්හ. 
16 න් පහළ
යගුලිය විසිකිරීම තෙවැනි ස්ථානය නිම්රාධා සදසිළුනි ර/රත්/ෆර්ගසන් උසස් බාලිකා විදුහල රත්නපුර

2014/05/01

රත්නපුර කලාපයේ මලල ක්‍රීඩා  තරග මාර්තු මස7, 8,9,10,12 යන දින වල සීවලී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රත්නපුර කලාපයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශිකා සුජාතා මදුරේගොඩ මහත්මිය ක්‍රීඩා අංශයට පැවසීය.

 

2014/ 05/01

ලෝක මලල ක්‍රීඩා දිනය සැමරීමට අයෑදුම්පත් දැන්

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් ප්‍රකාශිත ලෝක මලල ක්‍රීඩා දිනය සැමරීමේ ක්‍රීඩා උළෙල ලබන මැයි මස 11 වැනි දින ප.ව. 8 සිට කොළඹ 7 ටොරිංටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගය වයස අවු. 16 න් පහළ සහ 18 න් පහළ බාලක බාලිකාවන් සඳහා විවෘත වන අතර තරගාවලියට ඉදිරිපත්වීම සඳහා කිසිදු අයෑදුම්පත් ගාස්‌තුවක්‌ අයකරනු නොලැබේ.

දිස්‌ත්‍රික්‌ මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ අයෑදුම්පත් භාර ගැනීම මැයි මස 08 වන දිනෙන් අවසන් වන අතර අයෑදුම්පත් එච්. ඩබ්. නිමල්සිරි මහතා, උප සභාපති, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, 8/100, පදනම් මාවත, ටොරිංටන් චතුරස්‍රය, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුය.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයට අනුබද්ධ ලොව රටවල් 210 ක්‌ මෙම දිනය සමරනු ලබන බවද මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර සිටියි.
 

2014/04/26

සබරගමුව පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය සංවිධානය කරන ලද බක්මහ උළෙල අද දවස පුරා පැවැත්  වීමට එය සංවිධානය කල සබරගමුව පළාත් සහකාර  අධ්‍යාපන අධ්‍යක්ෂ ( ක්‍රීඩා ) උපසාර අලහකෝන් මහතා කටයුතු කර තිබුනි.

2014/04/17

  කෑගලු පාපන්දු ක්‍රීඩාව නගා සිටුවීමට විශේෂ ව්‍යාපෘතියක්

 

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය මගින් දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාව නගා ලීමට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නන්වයි.මේ සදහා සබරගමුව පළාත් සභාව,කෑගල්ල මහ නගර සභාව, විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය හා කෑගල්ල වෙළෙද ප්‍රජාව මේ සදහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබා දීමට කටයුතු කර ඇත.

ඒ යටතේ මේ වන විට කෑගලු ශාන්ත මරියා විද්‍යාලය මගින් 120 සමන්විත පාපන්දු සංචිතයක් ස්ථාපිත කර ඇත. පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුනින් අද(17) කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ සිට කෑගල්ල නගරය පුරා එම විද්‍යාලීය පාපන්දු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ආදි ශිෂ්‍යයන් විශේෂ පාගමනක් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු මහීපාල හේරත්, කෑගල්ල මහ නගර සභාවේ සභාපති ජී. කේ සමරසිංහ,විදුහල්පති ආර් ඩී.හේමන්ත යන මහත්වරු එක්ව සිටියහ.මෙම මස 20 දින කෑගල්ල නගර සභා පිටියේදී වීශේෂ පාපන්දු තරගාවලියක්ද සංවිධානය කර ඇත.

 

 2014/04/08

2014 නිවිතිගල කලාප මලල  ක්‍රීඩා  තරග 2014/04/29/30 යන දින වල දී පෙරවරු 8.30 ට රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ( ක්‍රීඩා ) සුමිතා දෙල්ගොඩ ආරච්චි මිය අද දින ක්‍රීඩා අංශයට පැවසීය.

  2014/04/02

පළාත් අධ්‍යාපන චක්‍රෙල්ඛ අංක : සබර/2014/15 

සියළුම විදුහල් පතිවරුන් වෙත

සෑම පාසල් වාර විභාගයකදීම ක්‍රීඩාව සදහා ප්‍රගති වාර්තා පොතට ලකුණූ ලබා දීම

 චක්‍රලේඛ බලන්න මෙතනින් යන්න

2014/04/08

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා මැයි මස දී

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධාන කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි මස 2,3,4 හා 5 දිනවල සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවු.16, 18, 20 හා 23න් පහළ ලෙස පැවැත්වෙන තරගාවලියේ දක්ෂතා අනුව මේ වසරේ ජුනි මස තායිවානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය හා ජුලි මස අමරිකාවේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු කෙරේ.
තරගාවලිය සඳහා අයැදුම්පත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයේ ලබාගත හැකි අතර අයැදුම්පත් භාර ගැනීම මේ 20 වැනිදායින් අවසන් වේ. අයැදුම්පත් යොමුකළ යුතු ලිපිනය බර්නාඩ් පෙරේරා මහතා, සහකාර ලේකම්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, 8/100, ක්‍රීඩා නේවාසිකාගාරය, ශ්‍රී ලංකා පදනම් මාවත, ටොරිංටන් චතුරස්‍රය, කොළඹ 07.

2014/03.27
                                  නව පාසල් ක්‍රිකට් මඬුල්ල පත්වෙයි

උප භාණ්ඩාගාරික - ප්‍රදීප් ධර්මසේන මහතා (බළන්ගොඩ බුද්ධ ජයන්ති)
ඔබට සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ ප්‍රණාමය


2014-15 වර්ෂවලට අදාළ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සභාවේ නිල මඬුල්ලේ සභාපතිත්වය කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතාට හිමිවූ අතර, ලේකම් තනතුර මෙවරත් දෙහිවල එස්.ද එස්. විදුහලේ ඩිල්ෂාන් ද සිල්වාට හිමිවෙමින් නිමාවට පත්විය.
තේරී පත්වූ නිලධාරී මඬුල්ල
සභාපති _ කිත්සිරි ලියනගමගේ මහතා (විදුහල්පති කොළඹ ආනන්ද), ලේකම් _ ඩිල්ෂාන් ද සිල්වා මහතා (දෙහිවල එස්.ද.එස්. ජයසිංහ), භාණ්ඩාගාරික - නිහාල් ප්‍රනාන්දු මහතා (කොළඹ ඩී.එස්.සේනානායක), උප සභාපතිවරු (7) - කේ. ඥානපොන්නරාජා පියතුමා (විදුහල්පති-ශා.ජෝන් _ යාපනය), ජගත් සේනාරත්න මහතා (අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න), සරත්චන්ද්‍ර ද සිල්වා මහතා (විදුහල්පති පානදුර රාජකීය),
එන්. ඩබ්ලිව්. පණ්ඩිතරත්න මහතා (ලුම්බිණි), මොහාන් වික්‍රමසිංහ මහතා (විදුහල්පති කටුනේරිය ශා. සෙබස්තියන්), පී. ලියන්ගස්කුඹුර මහතා (කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය), කේ.ජී. විමලසේන (විදුහල්පති පන්නිපිටිය ධර්මපාල), උප ලේකම් _ ලීලානන්ද කුමාරසිරි මහතා (අම්බලන්ගොඩ තේරීපුත්ථ), උප භාණ්ඩාගාරික _ ප්‍රදීප් ධර්මසේන මහතා (බළන්ගොඩ බුද්ධ ජයන්ති), තරගාවලි ලේකම් 19න් පහළ - වසන්ත හපුතන්ත්‍රි මහතා (කොළඹ ශා. පීතර), 15න් පහළ - නිශාන්ත කුමාර (රත්ගම දේවපතිරාජ), 13න් පහළ - මංජුල වාස් මහතා (රාගම බැසිලිකා)


2014/03/20

                                                
වසර 2017දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සුදානම් කිරීම උදෙසා  සබරගමුව පලාත් මෙහෙයුම් කමිටුව  සබරගමුව පලාත් ශ්‍රවනාගාරයේදී අද දින ප.ව 2.30 ට ආම්භ වුණා. මේ සදහා ආරාධිත අමුත්තන් ලෙස ගරු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා , සබරගමුව පළාත් මහ ඇමති ගරු මහීපාල හේරත් මහතා , ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා , ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජය‍කොඩි මහත්මිය , පාසල්    ක්‍රීඩා අධ්‍යක්ෂ බී.ඒ.අබේරත්න මහතා , සබරගමුව පලාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා , සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ( ක්‍රීඩා ) උපසාර අලහකෝන් මහතාද සහභාගී වී සිටියා.



2014/03/05
චක්‍රලේඛය විදුහල්පති මේසය උඩට සීමාවෙලා
ලබන වසරේ සිට ක්‍රීඩාව පාසල් විෂයයක් බවට පත් කරනවා
 - ක්‍රීඩා ඇමැති


ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දැක්වු අයුරු. පාසල්    ක්‍රීඩා අධ්‍යක්ෂ බී.ඒ.අබේරත්න, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජය‍කොඩි යන මහත්ම මහත්මීහුද සිටිති. ඡායාරූපය-සමන්ත වීරසිරි
සෑම පාසල් දරුවෙකුටම ක්‍රීඩාව අනිවාර්යය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය සාර්ථකව ක්‍රියාත්මක නොවන හෙයින් ලබන වසරේ සිට ක්‍රීඩාව විෂයක් බවට පත්කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
දැනට පාසල් විෂය ධාරාවේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයක් ලෙස තිබුණද ඉගැන්වීමේදී සෞඛ්‍යයට අදාළ කරුණුවලට පමණක් එය සීමාවී ඇතැයි පැවැසු ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩාවට මූලිකත්වය ලැබෙන වැඩ පිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කළේය.
පාසල් දරුවන්ට ක්‍රීඩාව අනිවාර්යය කර යැවු චක්‍රලේඛය ඇතැමි විදුහල්පතිවරුන්ගේ මේසය උඩ තවමත් තබාගෙන ඇති බැවින් එය යථාර්තයක් කරගැනීමට කළාප ක්‍රීඩා අධ්‍යක්ෂවරු අවධානය යොමු කළ යුතුව ඇතැයි පැවැසීය.
මෑත කාලයේ නිකුත්වු එම වැදගත්ම චක්‍රලේඛයේ ප්‍රගතිය සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසද ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන්නේය. ක්‍රීඩාව විෂයක් වු පසුව පන්ති කාමරයේ ක්‍රීඩාව ඉගෙනුමට හා ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වලට ආදී වශයෙන් විභාගයේදී ලකුණු ලැබෙන ක්‍රමයක් සැකසෙන බවද පැවැසීය.
මෙයින් වැඩි ලකුණු ප්‍රමාණයක් ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වලට හිමිවේ. ඇතැමි පාසල්වලට ක්‍රීඩා පිටි නොමැති තත්ත්වය ඉදිරියේදී පාසල් සංවර්ධන සමිති සමග එක්ව මඟහරවා, ක්‍රීඩා භාණ්ඩ කට්ටල සෑම පාසලකටම ලබාදෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.
වසර 2017දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සුදානම් කිරීම උදෙසා බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමේදී ක්‍රීඩා ඇමැතිවරයා මේ බව පැවැසීය. බස්නාහිර පළාත් සභාවේ අංශ ප්‍රධානීන් ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධානීන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරු සහභාගීවු මේ මෙහෙයුම් කමිටුවට ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වුණි.
ඊයේ පෙරවරුවේ දකුණු පළාත් මෙහෙයුම් කමිටුව ගාල්ලේදී රැස්වු අතර ලබන 10වැනිදා මධ්‍යම පළාත් හා වයඹ පළාත් මෙහෙයුම් කමිටු රැස්වන බවද ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
වසර 2017දී පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂ දරුවන් සොයා දෙන ලෙස රටපුරා සියලු විදුහල්පතිවරුන්ගෙන් ක්‍රීඩා ඇමැතිවරයා විවෘත ඉල්ලීමක්ද කළේය. “විශිෂ්ට ක්‍රීඩා කුසලතා ඇත දරුවන් ගමේ සිටින බව අපේ විශ්වාසයයි.
ආර්ථික හෝ වෙනයම් අපහසුතා නිසා ඉදිරියට පැමිණීමට නොහැකි අය අපට ලබා දෙන්න. සියලු පහසුකම් ලබාදී ඔවුන්ට සමාජයේ හිමි නිසි තැන ලබාදෙන්න අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශ ජාතික වැඩ පිළිවෙළක් අරඹා තිබෙනවා. වසර 2000 හා 2001 උපන් දරුවන් කළාප අධ්‍යක්ෂවරු මගින් මේ ජාතික වැඩ පිළිවෙළට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා” යැයි අලුත්ගමගේ මහතා පැවැසීය.
එම දරුවන්ගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නොවන ලෙස අනාගතය සුරක්ෂිත කරන බවද ක්‍රීඩා ඇමැතිවරයා මෙහිදී පැවැසීය. ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඉදිරි සැලසුම් පිළිබඳ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි, පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ බී.ඒ.අබේරත්න යන මහත්වරු දැනුවත් කිරීම් කළහ.

 2014/02/12 
රත්නපුර දිස්ත්‍රික් බැඩ්මින්ටන් 21දා
රත්නපුර සාන්ත ඇලෝසියස් ජාතික පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන පාසල්, විවෘත හා ප්‍රවීණ බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 21දා සිට 23දා දක්වා රත්නපුර නව නගර ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
මේ තරගාවලියේ පාසල් මට්ටමේ තරග වයස් සීමානන් යටතේ පවත්වන අතර විවෘත හා ප්‍රවීණ තරග වෙන් වෙන් වශයෙන් පැවැත්වේ.
තරගාවලියට සහභාගිවීම සඳහා අයැදුම්පත් මේ මස 15වැනිදාට පෙර ලේකම්, ර/සාන්ත ඇලෝසියස් ජාතික පාසල් බැඩ්මින්ටන් සංගමය, රත්නපුර ලිපිනයට යොමුකළ යුතුය. වැඩි විස්තර දු.ක 0715601350 හෝ 0719090644 මගින් ලබාගත හැකිය.

2014/02/11
තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට 2015දී සංචිත තෝරා ගන්නවා 
හම්බන්තොට නගරයේ සත්කාරය ඇතිව 2017 වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව ජාතික සැලැස්මක් සැකසීමට පියවර ගෙන ඇති බවත් මේ වන විට එම සැලසුමේ සියයට 90ක පමණ වැඩ අවසන් කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

අදාළ සැලසුමට අනුව මේ වන විට මලල ක්‍රීඩා, පිහිනුම්, වෙඩි තැබීම, රග්බි, වෙරළ වොලිබෝල්, බැඩ්මින්ටන්, පාපන්දු, ක්‍රිකට්, මේස පන්දු, කබඩි, ජූඩෝ, බර ඉසිලීම, දැල් පන්දු හා ස්කොෂ් යන ක්‍රීඩා 14ක් තෝරාගෙන ඇති අතර අවසන් තෝරා ගැනීම් සඳහා ක්‍රීඩා 12ක් පිළිබඳ සලකා බැලීමට නියමිතය.

තවද පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනා ගැනීම 2014 මාර්තු 15 වැනිදා ආරම්භ කොට අප්‍රේල් මාසයේ පළමු සතිය තෙක් සිදු කොට කලාප මට්ටමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනා ගැනීමට අප්‍රේල් 25දා සිට මැයි 15 වැනිදා දක්වාත් වෙන්කර ඇත.

අනතුරුව මැයි 15දා සිට 30දා දක්වා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා හඳුනාගෙන 2014 ජූලි මාසේ සිට වසරක කාලයක් දිස්ත්‍රික් සංචිත පවත්වාගෙන යෑම මෙම අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යංශ ඒකාබද්ධව සකස් කළ සැලසුමට ඇතුළත්ය.

මෙසේ දිස්ත්‍රික් සංචිතගත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම වසරක කාලය තුළ පෝෂණ දීමනාව, විධිමත් පුහුණුව, ක්‍රීඩා උපකරණ, ක්‍රීඩා ඇඳුම් හා පාවහන් ප්‍රවාහන හා වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා සපුරා දී 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ජාතික සංචිතය තෝරා ගැනීම 2015 ජූලි සිට අගෝස්තු දක්වා අතර කාලය තුළ සිදුකරන බව ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ සෑම පාසල් දරුවකුම අනිවාර්යයෙන් එක් ක්‍රීඩාවකට සම්බන්ධ කිරීම 2016 වසරේදී යථාර්ථයක් කිරීම සඳහා ක්‍රීඩාව විෂයයක් කිරීමටත් ක්‍රීඩා ගුරු හිඟයට හා ක්‍රීඩාංගණ හිඟයට විසඳුම් ලබාදීමටත් සුදුසු සැලසුම් සකස් කර ඇති බැවින් ක්‍රීඩා ගුරුවරුන්ගේ මෙතෙක් ක්‍රියාත්මක වූ පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා වූ සේවා කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා වන අයුරින් වෙනස් කිරීමටද අදහස් කර ඇති බවය

2014/01/31
New
 විශ්‍රාම ලබන සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට අපගේ ගෞරවනීය උපහාරය

     සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. අබේසිංහ  මහතා සබරගමුව පළාතේ අධ්‍යාපනය   ඉහළ නැංවීමටත් ක්‍රීඩා අංශයෙන් ජාත්‍යන්තර තරග ජයග්‍රහණ පවා ලබා දීමටත් හැකි වූ සංවිධාන ශක්තියක් ඇති සබරගමුව පළාතෙන් බිහි වූ අති විශීෂ්ට නායකයෙකි.  එතුමා රාජ්‍ය  සේවයෙන් විශ්‍රාම ලබන අද දින එතුමාට සබරගමුව පලාත් පාසල් ක්‍රීඩා අංශයේ   ගෞරවය මෙසේ පුද කර සිටිමු. 

 2014/01/21
හෙල්ල වැදී තුවාල ලැබූ ගයාන් නැවතත් පාසලට
  මුළු රටේම අවධානයට ලක්‌වූ පනාමුර මහා විද්‍යාලයේ හෙල්ල වැදී තුවාල ලැබූ කේ. එච්. ගයාන් මධුසංඛ ශිෂ්‍යයා 21 දින සුවය ලබා පාසලට පැමිණි අතර විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්‌ඩලයත් සහෝදර සිසුන්ද මහත් ආදරයකින් ඔහු පිළිගන්නා ලදී.
ඉතා හැඟීම්බර අවස්‌ථාවක්‌ වූ එම අවස්‌ථාවේදී විදුහල්පති බී. එච්. Æණසිරි මහතා පැවසුයේ පසුගිය දින කිහිපයේ බෝධි පූජා පවත්වමින් ගයාන්ට සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාටම විද්‍යාලය වෙනුවෙන් ස්‌තුති කරන බවත් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් කිහිප දෙනකු සිසුවාට ආධාර උපකාර කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්ය.

 

  2014/01/15
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගවලදී පූර්ණ ජය හිමි කර ගැනීමට කෑගලු විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සමත්වූ අතර, බම්බලපිටිය ශාන්ත පීතර, දෙහිවල ශාස්ත්‍රානන්ද, මොරටු විද්‍යාලය, හා පන්නිපිටිය ධර්මපාල යන කණ්ඩායම් පළමු ඉනිමේ ජය ලැබීමට සමත්වූහ.

කෑගලු විද්‍යාලය _ කරන්දෙණිය ම.ම.වි.                                                                                 

කෑගලු විද්‍යාලය පළමු ඉනිම _ 256 (පුබුදු අමරසේකර 80)
කරන්දෙණිය පළමු ඉනිම _ 146 (පුබුදු අමරසේකර 4/38)
කරන්දෙණිය දෙවැනි ඉනිම _ 184 (තාරුක විජේතුංග 4/42)
කෑගලු විද්‍යාලය දෙවැනි ඉනිම _ 75/3
කෑගලු විද්‍යාලයට කඩුලු 7ක ජයක්.


2014/01/11
්‍රීඩා ගුරුවරයාට එරෙහිව නඩු පවරනවා
- පොලිසිය කියයි

හෙල්ලයක්‌ මුහුණ පසාරු කරගෙන යැමෙන් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින ඇඹිලිපිටිය පනාමුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. එච්. ගයාන් මධුශාන් ශිෂ්‍යයාගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
තුවාල ලැබූ සිසුවා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ඇසක්‌ අසලින් මුහුණට ඇතුළු වී තිබූ හෙල්ලය පෙරේදා (09 දා) සැත්කමකින් ඉවත් කෙරුණු අතර සිසුවා මේ වන විට ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඔහු පියවි සිහියෙන් පසුවන බව වෛද්‍ය ජාසිංහ මහතා කීවේය.


2014/01/10
අපගේ සුභ පැතුම් ( ඔබ මෙතෙක් කල සේවය අගය කිරීම )
රත්නපුර ඇලපාත ම.වි ක්‍රීඩා උපදේශක නන්දන සිසිර කුමාර මහතා  නිවිතිගල අධ්‍යාපන කලාපයේ අයගම කොට්ඨාශයේ ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක ලෙස වැඩ භාර ගැනීම අද දින සිදු වුණා. සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරග සංවිධානය කිරීමේදී  පුරෝගාමීව කටයුතු කරන අතර එම සියලුම කටයුතු මුල් වරට පරිඝණක ගත කිරීම හා වෙබ් අඩවිය සකස් කිරීමේදී නිවැරදි තොරතුරු ලබාදීමත් අගය කල යුතුය.නන්දන සිසිර කුමාර මහතාගේ ඉදිරි ගමන සාර්ථක වී පළාතේ ක්‍රීඩා කටයුතු නැංවීමට වාසනාව ධෛර්ය ලැබේවා. 

2014/01/09
ඇඹිලිපිටිය පනාමුර මහ විදුහලේ ශිෂ්‍යයාගේ ඇස ළඟ හිල් කරගෙන   හෙල්ලය සිරුරට ඇතුළු වෙයි (ඉක්මන් සුවය ලැබේවා )



හෙල්ලයක්‌ ඇස අසලින් වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ඇඹිලිපිටිය, පනාමුර මහා විද්‍යාලයේ කේ. එච්. ගයාන් මධුශාන් ශිෂ්‍යයා විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම් පහක්‌ යොදවා විශේෂ ශල්‍ය කර්ම කිහිපයකට භාජන කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

මෙම දරවාගේ ඇස අසලින් හෙල්ලය ඇතුළුවී හකු හරහා සුෂුම්නාව දෙසට ගොස්‌ තිබූ බවත් සිදුකළ සාර්ථක සැත්කමකින් පසු හෙල්ල ඉවතට ගත් බවත් අධ්‍යක්‍ෂවරයා කියා සිටියේය.
දරුවා බේරා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම් පහ සහ වෛද්‍ය කාර්ය මණ්‌ඩලය උපරිම උත්සාහයක නිරතව සිටින බවද අධ්‍යක්‍ෂවරයා ඊයේ (09 වැනිදා) රාත්‍රි "දිවයින"ට කියා සිටියේය.
ඇඹිලිපිටිය පනාමුර මහ විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන කේ. එච්. ගයාන් මධුශාන් සිසුවා ඊයේ (09 දා) විදුහලේ ක්‍රීඩා පුහුණුවීම් වල නිරතවෙමින් සිටියදී හෙල්ලය වැදීමෙන් බරපතළ තුවාල ලබා මුලින්ම ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
සිසුවාගේ වම් ඇසට මදක්‌ පහළින් හෙල්ලය ඇනී ඇතුළට කි¹ බැස තිබේ. සිසුවා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මූලික ප්‍රතිකාර කටයුතු සිදුකර හෙල්ලයේ කොටසක්‌ කපාදමා සිරුරට ඇතුල්ව තිබූ කොටසද සමඟින් කොළඹ ජාතික රෝහල වෙත එවනු ලැබිණි.
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම් පහක අධීක්‍ෂණය යටතේ මෙම සැත්කම සිදු කර තිබේ.
වෙනත් සිසුවකු එල්ල කරන ලද හෙල්ලය මෙම සිසුවාට වැදී ඇති අතර, අනතුරට පත් සිසුවා වෙනත් සිසුන් හෙල්ල විසිකරන දුර මැනීමේ නිරතව සිට තිබේ.
මෙම දරුවාගේ තවත් ශල්‍ය කර්මයක්‌ ඊයේ (09 වැනිදා) රාත්‍රි "දිවයින" පුවත්පත මුද්‍රණයට යන විටත් සිදුවෙමින් තිබූ අතර එය පැය කිහිපයක බැරෑරුම් ශල්‍යකර්මයක්‌ යෑයි ද රෝහල් අධ්‍යක්‍ෂවරයා කියා සිටියේය.

 .................................................................................................................................................
සබරගමු පළාත් පාසල් ක්‍රීඩා තරග හා 2014 වර්ෂයේ ශාරීරික අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ද චක්‍ර ලේඛණය මේ වනවිටත්  පාසල් වලට යවා ඇති අතර වැඩි තොරතුරු සදහා  2014 වෙබ් අඩවිය  බලන්න
වැඩි තොරතුරු සදහා 2014 වෙබ් අඩවිය බලන්න මෙතන ක්ලික් කරන්න

..................................................................................................................................................

2013/12/14 
දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඉදිරියට ගෙනඒම සඳහා අතිගරු ජනාධිපති  මහින්ද රාජපක්ෂ ලබාදෙන මගපෙන්වීම ප්‍රශංසනීය බව, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න අවධාරණය කරයි.
‘හොඳම දේ දරුවන්ට’ යන සංකල්පය වඩාත් අර්ථවත් කරමින් ජනාධිපතිතුමා යටතේ ක්‍රීඩාව සඳහා අලුත් මානයක් ලැබි ඇතැයිද කංචන ජයරත්න අවධරණය කරයි.ඩී.එස්.අයි. සමස්ත ලංකා වොලිබෝල් ශූරතාවලියේ 14 පහළ බාලිකා තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගත්, රත්නපුර රත්නාලෝක මහා විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමට උපහාර පිදීම සඳහා පසුගියදා එම විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවට සහභාගි වෙමින් කංචන ජයරත්න මැතිතුමා මේ බව සඳහන් කළේය.
 ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් ක්‍රීඩාව වර්තමානයේ සැලකිය යුතු ලෙස ඉදිරියට පැමිණ ඇති බවත්, කලක් වොලිබෝල්  ක්‍රීඩාව පසුබෑමකට ලක්ව තිබූ බවත්. ඉතිහාසයේ කවරදාකවත් නොවූ ලෙස  වොලිබෝල් ක්‍රීඩාව සමාජය තුළ ප්‍රචලිත කිරීමට හැකිවූ බවත් කංචන ජයරත්න පැවසීය. 
 අඩුපාඩුකම්  යටතේ  ක්‍රීඩා  කරන රත්නපුර රත්නාලෝක මහා විද්‍යාලයේ 14 පහළ බාලිකා වොලිබෝල් කණ්ඩායම, සමස්ත ලංකා කිරුළ හිමිකර ගැනීම සෙසු විද්‍යාලවලට ආදර්ශයක් බවද කංචන ජයරත්න වැඩිදුරටත් කීය.මෙම උපහාර උළෙ‍ලේදී රත්නාලෝක මහා විද්‍යාලයේ 14 පහළ වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු වන පුස්සැල්‍ලේ පඤ්ඥාලෝක  හිමියන්ටද විශේෂ උපහාරයක් පිරිනැමීය. 
එමෙන්ම ශූරතාව හිමිකරගත් කණ්ඩායමට ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කළ අතර සමස්ත  විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදී.මෙම  අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී අලගියවන්න, විද්‍යාලයේ විදුහල්පති ඩබ්. නිමල් කරුණාසේන ඇතුළු විද්‍යාලයේ ගුරුවරුන්, පාස‍ලේ සිසු දරුදැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
                                                   http://www.rivira.lk/edition/images/2013/12/14/nation.jpg


 2013/12/06            
                                        රත්නාලෝක වොලිබෝල් ක්‍රීඩිකාවන්ට උපහාර

 
14න් පහළ
බාලිකා අංශයේ ශූරතාව රක්‌වාන රත්නාලෝක විදුහල

පසුගියදා නාවලපිටියේ පැවැති ඩී.එස්.අයි. සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලියේදී අවුරුදු 14න් පහළ 2013 සමස්ත ලංකා වොලිබෝල් ශූරතාව දිනාගත් රත්නපුර, රක්වාන, රත්නාලෝක මහා විද්‍යාලයේ 14න් පහළ වොලිබෝල් කණ්ඩායමට උපහාර පිදීමේ උත්සවයක් දෙසැම්බර් 06 වැනි දින එම විද්‍යාලයේදී පැවැත්වේ.


සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම උපහාර උත්සවයට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හා රක්වාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා සහභාගි වීමට නියමිතය.
මෙම වොලිබෝල් කණ්ඩායම ජාතික තලයට ගෙන ඒම සඳහා කැපවීමෙන් කටයුතු කළ පූජ්‍ය පුස්වැල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේටද එදින විශේෂ උපහාරයක් පිරිනැමේ.

....................................................................................................................................................

ජන සෙවනින් ලැබූ අස්වැසිල්ල

රන් පදක්කම් දිනුමට හේතුවක් - ශිවන්ති කුමාරි  (සබරගමුව පලාතේ කෑගල්ල දිසත්‍රික්කය)

thar1ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා 2013 ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිකර දීමට ජනසෙවන වැඩ සටහන විශාල ශක්තියක් වූ බව රන්පදක්කම්ලාභී ශිවන්ති කුමාරි ක්‍රීඩිකාව පවසයි. පසුගියදා ඉන්දියාවේ පැවැති දෙවැනි දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වශයෙන් නියෝජනය කළ ශිවන්ති කුමාරි මීටර් 400 තරඟ ඉසව්වෙන් හා මීටර් 400 X 4 සහය දීවීමේ ඉසව්වෙන් රන් පදක්කම් දෙකක් දිනා සිය කණ්ඩායම ද සමඟ දිවයිනට පැමිණීමෙන් පසු මේ බව ප්‍රකාශ කළාය. 2012 පැවැති 15 වැනි ආසියාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 400 ඉසව්වෙන් ද රන් පදක්කමක් දිනා ගන්නට ශිවන්ති කුමාරි ක්‍රීඩිකාවට හැකි විය. රඹුක්කන ඉතා දුෂ්කර ප්‍රදේශයක ජීවත් වූ තමන් එම ජයග්‍රහණය හිමි කර ගත්තේ විවිධ බාධක දුක් කම්කටොලු, ආර්ථික අපහසුතා මධ්‍යයේ බව ශිවන්ති කුමාරි පවසයි.
thar2
සිය අඟහිඟතා දැනගත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය ‘ඕෂන් විව්’ සංවර්ධන ආයතනය හරහා නව නිවසක් ඉදිකර ගැනීමට රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් ප්‍රධානය කළ බවත්, අන්තර්ජාතික මට්ටමින් මෙවර ජයග්‍රහනය ලබා ගැනීමට එම උපකාරය තමන්ට විශාල අස්වැසිල්ලක් වූ බවත් ශිවන්ති කුමාරි ක්‍රීඩිකාව පවසයි.

....................................................................................................................................................
2013/11/30
ශ්‍රී ලංකා පාසල් තයිකොන්ඩෝ සංගමය මෙහෙහෙය වූ සමස්ත ලංකා පාසල් තයිකොන්ඩෝ-2013  තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසැල විසින් දිනා ගන්නා ලදී.
                                     
 

2013/11/29

ශිවන්ති සහ රුමේෂිකාට සබරගමුවෙන් උපහාර
                      
.ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්‌කම් දිනා දුන් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ශිවන්ති කුමාරි රත්නායක සහ ආර්. එම්. රුමේෂිකා කුමාරි රත්නායක යන ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ හා තිළිණ ප්‍රදානය කිරීමේ උළෙලක්‌ ඊයේ එම විද්‍යාලයේදී පැවැත්විණි.
මේ අතර ශිවන්ති කුමාරිට මුදල් ත්‍යාග වලට අමතරව කෑගල්ල නගර සභා ක්‍රීඩාංගණයට යාබදව පර්චස්‌ 10 ක ඉඩම් කොටසක්‌ ද රජය ලබාදීමෙන් පසු ඊට අදාළ හිමිකම් පත ඇයට ප්‍රදානය කිරීම ඊයේ සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා අතින් සිදුවිය. කෑගල්ල නගර මධ්‍යයේ ඇති මෙම ඉඩම් කොටස රුපියල් තිස්‌ ලක්‍ෂයක්‌ පමණ වේ. මෙම මුදල් තිළිණයට අමතරව ඔවුන් දෙදෙනා සඳහා මසකට රුපියල් දහස බැගින් වටිනා පෝෂණ දීමනා දෙකක්‌ ද මහීපාල හේරත් ජන සහන පදනමින් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාරිනී කේ. ඩී. නන්දාවතී මහත්මියට විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් මුදල් පරිත්‍යාගයක්‌ ද පිරිනමන ලදි.
ඊයේ පැවැති උපහාර උළෙලේදී ශිවන්ති සහ රුමේෂිකා ත්‍යාග ලැබීමෙන් අනතුරුව ප්‍රධාන ඇමැතිවරයා සමඟ ඡායාරූපයේ දැක්‌වේ   

....................................................................................................................................................

 2013/11/11
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2013 -ඉන්දියා
සබරගමුවෙන් විශිෂ්ඨ දක්ෂතා

ඉන්දියාවේ ‘රංචි’ නගරයේදී අද (12) නිමාවට පත්වූ දෙවැනි දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් දිනාගැනීමට සමත්විය. 

දකුනු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම  පදක්කම් ලබා දීමට සබරගමුව පළාත නියෝජනය කරමින් සහභාගි වූ  

කාන්තා කණ්ඩායම් නායිකා රන් පදක්කම
 ශිවන්ති කුමාරි රත්නායක  මීටර් 400 ඉසව්ව ත. 56.87 කින් සිය තරගය නිම කරමින් ද 
 මීටර් 400 බාලිකා සහය තරගයේදී රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ වත්සලා කුමාරි,රන් පදක්කම
  
රත්නපුර සීවලී ම.ම.වි සමිත් ලක්මාල් රන් පදක්කම් දෙකක්
මීටර් 100*4    රන් පදක්කම්
මීටර් 400*4    රන් පදක්කම්

රිදී පදක්කම
මීටර් 110 කඩුලු පැනීම තත්පර 14.41කින්  රිදී පදක්කම රත්නපුර කුමර විදුහලේ මලින් උදය කුමාර විසින් දිනා ගැනීම


ලෝකඩ පදක්කම
කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහලේ රුමේෂිකා රත්නායක මීටර් 100 බාලිකා ඉසව්ව ත. 12.23 කින් නිම කරමින් ලබා ගැනීමද
රත්නපුර ප්‍රින්ස්‌ විදුහලේ මලිත් උදයකුමාර දුර පැනීම බාලක 
කෑගල්ල ශා. ජෝසප් බාලිකා විදුහලේ රුමේෂිකා කුමාරි රත්නායක මීටර් 200 බාලිකා (ත. 25.23)

 පදක්කම් සටහන
 රට               රන්   රිදී   ලෝකඩ
ඉන්දියාව        20   20        12
ශ්‍රී ලංකාව       10    10        14
බංග්ලාදේශය   -      -          03
පාකිස්තානය    -      -          01
මාලදිවයින      -      -           -
භූතානය          -      -           -



වැඩි තොරතුරු ඉදිරියට බලාපොරොත්තු වන්න*************

....................................................................................................................................................

2013/11/10
ඩී. එස්‌. අයි. සුපර් ස්‌පෝර්ට්‌ස්‌ පාසල් වොලිබෝල් තරගාවලිය
සබරගමුව පළාත ලැබූ ජයග්‍රහන
 
 ඩී.එස්‌.අයි සුපර් ස්‌පෝර්ට්‌ස්‌ පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග අරඹමින් පෙරේදා පැවැති 14න් පහළ තරගවලදී බාලිකා අංශයේ ශූරතාව රක්‌වාන රත්නාලෝක විදුහල විසින්ද
 වයස අවුරුදු 16න් පහළ වයස්‌ කාණ්‌ඩයේ බාලිකා තරගයේදී අවසන් මහා තරග සඳහා ආධුනික කණ්‌ඩායමක්‌ වූ කෑගල්ල ගලිගමුව විදුහල ගියවර ශූරියන් ලෙසින් මෙම තරගයට පිsවිසි ප්‍රතිවාදී ඇහැලියගොඩ ධර්මපාල විදුහල පරාජය කරමින් කැපී පෙනෙන ජයක්‌ ලැබුවේය.
සීදුව දවිසමර සහ රුවන්වැල්ල රාජසිංහ විදුහල් අතර පැවැති 16න් පහළ බාලක තරගයේදී පළමු වටය 25/22 ක්‌ ලෙස ජයගැනීමට දවිසමර පිළට හැකිවුණිද එහි දෙවැනි, තෙවැනි සහ සිව්වැනි තරග වට පිළිවෙලින් ලකුණු 25/23, 25/14 සහ 25/23 ක්‌ ලෙසින් ජයගෙන බලාපොරොත්තු නොවුණු තරම් පහසුවකින් ශූරයන් බවට පත්වීමට රාජසිංහ පිළට හැකිවිය.



14න් පහළ
බාලිකා අංශයේ ශූරතාව රක්‌වාන රත්නාලෝක විදුහල
16 න් පහළ බාලිකා අනු ශූරතාවයඇහැලියගොඩ ධර්මපාල විදුහල
 16 න් පහළ බාලිකා ශූරතාවය කෑගල්ල ගලිගමුව විදුහල
16 න් පහළ බාලක ශූරතාවය රුවන්වැල්ල රාජසිංහ විදුහල
  

විශේෂ දක්‍ෂතා සඳහා සම්මාන ලැබුවෝ

 14න් පහළ බාලිකා

දක්‍ෂතම පන්දු ඔසවන්නිය- මනෝර් හර්ෂිකා (රක්‌වාන රත්නාලෝක විදුහල)

දක්‍ෂතම ප්‍රහාරිකාව- උදේශිකා මනෝහාරී (රක්‌වාන රත්නාලෝක විදුහල)

 16 න් පහළ බාලිකා

දක්‍ෂතම පන්දු ඔසවන්නිය - සුනේත්‍රා ප්‍රියදර්ශනී (කෑගල්ල ගලිගමුව විදුහල)

දක්‍ෂතම ප්‍රහාරිකාව - චමිලා සංජුලා (ඇහැලියගොඩ ධර්මපාල විදුහල)

දක්‍ෂතම ක්‍රීඩිකාව - නිමේෂිකා සෙව්වන්දි (කෑගල්ල ගලිගමුව විදුහල)




16 න් පහළ බාලක

දක්‍ෂතම ප්‍රහාරකයා - කාවින්ද සඳකැළුම් (රුවන්වැල්ල රාජසිංහ විදුහල)

දක්‍ෂතම ක්‍රීඩකයා - රවිශාන් ගුණරත්න (රුවන්වැල්ල රාජසිංහ විදුහල)

....................................................................................................................................................

 2013/11/12

පාසල් කබඩි තරගාවලියේ දී මාවනැල්ලෙන් වැඩි දස්කම්


ශ්‍රී ලංකා පාසල් කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සහය ඇතිව සංවිධාන කළ සමස්ත ලංකා පාසල් කබඩි තරගාවලියේ වැඩි දස්කම් දැක්වීමට මාවනැල්ලෙන් තරගාවලියට එක්වු කණ්ඩායම් සමත්විය.
 මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය අවු.18න් පහළ බාලිකා ශූරතාව, 14න් පහළ බාලිකා ශූරතාව හිමිකරගත් අතර
මාවනැල්ල රිවිසඳ විදුහල් ක්‍රීඩා සමාජයද 20න් පහළ බාලිකා අනුශූරතාව හිමිකර ගත්තේය.
කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය  14න් පහළ  බාලක ශූරතා දිනාගත් අතර


උතුරු නැ‍ඟෙනහිර ඇතුළු සියළු පළාත් නියෝජනය කරමින් බාලක කණ්ඩායම් 28ක් හා බාලිකා කණ්ඩායම් 15ක් එක්වු තරගාවලිය පසුගියදා රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සමස්ත ලංකා කබඩි සම්මේලනයේ සභාපති සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා අතින් සිදු කෙරිණි. මේ අවස්ථාවට සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) උපසාර අලහකෝන් ,මහතා රුවන්වැල්ල ප්‍රාදේශීය සභා සභාපති සුදත් මංජුල මහත්වරුන්ද එක්වුහ.

.....................................................................................................................................

2013/10/06

 සමස්‌ත ලංකා පාසල් මලල ක්‍රීඩා 2013


මලල ක්‍රීඩා සමස්‌ත ශූරතාව

බස්‌නාහිර පළාත ලකුණු 1088 යි.

අනු ශූරතාව

සබරගමුව පළාත ලකුණු 537 යි.



  සබරගමුව පළාතේ ජයග්‍රහන
විසිකිරීමේ ඉසව් දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව-ඒ.ඒ.සෙයියදු (කවපෙත්ත විසිකිරීම මී.52.82 රත්නපුර සසෙක්ස් ජාත්‍යන්තර පාසල) 

කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී   අනුරාධ විදුසංක මීටර් 400 කඩුලු පැන දිවීමේ කාලය තත්පර 54.44 ක් ලෙස සටහන් කළේ නව පාසල් තරග වාර්තාවක් පිහිටුවමිනි.

 17න් පහළ කාන්තා මීටර් 400 කඩුලු පැන දිවීමේ මුලික වටයේ තරගයකදී කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකාවේ එස්.කේ.අබේරත්න විනාඩි 1:05.50 නව තරග වාර්තාව පිහිටුවනු ලැබුවාය

අවුරුදු 19න් පහළ දුර පැනීමේ තරගයේදී රත්නපුර ප්‍රින්ස් විදුහලේ උදය කුමාර මීටර් 7.38කින් නව තරග වාර්තාවක්
 
19න් පහළ බාලක ශූරතාව-මීගමුව මාරිස් ‍ස්ටෙල්ලා වි. (ලකුණු 46), වෙන්නප්පුව ජෝශප් වාස් ම.ම.වි./රත්නපුර කුමර වි. (ලකුණු 34), බාලිකා ශූරතාව-වලල ඒ රත්නායක ම.ම.වි. (ලකුණු 75), රත්නපුර සුමනා බා.ම.වි. (ලකුණු 70)
 
මලල ක්‍රීඩා බාලිකා සමස්ත ශූරතාව- රත්නපුර සුමනා බා.ම.වි (ලකුණු 184),

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය-2013

වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා මැතිව් අබේසිංහ ක්‍රීඩිකාව කෑගල්ලේ ශිවන්ති කුමාරී රත්නායක

දක්ෂතම ක්‍රීඩිකාව වු සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ශිවන්ති කුමාරී රත්නායක ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 හා 400 රන් පදක්කම් දිනාගත් අතර ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා පිලේ නායිකාවද වුවාය. ඇය සමග මේ සම්මානයට තියුණු සටනක නිතර වුයේ කොළඹ විශාඛා විදුහලේ බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිළිණි හෙන්දහේවා හා ආසියානු ජාත්‍යන්තර පාසලේ පිහිනුම් ක්‍රීඩිකා මිචිකෝ රහීම්ය.

 
මෙම වසරේදී අන්තර් ජාතික පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ප‍්‍රදානය කිරීම

දෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේදී මීටර 110 කඩුලූ රිදී පදක්කමක් දිනා ගැනීම වෙනුවෙන් 

අකිල රවිශංකට (රත්නපුර සීවලී ම.ම.වි. ) රුපියල් 750,000 

මලල ක‍්‍රීඩා පුහුණුකරු 

කේ.එන්.අයි. ජයසිංහ මහතාට (රත්නපුර සීවලී ම.ම.වි. ) රුපියල් 180000 ක්

 ........................................................................................................

 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 6ක්

2වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල යටතේ සබරගමුවට ජයග්‍රහන දෙකක්
අපේ කාලයේ වීරයා
සීවලී පුතු තම ගුරු පියාණන් නමදිමින්





ආසියානු කළාපයට අයත් රටවල් 44 ක යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් (වයස අවු( 14-18) 2500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දැන් ක්‍රියාත්මක 2 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ

රත්නපුර සීවලි මැදි මහ විදුහලේ අකිල රවිසංඛ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය යටතේ මීටර 110 කඩුලු ඉසවුව ත.13.99 කින් නිම කොට අදාළ රිදී පදක්‌කම දිනා ඇත. 

වැඩි විස්තර
 අකිල රවිශංඛ ගැන දැන ගන්න නම උඩ ක්ලික් කරන්න



 


කෑගල්ල ශා. මරියා විදුහලේ අනුරාධ විදුසංඛ මීටර 400 කඩුලු ඉසවුව ත. 54.5 කින් නිම කරමින්ද අදාළ ලෝකඩ පදක්‌කම දිනා ගැනීමට සමත්වූහ.
 වැඩි තොරතුරු දැන ගන්න
මෙතන ක්ලික් කරන්න

2013
All the school Kabaddi tournament 2013  ruvanvellai generally began in the playground .



2013/05/26
 ලෝක චෙස් ලෑල්ලේ පුංචි රැජින සබරගමුවෙන්
ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලියේ වයස අවුරුදු 7 න් පහළ ලෝකඩ පදක්කම කෑගලු බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි රත්නායක ශිෂ්‍යාව දිනාගත්තාය.
ගී‍්‍රසියේ හෙල්සින්කි නුවර මැයි මස 06 සිට 14 දක්වා පැවැති මෙම තරගාවලිය අන්තර්ජාතික චෙස් සම්මේලනය, ලෝක පාසල් චෙස් සම්මේලනය හා ගී‍්‍රසියේ ජාතික චෙස් සම්මේලනය මඟින් සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මඟින් සංවිධානය කළ ජාතික යොවුන් ශූරතා දිස්ත්‍රික් තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනාගත් ඇය, කේවල තරග දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ද දිනා ගත්තාය. ශ්‍රී ලංකා යොවුන් චෙස් තරගාවලියේ වයස අවුරුදු 6 න් පහළ අනු ශූරතාවය ද, එම තරගාවලියේම අධිවේගී තෙවන ස්ථානය ද ලබාගත් ඇය, 2012 වසරේ ජුනි මස පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා චෙස් තරගාවලියේ අවුරුදු 6 න් පහළ ශූරතාවය ද දිනාගත්තාය.
පසුගිය 2012 වසරේ හික්කඩුවේ පවැති ආසියාතික යොවුන් චෙස් තරගාවලියේ වයස අවුරුදු 6 න් පහළ රන් පදක්කම ද, එම තරගාවලියේම අධිවේගී අවුරුදු 6 න් පහළ රන් පදක්කම ද, මොරටුව විශ්ව විද්‍යාලය මඟින් පැවැත්වූ චෙස් තරගාවලියේ වයස අවුරුදු 8 න් පහළ අනු ශූරතාව ද, මහනුවර පැවැති 3 වැනි විවෘත චෙස් ශූරතාවලියේ වයස අවුරුදු 7 න් පහළ සම ශූරතාව ද, 3 වැනි බුද්ධි අන්තර්ජාතික විවෘත චෙස් ශූරතා තරගාවලියේ වයස අවුරුදු 6 න් පහළ ශූරතාවය ද, ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ වයස අවුරුදු 7 න් පහළ අනුශූරතාවය ද හිමිකර ගැනීමට මෙම පුංචි චෙස් ශූරිය සමත් වූවාය.
මෙවර ලෝක පාසල් චෙස් තරගාවලියේදී තරග වට නවයකින් හයක් ජයග්‍රහණය කරමින් හා එක් තරගවටයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරමින් ඇය ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය. එහිදී ඇය අතින් පරාජයට පත්වූවේ අසර්බයිජානයේ බොලරෝඩා ජලා නමැති ක්‍රීඩිකාවකි. මෙම වයස අවුරුදු 7 න් පහළ කාන්තා චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම මර්ත්මෙනිස්ථානයේ එසිසෝවා බාබුල් ක්‍රීඩිකාව ද, රිදී පදක්කම කසකස්ථානයේ කරිබෙකුවා අමීනා ක්‍රීඩිකාව ද හිමිකරගෙන ඇත.
වැඩි තොරතුරු දැන ගන්න
ලෝක චෙස් ලෑල්ලේ පුංචි රැජන දිනිති(මෙතන ක්ලික් කරන්න )



සබරගමුව පළාතට අයත් අධ්‍යාපන කලාප


නිවිතිගල
නිවිතිගල අධ්‍යාපන කාර්යාලය 


රත්නපුර
කෑගල්ල

බලංගොඩ
බලංගොඩ අධයාපන කාර්යාලය 

මාවනැල්ල

දෙහිඕවිට
ඇඕලිපිටිය
කලාප අධයාපන කාර්යාලය- ඇඕලිපිටිය 
                                                                                          
අවශ්‍ය වර්ෂය තෝරා ගෙන වෙබි අඩවියට ඇතුල් වන්න